2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

මගෙයි නිල්මිණීෙගයි කැඩුණු කසාදෙ එකතු කරන්න මගේ දුව නාෙකළ දෙයක් නෑ

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 383

නලින් සහ නිල්මිණි විවාහවෙලා මුලින් ආසාවෙන් හිටියේ දුවෙකුටද...? පුතෙකුටද...?
අපි දෙන්නා විවාහ වුණේ 1994 දෙසැම්බර් මාසෙ. කොහොමත් මායි නිල්මිණියි දෙන්නම මුල ඉඳන්ම ආසාවෙන් හිටියේ දුවෙකුට. මුල ඉඳන්ම මම දුවෙක් දකින්න සිහින මවාගෙන හිටපු තාත්තා කෙනෙක්. මම මට අවුරුදු 25දී තමයි කසාද බැන්දේ. එතකොට මම හිතාගත්තා බැඳපු ගමන්ම දරුවෙක් හදන්න. ඒ තීරණේම තමයි නිල්මිණීගේ හිතෙත් තිබුණේ. සාමාන්‍යයෙන් අනිත් පවුල්වල වාගේම ඒ වෙද්දී මගේ හිතෙත් ණය බරද.... කරදර ප්‍රශ්නද.... හැම ප්‍රශ්නයක්ම තිබුණු මනුස්සයෙක්. ඒත්... අපි දෙන්නම හිතුවේ අපි දෙන්නා අතරට එන දරුපැටියා තමයි අපේ ජීවිතේ අඩිතාලම කියලා.

 

දුව ඉපදුණු ගමන් මොන වගේද?
දුව ඉපදුෙණ් හලාවත පෞද්ගලික රෝහලක. දුව ඉපදෙන්න කලින් අපි ස්කෑන් කරලා බලද්දි දැනගත්තා දුවෙක් කියලා. දුව ඉපදුණු ගමන් මම බලද්දි එයා ගොඩාක්ම ගොඩක් චූටියි. ඒ වගේම දිගටියි. එයාගේ චූටි ඇඟිලි දිගයි. දරුවෙක් වෙනුවනේ සිහින දැකපු බොහෝ දේවල් මම එයා දකිද්දි සැබැවින්ම දැක්කා.

දුවට නම තිබ්බෙත් නලින්...? ස්වේතා කියලා... එහෙම නේද?
ඔව්.... ස්වේතා කියන්නේ යහපත් සිතිවිලි ඇත්තී කියලයි. මම එයාගේ නමට ඒ තේරුම දුන්නෙත් ගෑනු ළමයෙක්ට නම තුළ සහ ගතිගුණවල ඒක තිබිය යුතුයි කියලා විශ්වාස කරලා. එයාගේ සම්පූර්ණ නම ස්වේතා මනී පෙරේරා. මනී කියන්නේ ධනවත්, පොහොසත් කියලයි. ඉතින් තාත්තා කෙනෙක් හැටියට ඒ ගුණාංගයත් එකට තිබුණාම ජීවිතේ යහපත් පැත්ත දකීවි කියන සිතිවිල්ල මගේ හිතේ තිබුණා. කාලයත් එක්ක එයාගේ ගතිගුණ දිහා බලද්දිත් මම හිතනවා මම දාපු ඒ නමෙන් මට වරදක් වුණේ නෑ කියලා.

ස්වේතා චූටි කාලේ දඟයිද?
ස්වේතා චූටි කාලේ පුදුම විදිහට දඟයි. මොන්ටිසෝරියෙදී දරුවන්ට ගහලා ගුරුවරුන්ගෙන් චෝදනා පවා ආවා. ගෙදරදිත් හරි හුරතලේට හැදුණු දරුවෙක්. අවුරුදු පහක් යනතුරු දුව තනියම අපි දෙන්නගේ හුරතලෙන් හැදුෙණ්. ගැහැනු ළමයෙක් ළඟ තිබෙන දඟකාරකමට වඩා දඟකාරකරමක් අපි එයාගෙන් එදා දැක්කා.

නලින් ඔයාගේ ජීවිතේ යම් යම් කාලවලදී ඇතිවුණු ප්‍රශ්නවලදී දුව මොනවගේ තීරණයකද හිටියෙ?
අපේ ප්‍රශ්නවලදී අපි බැලුවේ අපේ ප්‍රශ්න ගැන විතරයි. හැබැයි ඒක දරුවාට මොන විදියට බලපානවාද... දරුවන් මොන විදිහට මේ ගැන හිතනවාද කියලා හිතද්දි අපි ගොඩක් අපේ ප්‍රශ්නවලින් දුර ගිහින් ඉවරයි. දුව හැමවේලේම අපි දෙන්නා ගැනම හිතුවා. අපේ ප්‍රශ්න එද්දි දුවත් වයසින් මුහුකුරා ගියපු දරුවෙක් නෙමේ. නමුත් ඒ පොඩි වයසේදී හැම පැත්තෙන්ම තැලුණු හැම පැත්තක් දිහාම කන්දීගෙන හිටපු දරුවෙක් විදිහටයි මම දුවව දකින්නේ. සමහර වෙලාවට මේ වාහනේ ඉඳගත්තම පැය තුන හතර දුව මාත් එක්ක බොහෝ දේවල් කතා කරලා තියෙනවා. දුව මාවයි, නිල්මිණීවයි හරියට තේරුම් ගත්තු දරුවෙක්.

නලින්ගේත් නිල්මිණීගේත් විසිරිච්ච පවුල් ජීවිතය ආයෙමත් එකතු කළේ දුව. එහෙම නේද?
ඔව්... ඒක තමයි ඇත්ත. කාලයක් යද්දි අපිට තේරුණා දුවයි පුතයි මානසිකව ඒ දේ දරාගන්න හැටි. අද මගේ දරු දෙන්නා ඉන්න තත්ත්වය ගැන හිතද්දි මගේ එදා ජීවිතේ ගැන කනගාටු වෙන්නේ නෑ. හැබැයි අද මම සතුටු වෙන්නේ මගේ අඩුපාඩු හදාගන්න දරුවෝ උදව් කරපු එකටයි. මගේ දුවත් මේ ප්‍රශ්නය තුළදී පරිණත වෙන්න පටන් ගත්තා. මේ හැම දෙයක්ම ගනිද්දී අවසානයේදී පවුලක් හැටියට මායි නිල්මිණියි හොඳ තීරණයක් ගත්තා. පවුලක තියෙන අත්තිවාරම තරම් ශක්තිමත් බැම්මක් තවත් නෑ. අපේ ජීවිතේ ඒ අත්තිවාරම වුෙණ් මගේ දුව ස්වේතා... එයා පුදුමාකාර දරුවෙක්.

ඒ කියන්නේ ස්වේතා කියන්නේ නලින්ට දුවෙක්... සහෝදරියක් වගේ...?
මගේ ජීවිතේ සිදුවුණු ප්‍රශ්නවල අන්තිම කාලේදී මම තනියම ජීවත් වුණා. ඒ කාලේදී මගේ ජීවිතේ කවුරුවත් හිටියේ නෑ. මම මගේ අම්මයි තාත්තයි එක්ක හිටියා. ඒ කාලේදී මාව බලන්න ස්වේතා දුව නිතර නිතර ආවා. එයා වෙලාවකට මගේ අම්මා වගේ. වෙලාවකට දුව... වෙලාවකට හොඳ යෙහෙළියක්... තවත් වෙලාවකට හොඳ සහෝදරියක්... පව්... ඒ කාලේ දුව තමයි ඇවිත් මගේ ඇඳුම් හෝදන්නේ. ඇඳුම් ටික හරි ලස්සනට පිළිවෙළට නවලා තියෙනවා. ඒ හැම දෙයක්ම කරලා... තාත්ති... මෙහෙම ඉන්නෙපා... අපි යමු ගෙදර... කියලා යනවා. 

අද දුව දීගෙක දෙන්න ඉන්න දුවෙක්... නලින් දැන් ලස්සන තරුණ දියණියකගේ තාත්තා කෙනෙක්...?
ඔව්. මායි නිල්මිණියි ආයේ එකතුවෙන්න ඕනේ කියලා මගේ හිත නතර වුණ තවත් තැනක් තමයි ඒ. සංගීත කණ්ඩායමක ඉන්න නිසා මම හැමවෙලේම විවාහ උත්සව දකිනවා. ඒවාට සහභාගි වෙනවා. මම ඒ කාලේ හැමතිස්සෙම හදවතින්ම අඬපු කෙනෙක්. මගේ දූ  මනමාලියක් වෙන ලස්සන දවසේදී එයාගේ අම්මටයි තාත්තටයි දෙපැත්තකින් එන්න වේවි... කියලා හිතද්දි මම හැමවෙලේම හිතින් හඬා වැළපුණා. මගේ හිත ඇතුළේ ලොකු යුද්ධයක් තිබුණා. ඒවා උත්තර නැති ප්‍රශ්නයක් වුණා. සමහර වෙලාවට මගේ ඇස්වල කඳුළු. ඒ වගේ වෙලාවලදී තාත්තා දුවව බදාගෙන අඬන වෙලාවලදී මාව ගින්දරෙන් පුච්චනවා වගේ. ඒක පුදුමාකාර දඬුවමක්. ඇස් ඉදිරිපිට මාව පුච්ච පුච්චා මට මාව තේරුම් කරලා දෙන්න උත්සාහ කළා. සමහර වෙලාවට මට සින්දු කියාගන්න පවා බැරි තරමට උගුර වේළුණා. ඒක තමයි යථාර්ථය. මගේ හෘද සාක්ෂිය කතා කළා. අද මම ඒ හැමදේකින්ම නිදහස් වෙලා ආදරණීය තාත්තා කෙනෙක් වුණා.

නලින්ගේ ජීවිතේ අලුතින් අරඹන්න බොහෝ කැපකිරීම්, දරා ගැනීම් කරපු ඔය ආදරණීය දුව හෙට අලුතින් පුංචි කැදැල්ලක් හදාගෙන ඔය කැදැල්ලෙන් යන දවසක් ඒවි.... මොකද හිතෙන්නේ...?
මම හිතනවා මගේ දුවට අවශ්‍ය පාඩම් ගොඩාක් ජීවිතෙන් ලැබිලා ඉවරයි. පවුල් ජීවිතේ පදනම මොන ආකාරයෙන්ද එන්නෝනෙ කියලා එයාගේ ළමා කාලේ ඉඳන්ම එයා දැක්කා. එයා අධ්‍යාපනයේ අද ඉහළින්ම ඉන්නවා. ඒත්...ඒ ලබාගත්තු අධ්‍යාපනයට වඩා මමත් බිරිඳත් අතර වුණු ගැටලු තුළින් එයා ලබපු අත්දැකීම් තරම් ධනයක්, දායාදයක් තවත් නෑ. මම විශ්වාස කරනවා දුව දුවගේ ජීවිතේ සොඳුරු කැදැල්ල ලස්සනට හදාගනීවි... ඇය දවසක හොඳ බිරිඳක් වේවි... ඇය දවසක හොඳ මවක් වේවි. ඒ ජීවිතේ සොඳුරුතම වේවි.

ස්වේතා වගේ දුවෙක් ලබපු ඔබ හරි වාසනාවන්තයි...එහෙම හිෙතනවාද?
ඔව්. ඒක ඇත්ත.. මගේ දුව දිරිය දුවක්. ඇය කිසිම තැනක කඩා වැටුණේ නෑ. උසස් පෙළ විභාගය කරද්දි ගණිත ප්‍රශ්න පත්‍රය කරන්න යද්දිත් මායි බිරිඳයි විභාග ශාලාව ළඟට ආවේ දෙපැත්තකින්. ඒ දේවල් දැකලා දුව අඬාගෙන හෝල් එකට දිව්වා... ඒත් එයා විභාගයත් හොඳට කළා. එයා හැම බාධකයක්ම බොහෝම එඩිතරව ජයගත්තා. ඒ නිසා ස්වේතා කියන්නේ මටයි මගේ බිරිඳටයි මගේ පුතාටයි ජිවිතේ කියලා දීපු අපූරු පොතක්.

ඉතින්.... දුව එක්කත් කතා නොකළොත් ලොකු අඩුවක්නේ. තාත්තා දුව ගැන බොහෝ දේවල් කියපු නිසාම අපි ස්වේතාගෙනුත් ප්‍රශ්නයක් දෙකක් ඇහුවා.

ස්වේතා.... තාත්තාගේ ජීවිතේ බොහෝ තැන්වලදී ඔයා තාත්තයි අම්මයි දෙන්නා එක්කම හිටියා. තාත්තා ගැන ඔයාට මොකද හිතෙන්නේ?
පුංචි කාලේ ඉඳන්ම තාත්තා මට ගොඩක් කිට්ටුයි. ඉස්කෝලේ යන කාලේදීත් මාගේ තාත්තා ඉස්කෝලෙට ආවාම යහළුවෝ එහෙමත් තාත්තා ගැන මගෙන් අහනවා. තාත්තාට සාමාන්‍ය ජීවිතයක් නෙමෙයි තිබුණේ. ගොඩක් කාර්යබහුලයි. හැබැයි මොන දේ තිබ්බත් තාත්තා මගෙයි මල්ලිගෙයි ඉගෙනීම් කටයුතු ගැන හොයලා බැලුවා. ඒ දේවල්වලට උපදෙස් දුන්නා.

කාලයක් යද්දි ස්වේතා තාත්තාට බොහෝ කිට්ටු වුණානේ. බොහෝ තීරණ ගනිද්දි තාත්තාට උදව් කළානේ....?
මමයි තාත්තියි ජීවිතේ බොහෝ දේවල් කතාබහ කළා. තාත්තාගේ ජීවිතේ වෙච්චි බොහෝ දේවල් අපි යාළුවෝ වගේ කතාබහ කළා. ඒ වගේම මම අම්මි එක්කත් බොහෝම සමීපයි. ඒ නිසා අපි තුන්දෙනා අතර බැඳීමක් ගොඩනැගුණා.

එදාට වඩා අද ස්වේතගේ පවුල හරි සුන්දරයිනේ... ඒ සුන්දර පවුල තනිකරලා දවසක අලුත් ජීවිතයක් ගත කරන්න ස්වේතාටත් සිද්ධ වේවි....
එහෙම දවසක් ආවත් අම්මියි තාත්තයි, මල්ලියි කවදාවත් මගෙන් ඈත් වෙන්නේ නෑ. එයාලවත් ළඟ තියාගෙන තමයි මම මගේ ජීවිතේ හදා ගන්නේ. අම්මියි තාත්තියි හැමදේකදීම මාත් එක්ක හිටියා. ඒ නිසා වෙන කාටවත් වඩා මට ආදරෙ කරන්නේ ඒ දෙන්නා. ඒ නිසා මගේ අම්මියි තාත්තියි වගේ ආදරේ කරන කෙනෙක් මට ආයෙත් හම්බවෙන්නෙත් නෑ. මගේ අම්මිටයි තාත්තිටයි මම හැමදාමත් ආදරෙයි.

 

► Text – Dishani / Pic - Internet