ඇය රුසියානු සිනමාවට පිවිසෙමින් අන්තර්ජාතික සිනමාවටත්, එමෙන්ම දේශීය සිනමාවටත් උත්කර්ෂවත් රංගනයෙන් දායකත්වය දැක්වූ දීප්තිමත් කලා තාරකාවකි. හරිනි කාව්‍යාංජනී නම් මෙම ආදරණීය කලා තාරකාවිය සිනමා ක්ෂේත්රයේ මෙන්ම නිරූපණ ක්ෂේත්රයේද කැපී පෙනෙන දක්ෂතා දක්වන්නීය. මෙවර හදසර අප කතාබහ කරන්නේ මේ අපූරු තාරකාවියගේ නත්තල් සූදානම පිළිබඳවයි.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
නිරූපණ ශිල්පිනියක් විදිහට සුපුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන යනවා. ඒ අතරතුර වෙළෙඳ දැන්වීම් සහ අලුත් රූප රචනාවකටත් සම්බන්ධ වුණා. ඒ වගේම මේ දවස්වල කෙටි චිත්‍රපටවලටත් දායක වෙමින් ඉන්නවා.
මෙවර නත්තලට ඔබගේ සූදානම මොන වගේද?
නත්තල් කාලය ළං වෙනකොට පරිසරය ගොඩක් වෙනස් වෙනවා. ලංකාවේ වගේම විදේශ රටවලත් නිවෙස් නත්තල් සැරසිලිවලින් අලංකාර කරනවා. හැම සාප්පුවකම, සංචාරක හෝටල්, වෙළෙඳ ආයතන වගේ හැමතැනම සැරසිලි සහ නත්තල් විශේෂාංග දකින්න පුළුවන්. ඒ වගේම පල්ලිවල නත්තල් ගස්, ගවලෙන් හදලා නත්තලේ අසිරියේ හැම කෙනාටම විඳින්න අවස්ථාව සලසා දෙනවා. බටහිර අහසේ පායන නත්තල් තරුව මුළු ලෝකයටම නත්තල් අසිරිය කියාපානවා. ඉතින් මගේ ගෙදරත් නත්තල් ගහ විශේෂයි. හැම අවුරුද්දකම අපේ පවුලේ සියලු දෙනා නත්තල් ගහ හැඩ වැඩ කරනවා. ඒ වගේම ජේසු සමිඳාණන්ගේ පැමිණීම සාමය, ප්‍රේමය, සමාව අරුත් ගන්වනවා.
මෙතෙක් කාලයකට ඔබ සමරපු හොඳම නත්තලේ රසවත් මතක බෙදාගනිමු?
හොඳම නත්තල විදිහට මම මෙතුවක් කල් සමරපු හැම නත්තලක්ම විශේෂයි. හැම නත්තලක්ම රසබර මතකවලින් පිරිලා තියෙනවා. මට කියන්න තියෙන්නෙ,
“මගෙ නත්තල - දුගියා බත් කන දාය..
මගෙ නත්තල - වැරහැලි නැතිවන දාය..
මගේ නත්තල - ඔබේ දුක නැති වෙනදාය..
මගේ නත්තල - පව පල්ලිය යනදාය” කියලයි.
ඉතින් මමත් නත්තල් දවසට මම අරමුණු කර තිබෙන විශේෂ කටයුතුවල යෙදෙනවා. හැබැයි මම ඒ දේවල් ප්‍රසිද්ධ කරන්න කැමති නැහැ. මොකද ජේසුස් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා දකුණු අත කරන දේ වම් අත දැනගන්න හොඳ නැහැ කියලා. මට පුළුවන් විදිහට මගේ නත්තල සමරනවා. මම නිතරම උත්සාහ කරනවා මම සතුටින් ඉන්නවා වගේම අනිත් අයවත් සතුටින් තියන්න.
නත්තලට සූදානම් වන ඔබ අනුගමනය කරන විලාසිතා ගැනත් සඳහන් කතා කරමු?
නත්තල් කාලයට හැඩ වැඩ වෙන්න මමත් සාප්පු සවාරි යනවා. මම කැමති විලාසිතාවලින් ඇඳුම් ගන්නවා. ඇතැම් අවස්ථාවල ‘මැටීරියල්’ අරගෙන මම කැමති විදිහේ අලුත් මෝස්තරවලින් ඇඳුම් නිර්මාණය කර ගන්නවා. එහෙම ඇඳුම් ඇඳලා හැඩ වැඩ වෙලා ලස්සනට උත්සව අවස්ථාවලට සහභාගි වෙනවා.
ඔබ බෞද්ධ කෙනෙක්. නමුත් ඔබ දෙවියන් අදහනවා. ඔබ පන්සලට අමතරව යන අනෙකුත් ආගමික ස්ථාන මොනවාද?
“පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං” පිදිය යුත්තන් පුදන ලෙස බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ගරු කළ යුත්තන්ට ගරු කිරීම ශ්‍රී ලාංකික ජාතියක් විදිහට අපිට අලුත් දෙයක් නෙවෙයි. පෞද්ගලිකව මමත් සෑම ආගමකටම එක වගේ ගරු කරනවා. මුස්ලිම් පල්ලියක් වේවා, කෝවිලක් හෝ කතෝලික පලියක් වේවා, ඒ ගෞරවපූර්ව, පූජනීය හැඟීම පෞද්ගලිකව මට දැනෙනවා. මම කෝවිලට වගේම කොච්චිකඩේ පල්ලියටත් නිතරම යන එන කෙනෙක්.
ආගමික සහජීවනය කියන්නෙ ගොඩක් වටිනා දෙයක්. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
ආගමික සහජීවනය තුළින් අන්තර්පුද්ගල සම්බන්ධතා වර්ධනය වෙනවා වගේම මනුෂ්‍යත්වය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව ලැබෙනවා.
ඒ තුළින් මනුෂ්‍යයන්ගේ ආගමික විශ්වාසයන්ට ගරු කරන්නත්, සාමයෙන් කටයුතු කරන්නත් අපිව පොළඹවනවා. ශ්‍රී ලංකාව වගේ රටක විවිධ ජාතීන් සහ විවිධ ආගම් අදහන පුද්ගලයන් සිටිනවා. අපි සියලු දෙනාටම ගරු කරන්න ඕනෑ. සෑම ශාස්තෘවරයෙක්ම මේ ලෝකයට, මේ විශ්වයට දායාද කරපු දෙයක් තිබෙනවා. ඒ හැමදේකින්ම මනුෂ්‍යත්වය තමයි ඉස්මතු විය යුතු වෙන්නෙ. අපි කරන හොඳ නරක අනුව ඊළඟ ආත්මයේ අපිට විපාක ලැබෙනවා. ආගමික සහජීවනය කියන දේ අපිට හරිම වැදගත්. ලෝකය ගත්තත් අපි හැමෝම මනුෂ්‍ය වර්ගයා වශයෙන් හික්මවන දෙයක් තමයි ආගමික සහජීවනය.
නත්තල වෙනුවෙන් යන සාප්පු සවාරි, චාරිකා, මිතුරු හමු, ගැනත් කතා කරමු?
නත්තලට සාප්පු සවාරි යනවා. යාළුවන් මුණගැහෙනවා. ඒක හරිම විනෝදයි. අපි නෑදෑයන්ට, හිත මිතුරන්ට තෑගි ගන්නවා. නත්තල් සමය කියන්නෙ හරිම ප්‍රීතියෙන් සතුටින් ඉන්න කාලයක්. අපිට තෑගි ලැබෙනවා. අපිත් තෑගි දෙනවා. අපි හැමෝම කැමතියි අපිට තෑග්ගක් ලැබෙනවට, අපිව අගය කරනවට වගේම අපිව කාටහරි මතක් වෙනවට. ඒ වගේම අපි ගොඩක් කැමතියි අපිට ආදරය කරන ආදරණීයන් සමඟ එකට කාලය ගත කරන්න. ඉතින් මම හිතන විදිහට නත්තල් කාලය තමයි ඒ හැමදේටම සුදුසුම කාලය.
නත්තල් උත්සවයේ අාධ්‍යාත්මික පැතිකඩ ගැන ඔබේ අදහස මොන වගේද?
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ හැමෝටම ප්‍රේම කරන්න, ආදරය කරන්න, සමාව දෙන්න කියලයි. ඒක නත්තලට විතරක් සීමා කරන්නෙ නැතුව හැමදාම සමාදානයෙන්, සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනෑ. අපිට හැකි පමණින් අනිත් අයත් එක්ක ආදරය, කරුණාව, ප්‍රේමය, ගෞරවය බෙදා හදාගන්න අවශ්‍යයි. ඒ වගේම අපිට වැරදි කරන අයට සමාව දීලා, අපෙන් යම්කිසි වැරැද්දක් වුණා නම් ඒ හැමදේටම සමාව අරගෙන කටයුතු කරන එන ගොඩක් වටිනවා. ඒක තමයි මම දකින නත්තලේ අාධ්‍යාත්මික පැතිකඩ. මේ කාලයේ හැමෝම තමන්ට හැකි පමණින් නත්තල් ගස් හදලා, උත්සව පවත්වලා සතුටු වෙනවා. අපි යම්කිසි හොඳ දෙයක් කරනවා නම් ජේසු පියාණන් වහන්සේ අපි කරන හැමදේම දකිනවා. නත්තල කියන්නෙ අපි විතරක් කාලා බීලා සතුටුවෙන එක නෙවෙයි. අපිට හැකි පමණින් තව කෙනෙකුගේ දුකට පිහිටක්, හිතට සතුටක් ලබා දෙන එක තමයි නත්තල කියන්නෙ.
ඔබගේ රසික රසිකාවියන්ට සහ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට නත්තලට සුබ පැතුමක් එක් කරමු?
මගේ ආදරණීය රසික රසිකාවියන්ට මෙන්ම ශ්‍රී ලාංකික සහ ලෝකවාසී සියලුම ජනතාවට සිත් සතන් සාමයෙන්, සමාදානයෙන්, සතුටින්, ආදරයෙන් පිරී ඉතිරී යන සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
• මංගලා පවිත්‍රානි