2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

දෙරණ පුංචි තාරකා දිලිසුණ රෑ

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 125

දෙරණ ලිට්ල් ස්ටාර් - 08 අවසන් මහා තරගය පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

අරුමැසි වන රජ දහන තේමාව යටතේ පැවැති අවසන් තරග රාත්‍රියේදී වයස අවුරැදු 8න් පහළ ගායන අංශයේ ජනප්‍රියම ජයග්‍රාහිකාවට හිමි කිරැළ සුහයිසී ඩේව් විසින් දිනාගත්තා. එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ ජනප්‍රියම ජයග්‍රාහිකාව ලෙස විශ්මි පබසරා කිරැළ දිනාගත්තා.

වයස අවුරැදු 12න් පහළ ගායන අංශයේ ජනප්‍රියම ජයග්‍රාහකයා ලෙස මධුරංග ධර්මවර්ධන කිරැළ දිනද්දී, නර්තන අංශයේ ජනප්‍රියම කිරැළ දිනාගත්තේ ටෙහාන් දුලේන්ය. දක්ෂතම කාණ්ඩයේ වයස අවුරැදු 8න් පහළ ගායන අංශයේ කිරැළ ජනේෂ් ජයනාත් දිනාගනිද්දී එම කාණ්ඩයේ ගායන අංශයේ අනුශූරතාවය අයේෂ් යසිරැ දිනාගත්තා. එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ දක්ෂතම තරැව චරිත දේශප්‍රිය දිනාගනිද්දී අනුශූරතාවය දිනාගත්තේ චානලී සිත්මි.
වයස අවුරැදු 12න් පහළ ගායන අංශයේ දක්ෂතම තරැවට හිමි කිරැළ මෙත්මී විමංසා දිනාගනිද්දී ගායන අංශයේ අනුශූරතාවය ජනනි ඉමත්මා දිනාගත්තා. එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ දක්ෂතම තරැව ලෙස දෙව්නි සංජනා කිරැළ දිනාගත්දී නර්තන අංශයේ අනුශූරතාවය හිමිකරගන්නට පාරමී ප්‍රාර්ථනා සමත් වෙද්දී දෙරණ ලිට්ල් ස්ටාර් අපූරැ හපන්කම් හදසර කැමරාවේ මෙසේ සටහන් වුණා.

♦ සේයාරෑ I විල්තෙර