2017 ජුලි 01 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

හාත්පස ඝන අඳුර 
නුඹේ තරු ඇස් මිසක 
මගේ සිත දුක නිවන 
සඳ ඇබින්දක් කොහෙද 

ඉල්ලාන ආදරය 
ඉකිගසන මගෙ හිතට 
පපුතුරේ හිස හොවන 
රැයක් ඇත්තෙම නැද්ද 

මහපොළොව ඉල්ලන්නේ 
අකල් අසෙනිය වැස්ස 
මගෙ හිතත් ඉල්ලන්නෙ
සොඳුරුතම අාදරය 

කඳුළු දැන් බර වැඩියි 
රතු වෙච්ච ඇස් අගට 
නාඩා ඉන්නම් සොඳුර 
දුක වැඩියි හදවතට 

හැන්දෑවේ අහස අග 
සරණ වැහි ලිහිණියක 
කියන දුක්බර ගීත 
අැහුෙන මට විතරමද

Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00