ඔන්න මචෝ අද අපි කතා කරන්න යන්නෙ ඇස් ගැන Y Trend එකක්. සුදාලා දන්නවා fashion ලෝකය ඇතුළේ, ඇඳුම් ආයිත්තම් ඕනෑ තරම් තියෙනවා. හැබැයි ඒ අතරින් මේ අපි කතා කරන්න යන සීන් එක තරමක් වෙනස් එකක් කියලා පොදු පිළිගැනීමකුත් තියෙනවා. හරි මචෝ වැඩිය අගය නොකර කතාවට සෙට් වෙමු. අද කතාව Colored Contact Lenses ගැන. දැනටත් සුදාලා දන්න විදිහට වර්ණවත් ඇස් කාච ලෝකයේ බොහොම ජනප්‍රිය Fashion Trend එකක්.
මචෝ මෑත කාලීනව මේ සීන් එකේ සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. මේකට ඇත්තටම හේතු කාරණා ගොඩක් තියෙනවා. අපි ඒ වගේම හේතු කිහිපයක් ලාවට වගේ බලාගෙන ගියොතින් ඔයාලට තේරෙයි මේ සීන් එකේ තියෙන ආතල් එක. මෙතැන අංක එකේ සීන් එක තමා සමාජ මාධ්‍ය ඉන්ෆ්ලුවන්සර්ස්ලා සහ සිනමා තරු නිතර මේවා පාවිච්චි කරන්න පටන් ගැනීම. ඒ නිසා තරුණ තරුණියෝ සීන් එක Trend එකක් විදිහට පිළිගෙන තියෙනවා.
ඇත්තටම මේ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දේකුත් නෑ. දැන් ඉස්සරට වැඩිය ප්‍රසිද්ධ චරිතවල, Fashion දිහා බලාගෙන ඉන්න සහ Fallow කරන්න එයාලගේ රසිකයන්ට අවස්ථාවක් තියෙනවා. අපි උදාහරණ දෙක තුනක් කිව්වොත් සීන් කෝන් එක ඔයාලට තවත් තේරෙයි. දැන් බලන්න ලෝකයේ කවුරුත් දන්න Lady Gaga. ඇය නිතර විවිධ වර්ණවල ‘කොන්ටැක්ට්’ කාච භාවිත කරනවා. එතකොට ලංකාවේ වගේම ලෝකය පුරා තරුණියෝ පිස්සු වැටිලා ඉන්න BTS කොරියානු K Pop සංගීත කණ්ඩායම. මේ අයත් මියුසික් වීඩියෝ සහ ප්‍රසංගවලදී මේවා පාවිච්චි කරනවා. විශේෂයෙන් Vසහ Jimin.
ඇත්තටම මචෝ මේක අක්ෂි ප්‍රතිකාරයක් විදියට හොයාගත්ත දෙයක්. මීට කාලයකට කලින් අනූව අසූව දශකවල, ඇස් කණ්ණාඩි නොදා කාච පළඳින්න උනන්දුවක් ලෝකය පුරා ඇතිවුණා. මේත් එක්කම තමා වර්ණවත් ඇස් කාච කියන පිස්සු හැදෙන ආතල් Trend එකක් නිර්මාණය වුණේ. මුල්ම වර්ණවත් ‘කොන්ටැක්ට්’ කාච නිර්මාණය කළේ Dr. Raimon Wesley. ඔහු ඒවා සාදලා තියෙන්නෙ 1984 වසරේදී. ඒ කාලේ මේවා හදලා තියෙන්නෙ හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ රංගන ශිල්පීන් වෙනුවෙන් මචෝ.
මේ සීන් එකේ ආරම්භක අවධියේ ප්‍රසිද්ධම සීන් එකක් තමයි, 1989 දී තිරගත වුණු "Batman" චිත්‍රපටයේ Jack Nicholson විසින් Joker චරිතය සඳහා හරිත පැහැති ‘කොන්ටැක්ට්’ කාච පැළඳීම. මේක ඒ කාලේ විශාල කතාබහකට ලක්වුණු දෙයක්. කොහොම හරි මචෝ ඊට පස්සේ, 1990 ගණන්වල මුල් භාගයේදී තමයි සාමාන්‍ය ජනතාවට වර්ණවත් ‘කොන්ටැක්ට්’ කාච ලබාගැනීමේ හැකියාව ලැබුණේ. මේ සඳහා ohnson & Johnson සමාගමේ විශාල දායකත්වයක් තියෙනවා.
මෙහෙම පටන් ගත්ත සීන් කෝන් එක මෑත කාලීනව මෙච්චරම ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි, පහසුවෙන් ‘ඔන්ලයින්’ මාර්ගයෙන් මේවා මිලදී ගන්න පුළුවන් වීම. ඒ වගේම ආරම්භයට සාපේක්ෂව මිල ගණන් සැලකිය යුතු විදියට අඩුවීම. වෛද්‍ය හේතු මත ඇස්වලට කාච දැමීමත්, වර්ණවත් ඇස් කාච භාවිත කිරීමත් මුල් කාලීනව ධනවතුන්ට පමණක් සීමා වුණු දෙයක්. ඒත් වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිවීමත් එක්ක මේ සීන් එක හිතාගන්න බැරි වේගයකින් ජනප්‍රිය වුණා.
අපි හොයලා බලපු තොරතුරුවලට අනුව Colored Contact Lenses සම්බන්ධ වෙළෙඳපොළ වසරකට 8% - 12% වගේ වේගයකින් වර්ධනය වෙනවා. චීනය තමයි මේ වෙද්දි වැඩිපුරම මේවා නිෂ්පාදනය කරන රට බවට පත්වෙලා තියෙන්නෙ. ඊළඟට දකුණු කොරියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය වර්ණවත් ඇස් කාච භාවිතය අතින් සහ නිෂ්පාදනය අතින් ප්‍රමුඛ තැනක ඉන්නවා. විශේෂයෙන්ම ආසියාතික රටවල මේ සඳහා තියෙන වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් වර්ධනය වන බව තමා කියැවෙන්නෙ.
මේ සීන් එකට මෙච්චර අවධානයක් ලැබෙන්න තවත් හේතුවක් තමා ‘කොස්ප්ලේ’ (Cosplay) සීන් එක. අපි මීට කාලෙකට කලිනුත් කතා කළා ඇනිමේ වගේම video games වගේ දේවල් ගැන. පාට පාට ඇස් තමයි ගොඩක් වෙලාවට ඇනිමේ (ජපන් සජීවිකරණ) චරිත, මැංගා (ජපන් කොමික්ස්) චරිතවල දැකගන්න ලැබෙන්නෙ. වීඩියෝ ගේම්ස්වල චරිත දැන් ගොඩක් වෙලාවට එහෙමයි. ඉතින් මචෝ ලෝකයේ අලුත්ම ප්‍රවණතාවයක් තමයි මේ වගේ චරිත අනුකරණය කරමින් ඇඳුම් පැළඳුම් ඇඳීම සහ ජීවත් වීම. ඉතින් මේ Trend එකට ගොඩක් අපි කතා කරන වර්ණවත් ඇස් කාච ඕනෑම වෙනවා. ඒකත් එක හේතුවක් තමයි මේ සීන් කෝන් එක ජනප්‍රිය වෙන්න.
ඊළඟට, සමහර සංස්කෘතීන්වල ලා පාට ඇස් ලස්සනයි කියන මතය තියෙන නිසා, ඒ වගේ පෙනුමක් ලබාගන්න ගොඩක් අය මේවා පාවිච්චි කරනවා. විශේෂයෙන්ම දකුණු කොරියාව, ජපානය, තායිවානය, පිලිපීනය සහ ඉන්දුනීසියාව වගේ රටවල්වල අය මේ සීන් කෝන් එකට දැන් වැඩිපුර පිස්සු වැටිලා ඉන්නෙ. ඒ වගේම දැන් දැන් මැදපෙරදිග කලාපයෙත් අමුතු උමතුවක් දකින්න ලැබෙනවා. එමිරේට්ස්වල, සවුදිවල වගේම විශේෂයෙන්ම තුරුකියෙත් සීන් එක බොහොම ජයට කෙරීගෙන යනවා.
මචෝ ලංකාවේ පැත්තෙ තත්වයත් කෙටියෙන් හරි පැහැදිලි කරන්න ඕනෑ. ලංකාවේ වර්ණවත් ඇස් කාච භාවිත කරන ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධානම තැනක් ගන්නවා රූපලාවණ්‍ය ශිල්පීන්. සුදාලා දැකලා ඇති රූපවාහිනී වැඩසටහන් ඇතුළු ගොඩක් තැන්වල මෙයාලා ඇස් පාට කරගෙන ඉන්නවා. ඊළඟට නිරූපණ ශිල්පීන් සහ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු නිළියන්ගෙන් මේ සීන් එකට ඇලී ගැලී ඉන්න කිහිප දෙනෙක්ව අපිට මතක් කරගන්න පුළුවන්. ඒ වගේම සමාජ මාධ්‍යයේ ඉන්න විවිධ චරිත අතර වගේම නාගරික සමාජයේ ජීවත් වන තරුණියන් අතරත් මේ හා සම්බන්ධ ලොකු රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවා.
ඒත් සුදෝ මතක තියාගන්න ඕනෑ දෙයක් තමයි මේවා වෛද්‍ය උපදෙස් නැතිව පාවිච්චි කරන එක අනතුරුදායක වෙන්න පුළුවන් කියන එක. මාර්ගගත ක්‍රමයට එක එක තැන්වලින් ඕනෑ තරම් මිලදී ගන්න පුළුවන් වුණත් ඒවායේ තියෙන ප්‍රමිතිය පිළිබඳ හරි සහතිකයක් ගොඩක් දෙනකුට ලැබෙන්නෙ නෑ. ඒ නිසා පිළිගත හැකි තැනකින් පිළිගත හැකි විදිහකට වෛද්‍ය උපදෙස් සහිතව අරගෙන මේවා භාවිත කරන්න. ඇස් එක්ක සෙල්ලම් හොඳ නෑ. ඉතින් වස්තු ලස්සනයි සරලයි භයානකයි පරිස්සමෙන්.
• චමිඳු නිසල්