ඔන්න මචෝ අද අරගෙන ආවා තාක්ෂණය සම්බන්ධ සුපිරිම Y Trend එකක්. සුදාලට මතක ඇතිනම් මීට කාලෙකට කලින් කතා කරපු කොම්පියුටර්ස් කාර් රොබෝලා ගැන අපිට වෙනත් ඕනෑම ක්‍රමවේදයක් හරහා තිබුණෙ හීනයක්. ඒත් මචෝ ඔන්න අපි නොදැනම ඒ හැමදෙයක්ම හැබෑවෙලා ඉවරයි. මේ වෙනකොට ලෝකයෙ අතිශයෙන්ම ජනප්‍රිය AI Chatbots කියන්නෙ එහෙම පිරිසකට. අපි හිමිහිට මේ සීන් කෝන් එක ගලපගමු.
සරලවම කිව්වොත් මචෝ AI Chatbots කියන්නෙ මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන්, අපි කියන දේවල් තේරුම් අරගෙන අදාළ ප්‍රතිචාර දක්වන්න පුළුවන් තාක්ෂණයකට. මේක පරිගණක වැඩසටහනක් විදිහට, රොබෝ කෙනෙක් විදියට හෝ වෙනත් ඕනෑම ක්‍රමවේදයකට අපේ ඉදිරියට එන්න පුළුවන්. අධ්‍යාපනය, සෞඛ්‍ය, වෙළෙඳපොළ වගේම විනෝදාස්වාදය සපයන සේවාවලටත් මේ වන විටAI Chatbot ලා භාවිත වෙනවා.
AI chatbots භාවිතය සුදෝ, පසුගිය වසර කිහිපය තුළ දී සීඝ්රයෙන් වර්ධනය වී තිබෙන තාක්ෂණික ප්‍රවණතාවක් ලෙස තමා සැලකෙන්නෙ. ඇත්තටම මේක මිනිස්සු නොවන මිනිස්සු විදිහට කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන තාක්ෂණික මෙවලමක්. මචෝ පරිශීලකයන් සමඟ සාකච්ඡා කිරීමට සහ විවිධ කාර්යයන් ඉටු කිරීමට මේ වැඩසටහන්වලට පුළුවන්. මේ වැඩසටහන්වල ඉන්න AI Chatbot ලා අපේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා, උපදෙස් දෙනවා, අවශ්‍ය තොරතුරු සපයනවා, වගේ ගොඩක් දේවල් කරනවා.
සමහර විට දැනට සූදාලා AI Chatbots එක්ක වැඩ කරලා නැතුව ඇති. ඒත් අනිවාර්යයෙන්ම ඊළඟ වසර පහ දහය තුළ සුදාලට මේ තාක්ෂණය එක්ක වැඩ කරන්නම වෙනවා. ඒක ගලේ කෙටුවා වගේ කියලා විශ්වාසයි. ඒ නිසා දැනට මේ තාක්ෂණය භාවිත වන ප්‍රධාන අවස්ථා ගැන චුට්ටක් හරි දැනගෙන ඉන්න එක වටිනවා.
ප්‍රධාන වශයෙන්ම මේ වෙනකොට AI chatbots භාවිතය වඩාත් ඵලදායී වෙලා තියෙන්නෙ පාරිභෝගික සේවා (Customer Service) වැඩවලදී තමා. සාමාන්‍ය මනුෂ්‍යයෙක් වගේ නොවුණත් දැනට පේන්න තියෙන විදිහට මචෝ AI chatbots පාරිභෝගිකයන්ට ඉක්මනින් ගුණාත්මක පිළිතුරු ලබා දී ඉහළ හැකියාවක් පෙන්නුම් කරනවා. ඒ නිසාම විශාල සමාගම්, අන්තර්ජාල වෙළෙඳපොළ සහ අන්තර්ජාල සේවා සඳහා AI Chatbots ඉතාම වටිනා බව පැහැදිලියි. හෙට අනිද්දට ලංකාවෙත් වෙළෙඳපොළ තුළ පාරිභෝගික සේවා ලබා ගනිද්දී ඕගොල්ලන්ට AI Chatbot ලා හම්බවුණොත් පුදුම වෙන්න එපා.
අධ්‍යාපනය හා පුහුණුව (Education and Training) කියලා කියන්නෙත් මචෝ මේ වනවිට AI Chatbots ළඟින් වැඩ ගන්න පටන් අරගෙන තියෙන ප්‍රධානම ක්ෂේත්රයක්. සාමාන්‍යයෙන් මචෝ අනාදිමත් කාලෙක ඉඳලා අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීම මිනිසුන් විසින් මිනිසුන්ට සිද්ධ කළා. ඒත් ඒ කතාව දැන් වෙනස් වෙලා තියෙන්නෙ. සුදාලා පොඩ්ඩක් හොයලා බැලුවොත් දැකගන්න ලැබෙයි, අධ්‍යාපන chatbots මගින් ශිෂ්‍යයන්ට සහ පාඨමාලා හදාරන අයට උදව් කරමින්, විභාග තොරතුරු, ගැටලු විසඳුම් හා අමතර උදව් ලබාදෙන අවස්ථා රැසක් අන්තර්ජාලයේ තියෙනවා.
ඔයාලටත් ඔයාලගේ අවශ්‍යතා වෙනුවෙන් මේවා භාවිත කරන්න පුළුවන්. කෘත්‍රිම බුද්ධියත් එක්ක ගොඩනැගුණු මේ වැඩසටහන් හරහා නොමිලේ සේවා ලබාගන්නත් ඔබට හැකියාවක් තිබෙනවා. මෙය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ AI chatbots, නිවැරදිව පැහැදිලි කිරීම, විශේෂ පුහුණු ක්‍රම සහ උපදේශන පහසුකම් සපයනවා මචෝ. ඊළඟට මචෝ අපි ටිකක් පුදුම වෙන, ඒත් ඇත්තටම මේ වෙනකොට සිද්ධවෙන ආතල්ම සීන් කෝන් එකක් තමා, සෞඛ්‍ය සහ වෛද්‍ය උපදෙස් (Healthcare) chatbots භාවිත වෙන්න පටන් ගැනීම. සමහරු නම් කියන විදිහට මේක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. තාමත් කෘත්‍රිම බුද්ධියට මිනිසුන්ට තියෙන සංවේදී බව, සහකම්පනය වගේ දේවල් අත්පත් කරගන්න බැරි නිසා සෞඛ්‍ය ඇතුළෙ මේ කරන වැඩේ නම් ගොඩක් දෙනෙක් අනුමත කරන්නේ නෑ.
ඒත් මචෝ රෝගීන්ට ඔවුන්ගේ ලක්ෂණ, ප්‍රතිකාර ක්‍රම, සාමාන්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා සැලකිය යුතු මට්ටමේ සහයෝගයක් ලබා දෙන්න පුළුවන් AI Chatbots ලා මේ වෙනකොටත් නිර්මාණය වෙලා තියෙනවා. මේවා හරහා සෞඛ්‍ය ක්ෂේත්රයේ නියුතු වෛද්‍යවරුන් ඇතුළු සෙසු අයට සහනයක් සැලසෙන බවක් නොකියා බෑ. ඊළඟට මචෝ වැඩි වශයෙන්ම මේ සීන් කෝන් එක භාවිත වෙන්නෙ විනෝද හා සමාජ මාධ්‍ය (Entertainment and Social Media) වැඩ කටයුතුවලදී. විශේෂයෙන් Gen Z එකේ සෙටාර් එක chatbots මේ සඳහා හොඳින්ම භාවිත කරමින් ඉන්නවා. විවිධ content හදන්න, Memes Videos වගේ දේවල් නිර්මාණය කරගන්නත් අලුත් පරම්පරාව Chatbots සහයෝගය ලබා ගන්නවා.
ඉතින් මචෝ මීට අමතරව ලෝකෙ තියෙන තවත් බොහෝ ක්ෂේත්රවලට මේ අලුත් තාක්ෂණය භාවිත කරන්න පටන් අරගෙන තියෙනවා. ඒත් මචෝ වැඩේ තියෙන්නෙ තාම මූලික අදියරේ. හැබැයි පහුගිය අවුරුදු තුන හතර කාලය බැලුවොත් වර්ධන වේගය අපිට හිතාගන්න බෑ. ඒ නිසා බොහෝ දුරට ඉතාම කෙටි කාලයක් ඇතුළත අපේ දෛනික ජීවිතයේ කොටසක් බවට AI Chatbots පත් වෙන්න නියමිතයි. Entertainment සහ Social Media සඳහා AI chatbots භාවිත කරන්නෙ පරිශීලකයන් සමඟ සබඳතා වැඩි කිරීම, විනෝදය සහ අමතර අත්දැකීම් සැපයීම සඳහායි. උදාහරණ ලෙස, chatbots මගින් social media මංතිර ඇසුරුම් ලබා දීම, trivia games, විනෝද කතා, memes, සහ interactive විඩියෝ chats යනාදිය ලබා දෙනවා. Chatbots පරිශීලක ප්‍රතිචාර ලබාගෙන, ඔවුන්ගේ කැමැත්ත අනුව අන්තර්ගතය නිර්මාණය කරමින්, entertainment apps සහ social media platforms වල විනෝද අවස්ථා වැඩි කිරීමට උදව් කරනවා.
කොහොම වුණත් වාසි විතරක් නෙවෙයි, අවාසිත් මේ දේවල්වල තියෙන බව මතක තියාගන්න ඕනෑ. ලොව පුරා ඇතැම් රැකියා මේ අලුත් තාක්ෂණයේ ආගමනයත් එක්ක අවදානමට ලක්වෙන්න පුළුවන්. ඒ වගේම රැකියාවල ස්වභාවය වෙනස් වෙන්නත් පුළුවන්. වැරදි තොරතුරුත් එක්ක මේ දේවල් සංවර්ධනය වුණොත් සිදුවෙන හානියත් විශාලයි. ඒත් මචෝ එහෙමයි කියලා මේ සීන් කෝන් එක පැත්තකට විසි කරලා දාන්න පුළුවන්කමක් අපි කාටවත් නෑ. හැමෝටම ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නම වෙනවා. අවසාන වශයෙන් ආයෙත් කියන්න තියෙන්නෙ සුදෝ, මේ පිස්සු හැදෙන Y Trend එක ඔස්සේ AI chatbots සමඟ මිනිසුන් මේ තාක් ලෝකයේ ජීවත් වුණු ආකාරය වෙනස් වේවි. අපි මිනිස්සු නොවන, සත්තු නොවන තවත් පිරිසක් එක්ක කතා කරන්න පටන් ගනීවි. අනාගතයේදී විශාල බලපෑමක් ඇති කිරීමට තරම් බලවත් තාක්ෂණයක් දැන් අපේ ඇස් ඉස්සරහ තියෙනවා.
• චමිඳු නිසල්