නොබෝදා අවසන් ගමන් ගිය තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්, දකුණු ඉන්දියානු සිනමාවේ උන්නතිය වෙනුවෙන් අතිවිශාල දායකත්වයක් ලබාදුන් රංගන ශිල්පිනියකි.
දමිළ, හින්දි, කණ්ණඩා, තෙලුඟු, මලයාලම් හා ඉංග්‍රීසි භාෂා චිත්‍රපට 200කට ආසන්න සංඛ්‍යාවක රංගනයෙන් දායක වූ ජයලලිතා 60 හා 70 දශකයේ දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරිම තාරකාවිය බවට පත්වෙමින් ඇගේ ගුරැ ඇම්.ජී.ආර්. හා ස්වාජි ගනේෂන් සමඟ රිදී තිරය බැබළුවාය. 1948 පෙබරවාරි මස 24 වැනි දින උපන් ජයලලිතා භරත නාට්‍යම් නර්තනය හැදෑරීම ආරම්භ කළේ වයස අවුරැදු තුනේදීය. ඇය පසු කලෙක භරත නාට්‍යම් මෙන්ම කතක් හා මනිපූරි නර්තන ශිල්පිනියක ලෙසත් දස්කම් ප්‍රකට කළාය.
ඇගේ පියා ජයරාම් වෘත්තියෙන් නීතිඥවරයකු ලෙස කටයුතු කළ අතර ඔහු හදිසියේ මිය යන විට ජයලලිතාට යාන්තම් අවුරැදු 2ක් පිරැණා පමණි. ඇගේ මව හා සොයුරා ජයකුමාර් සමඟ ජයලලිතා බැංගලෝරයට සංක්‍රමණය කළේ සිය පියාගේ අභාවයෙන් පසුවය.
ඇගේ මව වේදවතී දමිළ සිනමාවේ රංගනය සඳහා යොමු වූයේ %සන්ධ්‍යා^ නමිනි.
ජයලලිතා පාසැල් ශිෂ්‍යාවක ලෙස අධ්‍යාපන කටයුතුවලදී සුවිශේෂී දස්කම් ප්‍රකට කළ නිසා උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇයට ඉන්දියානු රජයෙන් ශිෂ්‍යත්වයක්ද පිරිනමන ලදී.
ඒත් දෛවය, ඇයව සිනමා ලොවට යොමු කළේ ජයලලිතාගේ මවගේ පෙරුත්තය නිසාමය.
ඇය මුලින්ම රඟපෑ කණ්ණඩා චිත්‍රපටය ජයලලිතාට සිනමා ශාලාවකට ගොස් නැරඹීමට වරම් නොලැබුණේ එම චිත්‍රපටය වැඩිහිටියන්ට පණක් සීමා වූ නිසාත්, ඒ වනවිට ඇගේ වයස අවුරැදු 15ක් වීමත් නිසාය.
ඇය මුල් වරට දමිළ චිත්‍රපටයක රඟපෑවේ 1965 දීය.
එතැන් පටන් ඈ රඟපෑ දමිළ චිත්‍රපට සියල්ලක්ම පාහේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළන්නට සමත් විය. අඩිමෙයි පෙන්, ආයිරත්තිල් ඔරැවන්, කාවල්කාරන්, එංගල් තංගම්, කුඩිඉරැන්ද කෝවිල්, රගසිය පොලිස් 115, පට්ටිකාඩා පට්ටනමා, ගලාටා කල්යානම් හා දෙයිව මගන් ඇතුළු චිත්‍රපට රුසක් ආදායම් වාර්තා බිඳහෙලමින් ප්‍රදර්ශනය වූ අතර ජයලලිතාට ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම සම්මානවලින්ද අඩුවක් නොවීය.
ඒත් 1980 දී සිනමාවෙන් ඈත්වීමට ජයලලිතා තීරණය කළාය. ඒ හා සමඟම ඇගේ සිනමා ලොවේ වීරයා වූ එම්.ජී.ආර්.ගේ මඟපෙන්වීමෙන් ජයලලිතා දේශපාලන ලොවට පා තැබුවේ 1982 දීය.
දමිළ සිනමා නිර්මාණවල මුල්වරට අත් නැති හැට්ටය හා කොට සාය මුල් වරට ඇන්ඳේ ජයලලිතාය.
ජයලලිතා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටි කාලයේදී ඇය ශෝබන් බාබු නැමති විවාහක රංගන ශිල්පයා සමඟ පෙමින් වෙළී සිටි බවට තොරතුරැ වාර්තා වී තිබෙන අතර එය සිය නිෙවසට ආරංචි වීමත් සමඟ ඒ ආදරය අතරමඟ ඇණහිට ඇත. ඇය ජීවිත කාලය පුරාම අවිවාහකව සිටියාය.
ජයලලිතා කියවීමට දැඩි රැචිකත්වයක් දැක්වූ බවද ප්‍රසිද්ධ කාරණයකි. මහ ඇමැති පදවිය උසුලන අවදියේදී පවා ඇය ගමන් කරනා සෑම විටම ඉංග්‍රීසි පොත් කියවීම ඇගේ විනෝදාංශයක් වී තිබිණ.
♦ රමේෂ් උවයිස්