2017 ජුලි 01 වන සෙනසුරාදා

මේ ලෝකේ අමාරුම දේ මිනිස්සු හිනස්සන එක

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79

රජත් - මම ටිකක් ඔබව අපහසුතාවයෙන් ගලවා ගන්න හිතුවා.
අක්ෂය - එහෙම කරන්න එපා. මොකද ඔබ පළවැනි ප‍්‍රශ්නය අහලාම එක මට පෙන්නුවා.
රජත් - ෆිල්ම් 16ක් එක දිගට අසාර්ථකවූ රහස මොකක්ද? එහෙමවෙලත් ඔබ ජනප‍්‍රිය නළුවෙක් වුණා.
අක්ෂය - හැමදේටම වඩා මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රියේ තියෙන සුවිශේෂීම දෙය තමයි ඔබට ඇක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඊට කලින් නියම මනුස්සයෙක් විය යුතුයි. නියමවෙලාවට එන්න  ඕන. නියම වෙලාවට වැඩ කරන්න. නිෂ්පාදකයාගේ පැත්තෙන් හිතලා බලන්න. තමන්ගේ වෘත්තීය ගරුත්වය තියාගෙන වැඩ කළ යුතුයි. එහෙම වුණොත් ඔබට මේ ඉන්ඩස්ට්‍රි එකේදී කිසිම ප‍්‍රශනයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ ගොඩාක් හොඳ හදවත් තියෙන් පිරිසක්. ඔබ ඒ ගැන යහපත්ව බලාගෙන නොහිටියොත් ඔබෙන් එය මඟහැරෙන්න ඉඩ තියෙනවා. මම මගේම අත්දැකීමෙන් කියන්නේ. ගොඩාක් අය ඉහළ ඉඳන් බිමට වැටෙනවා මම දැකලා තියෙනවා. මට ෂුවර් ඔබතුමාත් ඒ අය ගැන දන්නවා. ඔබ වෘත්තීය මට්ටමින් වැඩ කරන්නේ නැත්නම් තමන්ගේ ප‍්‍රඩියුසර්ට අවධානයක් දෙන්නේ නැත්නම්, ඔබ තම්න් ගැන හිස උදුම්මවා ගෙන වැඩ කරනවානම් ඔබ පහතට වැටෙන දවස ඔබටවත් දැනගන්නවත් ලැබෙන්නේ නැහැ.

රජත් - මොන වගේ දේවල්ද කරන්න හොඳ නැත්තේ?
අක්ෂය - වෙලාවට එන්නේ නැතුව ඉන්න එපා. ෆිල්ම් එක හදන එක ප‍්‍රමාද කරන්න එපා. ඔබ හැමදෙයක්ම දන්නවා කියලා හිතන්න එපා. මම කිව්වේ මොනවගේ ෂොට් එකක්ද ගන්නේ කොහොමද කරන්න ඕන වගේ දෙවල් කියන්න අවශ්‍ය නැහැ. ෆිල්ම් එකක් හිට් වෙන්නනම් අවශ්‍ය වෙන්නේ ෆිල්ම් එක .ෆිල්ම් එක නියමිත් කාලයට හදලා ඉවර වෙන්නම ඕන. නිෂ්පාදකයා ෆිල්ම් එකට සල්ලි දානවා නම් ෆිල්ම් එක මාස දෙකෙන්, දෙක හමාරෙන් හදලා අවසන් කරන්න පුළුවන්. ඒක තමයි ෆිල්ම් එකක් හදද්දී ඉතාම වැදගත්මදේ. සමහරැ කියනවා ෆිල්ම් එකක් හදන්න අවුරුදු තුන හතරක් ගතවෙනවා කියලා

රජත් - ඔබ කියන විශිෂ්ට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකම නේද ඇක්ෂන් නළුවෙක් වෙන්න ආව ඔබව කොමඩි නළුවෙක් කළේ.
අක්ෂය - එහෙම කළේ නැහැ. මම එහෙම කළා. කවුරුවත් විකට නළුවෙක් කරන්නේ නැහැ. මම රොමෑන්ටික් චරිත් කළා. ඊට අමතරව දුෂ්ඨ චරිතත් කළා. මම සෑම ජාතියකම චරිත කළා.
රජත් - හැම එකකටම වඩා රඟපාන්න අපහසු මොන චරිතද?
අක්ෂය - මිනිස්සු හිනස්සන එක තමයි ගොඩාක් අපහසුම දේ. මොකද අඬා වැලපෙන්න ඕන නම් ඇස් වලට ඇඟිල්ලෙන් ඇනගෙන හරි කරන්න පුළුවන්. අඬවන එක ගොඩාක් පහසු දෙයක්. මෙහෙම වුණා. අරහෙම වුණා කියලා කිව්වම ඇඬෙයි. ඒත් හිනස්සන එක තමයි ලෝකයේ තියෙන කරන්න අපහසුම දේ. එක අපේ ඉන්ඩස්ට්‍රි එකේ අඳුනගන්නේ නැහැ.
රජත් - කොමඩි (විකට රංගන ශිල්පීන්) කරන අයට සම්මාන හම්බවෙන්නෙත් නැහැ.

අක්ෂය - ඇත්තටම හම්බවෙන්නේ නැහැ. ඒත් මට ගොඩාක් අය මුණගැහුනම අම්මලා තාත්තලා මාව හම්බවුණාම කියනවා මගේ දුව නැත්නම් පුතා ඔබතුමාව දැක්ක ගමන් කෑම කනවා. ඒගොල්ලනට මාව හොඳයි කියලා දැනෙනවානම් මොකක්ක්ද තියෙන ප‍්‍රශ්නය?
රජත් - ඒත් කිසිම වෙලාවක හිතිලා නැද්ද කොමඩි කියලා කරන ඒවා කිසිම වැඩක් නැති ක්ලාස් එකක් නැති ඒවා කියලා. දැන් තියෙන කොමඩි ෆැමිලි එකත් එක්ක එකට වාඩිවෙලා බලන්න බැරි ඒවනේ.
අක්ෂය - නැහැ, මගේ ෆිල්ම් ඔක්කොටම සර්ටිෆිකේට් හම්බවෙලා තියෙනවා පවුලේ හැමෝටම එකට නැරඹිය හැකියි කියලා. මගේ ෆිල්ම්වල කාවවත් අපහසුතාවයට පත්වෙන දේවල් නැහැ. මගේ ෆිල්ම් සැටලයිට්වලිනුත් ගොඩාක් අය නරඹනවා.

රජත් - දැනුත් ඔබට ෆිල්ම් එකක් හැදුවම භය හිතෙනවද? මම කිව්වේ ඔබ එයාර්ලිෆ්ට් ෆිල්ම් එක හැදුවා. ඒක සාර්ථකවෙයිද නැද්ද කියලා ඔබ ගොඩාක් බය වුණා නේද?
අක්ෂය - ඇත්තටම කිසිම බයක් ඇතිවුණේ නැහැ. එයාර්ලිෆ්ට් ෆිල්ම් එක මේක මගේ ෆිල්ම් එකක් කියලා ඉතාම ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් යුතුව මම කිව්වා. මම ප්‍රේක්ෂකයින් ඉදිරියට ගෙනාවේ සත්‍ය සිද්ධියක්. ඒ හේතුව නිසා අපේ එයාර් ඉන්ඩියා එකේ සහ හින්දුස්ථානී හමුදාව විසින් ඒ අතරමං වුණු පිරිස බේරගෙන ආවා. මම මොකටද බයවෙන්නේ. ඒක මගේ නිවසේ ප‍්‍රශ්නයක්
රජත් - මම කිව්වේ ඒ ගැන නෙවෙයි. ෆිල්ම් එක දුවයිද නැද්ද කියලා ඔබ බය වුණා නේද?
අක්ෂය - ඒ ගැනත් බයක් තිබුණේ නැහැ. මට ඉතාම ගෞරවපුර්ව දෙයක් වුණා. ෆිල්ම් එක දුවයිද නැද්ද කියලා මම කිසිම වෙලාවක් හිතුවේ නැහැ.
රජත් - රැස්ටම් ෆිල්ම් එකත් ඒ වගේම දැවැන්ත ෆිල්ම් එකක් වුණා.

අක්ෂය - අනිවාර්යෙන්ම. ඒ ෆිල්ම් එකට බේස් වුණේ ජීවිතයේ පැතිකඩ දෙකක් පිළිබඳව.
රජත් - ඔබට කිසිම සම්මානයක් සම්මන උළෙලකදී හම්බවෙලා නැති වුණාට ඔබට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව ඒ ෆිල්ම් දෙකම් නැරඹුවා නේද?
අක්ෂය - ඔව්. පසුගිය වසරේ හවුස් ෆුල් 02ත් රිලීස් වුණා. ඒකටත් අවෝර්ඩ් (සම්මාන) හම්බවුණා. සමාවෙන්න. රිවෝර්ඩ් (සාර්ථක ප‍්‍රථිඵල) හම්බවුණා. රිවෝර්ඩ් ගැන කිසිම පසුතැවීමක් නැහැ. යහපත් ප‍්‍රතිඵල ගොඩාක් ලැබෙනවා.
රජත් - ඒත් ඔබට හිතෙන්නේ නැද්ද, අවුරුදු 26ක් ගතවුණා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ඇවිත්. ඒත් සම්මාන ලෝකයේ සිනමා විචාරකයින්ගේ ලෝකය තුළ ගරුත්වයක් ලැබිය යුතුයි. ඔබේම කියලා හඳුනාගැනීමක් ඇතිවිය යුතුයි.
අක්ෂය - මට හිතෙන්නේ ඒක එතරම්ම හිතන්න ඕන දෙයක් කියලා. ඒ වෙනුවෙන් සර් මට මගේ මොරාල් එක පහත දාන්න අවශ්‍ය නැහැ. මේක හරිම වැරැදියි. මට මේකට සම්මානයක් ලැබිය යුතුයි. එහෙම හිත හිතා ඉන්න මට අවශ්‍ය නැහැ. සමහර වෙලාවට වයිෆ් නම් (2001 දී ට්වින්කල් ඛන්නා සමගින් ආක්ෂය විවාහ විය) ඔය ගැන කියවනවා. බලන්න මගේ ඩැඩී (රාජේශ් ඛන්නා) දිහා. බලන්න මගේ මමී (ඩිම්පල් කපාඩියා) දිහා. ඒ ගොල්ලොන්ට නැෂනල් අවෝර්ඩ් පවා හම්බවුණා. ඔයාට කිසිම සම්මානයක් නැහැ. එයා කියවන එකනම් මට දැනෙනවා. එහෙම නැතුව ඔබතුමාවත් වෙන කවුරුවත් සම්මාන නොලැබුණු එක ගැන මොනවා කිව්වත් මට ගානක් නැහැ.

(ප්‍රෙක්ෂකයින් අත්පොළසන් දෙනවා)

රජත් - අක්ෂය ඔබ ෆිල්ම් ඉන්ඩස්ටි‍්‍ර එකට යෝග්‍ය නොවන පුද්ගලයෙක් කියන එක තමයි ඔබට  නැගෙන  මීළඟ චෝදනාව. අක්ෂය ඔබගේ ෆිල්ම් සුපර් හිට් වෙනවා. සුපිරි තරුවක්. හැමෝම කැමති ජනප‍්‍රිය තරැවක්. ඒත් ඔබ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ සාමාජිකයෙක් කියලා පේන්නේ නැහැ. ඔබ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකෙන් පිටත කෙනෙක් වගෙයි පේන්නේ.
අක්ෂය - එහෙම කියන්නේ ඇයි කියලා මට පැහැදිලි නැහැ. ඇත්තම කියනවානම් ඔබ කියන්දේ මට තේරුණේ නැහැ.
රජත් - සුපිරි තරු රෑ පුරාම පාර්ටි වලට යනවා. පාන්දර හතර හමාරට ඔවුන් ගෙදරට යනවා. ඔබ පාන්දර හතරට අවදිවෙලා හතර හමාරට වැඩ කරන්න පිටත් වෙනවා.
අක්ෂය - එයාලා රෑ පුරාම වැඩ කරන නිසා කවුරු හරි උදේම නැගිටලා වැඩ කරන්නත්  ඕනනේ. එහෙම ගොඩාක් වෙලාවට වෙලා තියෙනවා. අපි එකිනෙකාට වේව් කරගෙන යනවා. මම ජිම් එකට යනකොට ඔවුන් කොහේ හරි ඉඳලා එනවා තමන්ගේ නිවස පැත්තට.

රජත් - ඔබ ඇයි මේ ගංගාවේ විරුද්ධ දිශාවට ගලන්න හදන්නේ?
අක්ෂය - මට හිතා ගන්න බැහැ මාව මෙහාට ගෙන්නුවේ වැරැදි දේවල් උගන්නන්නද කියලා මට හිතෙනවා.
(ප්‍රෙක්ෂකයින් හිනාවෙමින් අත්පොළසන් දෙනවා. රජත්ටද හිනායනවා)
ඔබ පගා දීලා සම්මාන ගන්න,? වෙලා ගිහින් ගෙදර යන්න,පරක්කුවෙලා නිදියන්න. ඇත්තටම සර් පුංචි කාලයේ ඉඳලා මම පුරුදුවෙලා ඉන්නේ රෑට ඉක්මණින් නිදියගෙන පාන්දරින් අවදි වෙන්නයි. ඒක පුරුද්දක් වෙලා. මම කැමතියි මේ ඉන්ඩස්ට්‍රි එකේ තව ටික කාලයක් වැඩ කරන්න. ඒ නිසා මම ඒ දේවල් ෆලෝ කරනවා ඔබතුමා මොන විදියට ඒක දැක්කත්. මොන විදියට එක අර්ථකතනය කළත් මම කරන්නේ නිවැරැදි දේ කියලා මම දන්නවා. 

(නඩුව ඊළඟ සතියට කල් තැබේ)

►Translation — Chandana waravitage

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00