ඔන්න මේ සතිය අපි Boys ලට විශේෂ Girls ලත් කැමති Fashion Y Trend එකක් ගැන කතා කරන්න හිතුවා මචෝ. මේ මොහොතේ ලෝකයේ ජනප්‍රියම Caps වර්ග ගැන තමයි අපි කතා කරන්නෙ. සරලවම කිව්වොත් මචෝ හිස්වැසුම් ගැන තමා අපි කතා කරන්න යන්නෙ. ජනප්‍රිය හිස්වැසුම් වර්ග, ඒවා භාවිත වෙන්න හේතු, ලංකාවෙ තත්ත්වය, ඔක්කොම ගැන කතාබහ කරන්න අපි හිතුවා.
කැප් එකක් නොදාපු කොල්ලෙක් නම් ලංකාවෙ ඉන්න විදිහක් නෑ. සමහරු ඉතින් මචෝ වයසට ගියත් කැප් පාවිච්චි කරනවා. Cap එක නැතුව ගෙයින් එළියට බහින්නෙ නැති කොල්ලොත් අපේ සෙටාර්වල ඉන්නවා. දැන් දැන් කැප් දාන, කොල්ලො වගේ Fashion කරන කෙල්ලොත් සෑහෙන ප්‍රමාණයක් ලෝකය පුරා දැකගන්න පුළුවන්. ඇත්තටම මචෝ Cap එක කියලා කියන්නෙ Fashion ලෝකයේ වෙනම ආතල් එකක්. හැදුණොත් හොඳ කරන්න බැරි පිස්සුවක්.
මීට කාලෙකට කලිනුත් මේ සීන් කෝන් එක ගැන අපි ඉඳලා හිටලා චූටි චූටි කතාබහ දාලා තියෙනවා. ඒත් සිරාවටම මේ Trend එක සම්බන්ධයෙන් මේ මොහොතේ තියෙන ආතල් එක ගැන අද තමා අපි කතා කරන්න යන්නෙ. 2024 වර්ෂයේ කැපී පෙනෙන Cap Fashion මොනවද? අපි හෙමිහිට බලමු.
සම්ප්‍රදායික තොප්පිකාරයන්ගේ ආතල් එකෙන් මිදිලා, Cap වලට වෙනම ජවයක් ශක්තියක් එකතු කළේ Baseball Caps. විවිධ ලාංඡන, නවීන පාට එක්ක නූතනයේ ආකර්ෂණීයම හිස්වැසුම් මාදිලිය වෙලා තියෙන්නෙ Baseball Caps තමා. මෙහෙම කිව්වම සුදාලා බලයි මේක අමුතු ජාතියේ Cap වර්ගයක්ද කියලා. නෑ මචෝ දැනුත් අපේ කොල්ලො දාන්නෙ ඔය ජාතියෙ Cap තමා. ඒත් ඒවාට කියන්නෙ Baseball Caps කියලවත් අපේ සමහරු නම් දන්නෙ නෑ.
බේස්බෝල් කණ්ඩායමේ ලාංඡනය ගහපු, හිරු කිරණෙන් ඇස් දෙක ආරක්ෂා කරන විදිහට ඉස්සරහට කොටසක් තියෙන මේ Cap නිර්මාණය වුණේ මේ ක්‍රීඩාව වෙනුවෙන්මයි. දහනමවැනි සියවස අග, විසිවැනි සියවස මුල වගේ කාලේ ඉඳලා හිස්වැසුම් භාවිත වෙනවා. අපේ සුදාලා දන්නවා ඇමෙරිකාවෙ තමයි ලොකුම බේස්බෝල් රසිකයන් පිරිසක් ඉන්නෙ. ඒ වගේම ඇමෙරිකාව තමයි කාලෙකට කලියෙන් ලෝකයට අලුත් Fashion Trend අරගෙන ආපු රට. ඉතින් දැන් සුදාලට හිතාගන්න පුළුවන් Baseball Caps ලෝකය පුරා ආගමක් වගේ වෙලා තියෙන්නෙ ඇයි කියලා.
ඊළඟට මචෝ මේ වෙලාවෙ ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය Cap වර්ගයක් තමයි Snapback Caps කියන්නෙ. මේකත් මචෝ බේස්බෝල් කැප් එකේම විකාශනයක් කියලා කිව්වොත් වැරදි නැහැ. ඉස්සරහට ඇවිල්ලා තියෙන කැප් එකේ කොටස පැතලි විදිහට තියෙන මේ ජාතියේ කැප් සුදාලට දැක්ක ගමන්ම අඳුරගන්න පුළුවන්. මේක ජාත්‍යන්තර නාගරික වීදි ඇඳුම් විලාසිතාවක් විදිහට සමහර තැන්වල හඳුන්වනවා අපි දැක්කා මචෝ.
ලංකාවෙත් සිඟිති පාතාලේ චූටි චූටි කොල්ලො වගේම Rap, Hip-hop Music එක්ක ඉන්න කෙල්ලො කොල්ලොත් මේ ජාතියේ Snapback Cap භාවිත කරනවා සුදාලා දැකලා ඇති. ඇත්තටම මචෝ මේකෙ ආරම්භයත් ඇමෙරිකාවම තමා. අසූව අනූව දශකවල ඇමෙරිකන් Hip-hop Artist ලා මේ ජාතියේ කැප් භාවිත කරන්න පටන් ගත්තා. එතැනින් පස්සෙ තමයි ලෝකය පුරා මේවා පැතිරුණේ. කොහොම වුණත් ලංකාවට සීන් කෝන් එක බැහැලා නම් තවම අවුරුදු දහයක් පහළොවක් වගේ තමා වෙන්නෙ. මීට අවුරුදු හත අටකට කලින් මේක ලංකාවෙ පාසල්වල සහ හිරිමල් යෞවනයේ ඉන්න සෙටාර් එක අතර පට්ට Y Trend එකක් වෙලා තිබුණා.
ඊළඟට ආතල්ම කැප් ජාතිය Trucker Caps. ගොඩක් වෙලාවට පාට දෙකකින් විතර කැඩිලා පිටිපස්සෙන් දැල් දැල් වගේ ඔළුවට හුළං වදින්න ඉඩ තියෙන බේස්බෝල් කැප් එකට සමාන කැප්වලට තමයි මෙහෙම කියන්නෙ. ගොඩක් වෙලාවට එළිමහනේ රස්නය වෙලාවට වැඩ කරද්දි ඔළුවට පහසුම Cap වර්ගය තමා මේක. මේ කැප්වල mesh-backed හැඩය, උණුසුම් කාලගුණයට පට්ට වැදගත්.
වැඩිපුරම ගොවීන්, එළිමහන් කම්කරුවන් සහ ට්‍රැක්ටර් රථ රියැදුරන් වගේ අය තමා Trucker Cap භාවිත කරන්නෙ. Gimme Cap, Feed Cap වගේ නමුත් භාවිත කරනවා මේ ජාතියේ කැප් හඳුන්වන්න. ආතල්ම සීන් එක තමයි Baseball Caps Lovers ලා සහ Trucker Caps Lovers ලා අතර තියෙන සීතල යුද්ධය. Trucker Cap කියන නම පවා හැදිලා තියෙන්නෙ ඔය විවාදය නිසා. සුදාලට දැන් තේරෙන්න ඕනෑ Cap කියන්නෙ වෙනම ලෙවල් එකක ආතල් එකක් තියෙන Fashion Trend එකක් කියලා.
මේක නම් මචෝ ටිකක් පරණ මෝස්තරයක්. ඒත් මෑත කාලීනව තරුණයන් අතර මේ සීන් කෝන් එකත් ජනප්‍රියයි. මේ Cap වලට කියන්නෙ Vintage Newsboy Caps කියලා. මේ ජාතියේ කැප්වලට Peaky Blinders hat කියලත් කියනවා. Peaky Blinders කියන පට්ට විදිහට ජනප්‍රිය වුණු TV Series එක ගැන අහලා තියෙනවා නම් ඒකට හේතුව සූදාලට තේරෙයි.
මේක මචෝ ප්‍රධාන වශයෙන්ම බ්‍රිතාන්‍ය විලාසිතාවක් විදිහට තමා හඳුන්වන්නෙ. දහනමවැනි සියවස අග, විසිවැනි සියවස මුල කාලයේ කම්කරු පන්තියෙත් තරුණයන් අතරත් තිබුණු මේ විලාසිතාවට පසුකාලීනව සමාජවාදී සහ විප්ලවීය මොඩලයක් ලැබිලා තියෙනවා. ලංකාවෙ ඉතින් මේ ජාතියේ කැප් වැඩිපුරම භාවිත කරන්නෙ සමාජවාදී ව්‍යාපාරවලට සම්බන්ධ අය. ඒත් මචෝ කොහොම වුණත් මේ වෙනකොට Vintage Newsboy Caps ලෝකය පුරා වෙනම ලෙවල් එකක්.
ඊළඟට මේ වෙනකොට ලෝකයේ ජනප්‍රිය Cap වර්ගයක් තමා Minimalist Caps. මේකත් බේස්බෝල් කැප් එකේම පොඩි එකක් වගේ. හරිම සරල, නවීන, නිර්මාණාත්මක මෝස්තර එක්ක සෞම්‍ය වර්ණ තමා මේ ජාතියෙ කැප් සඳහා භාවිත වෙන්නෙ. වයස් භේදයක් නැතුව ගොඩක් දෙනා මේ ජාතියේ කැප් භාවිත කරනවා. ඇත්තටම මේවා මචෝ Update version.
Statement Cap කියන්නෙත් එහෙම එකක්. ‘මිනිමලිස්ට්’ සහ ‘මැක්සිමලිස්ට්’ විලාසිතා සංයෝග කරගෙනයි මේ Cap නිර්මාණය කරලා තියෙන්නෙ. පසුගිය කාලේ ලෝකය පුරා පැවති Fashion සතිවල මේ ජාතියෙ විලාසිතා ගොඩක් ජනප්‍රිය වුණා.
අපි මේ කතා කළේ මචෝ මේ දවස්වල ලෝකයේ වැඩිපුර ජනප්‍රිය කැප් වර්ග පිළිබඳවයි. හැබැයි ඉතින් තවත් වර්ග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එකිනෙක කතා කරන්න ගියොතින් නම් පොතක් ලියන්න වෙන තරමට කැප් කියන්නෙ වෙනම ආතල් මාතෘකාවක්. හොඳම ජාතිය මොකක්ද කියන එක පිළිබඳව ආතල් ගුටි ඇනගැනීම් කැප් පිස්සො අතර තියෙනවා.
ඇත්තටම මචෝ කැප් එකක් කියන්නෙ හැඟීමක්. ගොඩක් වෙලාවට කැප් එකක් දාන්නෙ විලාසිතාවකට හරි, අවශ්‍යතාවයක් නිසා හරි වෙන්න පුළුවන්. හේතුව මොකක් වුණත් කැප් එකක් ඇතුළෙ වෙනම හැඟීමක් තියෙනවා. දාන කෙනාටත්, බලා ඉන්න අයටත් සමහර වෙලාවට එකම විදිහට ඒ හැඟීම දැනෙනවා. සමහරවිට වෙනස් වෙනවා. මිනිස්සු මිනිස්සුන්ව කියවගන්න කැප් විලාසිතා මැන බලනවා කියන එකත් දැනගෙන ඉන්නම ඕනෑ රහසක්.
• චමිඳු නිසල්