දුලාජ්... මොකද මේ දවස්වල කරන්නේ?
මේ දවස්වල මගේ අලුත් සින්දුවට මහන්සි වුණා. ඒක මම තරම් පිං කෙරු නමින් තමයි හඳුන්වන්නේ. ඒකේ වැඩවලට මේ දවස්වල චුට්ටක් මහන්සි වුණා. ලබන මාසේ ඒකේ විෂුවල් එක බලන්න පුළුවන්. මේ මාසේ එක් අහන්න පුළුවන්.
එතකොට මුලින්ම ඔයාව මිනිසුන් හඳුනගත්තු ඔයාගේ සින්දුව මොකක්ද?
මුලින්ම මම කිව්වේ මේ රාත්‍රියේ කියන මගේම සින්දුවයි. ඒක සරත් ද අල්විස් සර් තමයි සංගීතවත් කළේ. පද රචනය සමන් චන්ද්‍රනාත්. ඒක මම කළේ 2011 අවුරුද්දේ. ඊට පස්සේ ඒ අවුරුද්දේම මම තව සින්දු කීපයක්ම කළා. ඒ හැම ගීතයකටම හොඳ ප්‍රතිචාර ලැබුණා.
ඔය කාලේදීම ඔයා විදෙස් ගත වුණා නේද?
ඔව්... 2012 අවුරුද්දේදී මම සිංගප්පූරුවට ගියා. ඒ මගේ වැඩිදුර අධ්‍යාපනයට. එහෙදි මම මොනාලිසා කියන ගීතය කළා. ඒක වීඩීයෝ කළේත් සිංගප්පූරැවේදී. ඊට පස්සේ මොනාලිසා ගීතයෙන් බොහෝ දෙනෙක් මාව හඳනාගත්තා.
පාසැලේදීත් දුලාජ් සින්දු කිව්වද?
ඔව්... මම ඉගෙන ගත්තේ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ. පාසැලේදී මම හතර වසරේදී සමස්ත ලංකා ගායන තරගයෙන් පළවැනි ස්ථානය දිනාගත්තා. එතනින් තමයි මගේ සංගීත ජීවිතය ආරම්භ වුණේ. මම කතෝලික. ඉතින් වෙන්නප්පුව දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමට මම ගොඩාක්ම සම්බන්ධ වෙලා හිටියා. ඒ දවස්වල කණ්ඩායමේ පියානෝ වාදනය කළෙත් මමමයි.
මේ වෙනකොට දුලාජ් ශබ්දාගාරයක් පවත්වාගෙන යනවා නේද? කොහොමද ඒකේ වැඩ කටයුතු?
මම දැන් වෘත්තියෙන් කලාකරුවෙක්. මම මේ වෙනකොට ගීත ගායනා කරනවාට අමතරව මගේ සංගීත ශබ්දාගාරයක් තියෙනවා. ඒකේ නම DD Entertainment. මේ වෙද්දී ප්‍රවීණ ශිල්පීන් සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒක තියෙන්නේ වෙන්නප්පුවෙයි. ශබ්දාගාරය පටන් ගත්තේ මගේ යාළුවෝ දෙන්නෙක් එක්කයි. ඒ යාළුවෝ දෙන්නා තමයි ක්‍රිස්ටෝ, මාක් කියන්නේ. ඒ දෙන්නාගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. ඒ වගේම මගේ ගෙදරිනුත් ලොකු සපෝට් එකක් ලැබුණා.
ඔය ආපු ගමනේදී නාමන් උඩුගමගේ අපි හමුවීම ගීතයට ඔයා කරපු කවර් වර්ෂන් එකට ගැටලුවකුත් ඇතිවුණා නේද?
ඔව්... ඒක ඇත්ත. සාමාන්‍යයෙන් ගීතයක කවර් එකක් කියන්නේ පේක්ෂකයන් පැත්තෙන් සිදුකරන නර්මාණයක්. ඒකට මුදල් ඉපයීමේ කිසිදු සම්බන්ධයක් නෑ. ඒක ඕන කෙනෙක්ට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කිසිදු මුදලක් උපයන්න බෑ කියලා. ඉතින් මාත් ආසාවට ඒ සින්දුවේ කවර් වර්ෂන් එකක් හදලා මගේ FB එකේ දාලා තිබ්බා. කොහොමහරි මගේ මොකක්දෝ දෙයකට ඒ කවර් එක ජනප්‍රිය වුණා.
ඒකෙන් නාමලේගෙන් දුලාජ්ට ප්‍රශ්නයක් ඇතිවුණා, එහෙම නේද?
ඔව්.. මම හිතන්නෙ නෑ ඒක ප්‍රශ්නයක් ඇතිකරගන්න ඕන කාරණාවක් කියලා. ඒක Cover එකක්. එහෙම දේවල් ජාත්‍යන්තරව ඕන තරම් වෙලා තියෙනවා. ඒ සින්දුවටම You Tube එකේ ඕනතරම් තියෙනවා. ඒත් මගේ එක පස්සෙම එලවන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.
නාමල්ට අසනීප වුණ වෙලාවේ දුලාජ් ඔහු වෙනුවෙන් සින්දු කිව්වා කියන්නේ ඇත්තද?
ඔව්... ඒක ඇත්ත. නාමල් අයියා අසනීප වෙච්චි වෙලාවේ හැම කලාකරුවෙක්ම කලාකාරීයක්ම මේ රටේ බොහෝ පිරිසක් විදෙස් රටවල අය පවා ඔහුට උදවු කළා. ඒ වෙනුවෙන් තිබුණු ප්‍රසංගයට මට ආරාධනා ලැබුණා. මම එදත් ඔහු වෙනුවෙන් සින්දු කිව්වා. උදව්වකරලා ඒ ගැන කියන කැත පුරුද්ද මට නෑ. ඒත්... මේ සිදුවීමත් එකක් මට මම ගැනම හරිම දුකයි.
නාමල් ඔයාට Cover වර්ෂන් එක අයින් කරගන්න කිව්වට පස්සේ ආයෙමත් ඇයි මේ ඒ ප්‍රශ්නය ආයෙත් මතුවුණේ?
ඕන ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේදී මට නාමල් අයියා සුහදව කතා කරලා අයින් කරගන්න කිව්වා. ඊට පස්සේ මම ඒක සුහඳව අයින් කළා. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් වුණේ නෑ. මම ඔය Cover වර්ෂන් එක දාපු ගමන් බොහෝ පිරිසක් ඒක ඩවුන්ලෝඩ් කරගෙන තිබුණා. ඒත් මම අයින් කළාට ඒ ඩවුන්ලෝඩ් කරපු අයගේ ඒවා මට අයින් කරන්න බැහැනේ. ඒක කවුරුහරි ආයෙත් දාලා. ඒක මට කරන්න දෙයක් නැහැනේ. ඉතින් නාමල් අයියා ආයෙත් ඇවිත් මට බැන්නා. මට කෝල් කරලා නාමල් අයියා බැන්නා. FB එකෙත් මට මැසේජ් එවලා තිබුණා. කටහඬ හොඳට අඳුරගන්න පුළුවන්. මට බැන්නේ නාමල් අයියා තමයි. හරි දුකයි. මෙහෙම ප්‍රවීණ කලාකරුවන් නවක අයට මෙහෙම වැරැද්දක් නොකර බණින එක ගැන.
හරි අපූරු ආදරයක් මේ වෙද්දී විඳිනවා කියලා ආරංචියි?
ඔව්... මේ දවස්වල මම හරිම සුන්දර ආදරයක් හොඳටෝම විඳිනවා. ඇය කලාවට සම්බන්ධ නෑ.
කොහොමද ඇය මුණගැසුණේ?
ඇය මට මුණගැහුණේ ගිය අවුරුද්දේ. එයාගේ අක්කාගේ වෙඩින් එකේදී මම සින්දු කියන්න ගියා. ඒ ගියපු වෙලාවේ ලස්සන පුංචි කෙල්ලෙක්ගේ හිත ළඟ මගේ හිත නතර වුණා. දැන් අපි ආදරේ කරනවා. ලබන අවුරුද්දේ බොහෝ වෙලාවට අපි විවාහ වෙනවා. මම විශ්වාස කරනවා එයා මට හොඳ බිරියක් වේවි කියලා.
►Text – Dishani / Pic - Internet