2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

නැන්දා හරිම නෝන්ජල් නේද?

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 178

ඉස්සර වගේ නෙවෙයි වර්තමානෙ හැදෙන සමහර පවුලේ චිත්‍රපට වුණත් පවුලේ අයත් එක්ක එකට වාඩිවෙලා බලන්න බැරි ඒවා තියෙනවනෙ.

ඔන්න අපි දන්න කියන පවුලකුත් එයාලගෙ මොන්ටිසෝරි යන කටකාර පුතාත් ඒකකරගෙන ගියාලු අර වග් පවුලේ චිත්‍රපටයක් බලන්න. 

පොඩි එකාත් එක එක දේවල් කිය කියා ෆිල්ම් එක බලනවලු. ඔන්න එක පාරටම චිත්‍රපට කතාවෙ පොඩි එකාගෙ තාත්තා කට ගොන්නක් බීගෙන ගෙදර එනවලු. ඔහුගෙ බිරිඳ අහනවා "අයි අනේ මේ කනමදයෙක් වගේ බීගෙන" කියලා. 

එක පාරටම ඔහු චටස් ගාලා බිරියගේ කම්මුල හරහා පාරක් ගහනවලු. ඇය ඉකිගසා මුල්ලකට වෙලා අඬනවා. ඔන්න ඒ වෙලාවෙ තමයි අර චිත්‍රපටය බලන පොඩි එකා ආයෙත් කට ඇරියෙ. 
අයියෝ අර නැන්දා හරිම නෝන්ජල් නේද? අම්මා වගේ දෙන්න තිබුණෙ අර මිනිහට අත දිගඇරලා හොඳ කනේ පාරක්.

 

ඩිරෙක්ටර් මී හරකලු

දඹුල්ල අවට ගමක චිත්‍රපටයක් රෑගත කරමින් තිබුණා. මාසෙක විතර කාලයක් චිත්‍රපටයේ මුළු කණ්ඩායමට දඹුල්ලට ආසන්න හෝටලේක තමයි ලැඟුම් අරගෙන ඉඳලා තියෙන්නෙ. 

ඒ දවස්වල ඒ පැත්තෙ ක්‍රිකට් මැච් වගයක් ගහපු නිසා බෙහෙතකටවත් හෝටලයක් හොයාගන්න බැහැලු. 
චිත්‍රපට කණ්ඩායම නැවතිලා හිටිය හෝටලේත් පොඩි පොඩි අඩු පාඩුකම් තිබ්බට, වෙලාවෙ හැටියට ඒවා ඉවසා දරාගෙන හිටියලු. ඔන්න මේ අය ගිය දවසට පහුවදා නිෂ්පාදන අංශයේ ශිල්පියෙක් හෝටලේ මැනේජර් එක්ක ලොකු කොක්කක් දාගෙන. ඕක චිත්‍රපටයේ ඩිරෙක්ටර්ට ආරංචිවෙලා අර කොල්ලට කතා කරලා අවවාද කරලා. 

"නැහැ සර් ඒ මැනේජරයා අපිට නොහොබිනා විදිහට නෝක්කාඩු කතා කියනවා. අපි කසි කබල් චිත්‍රපටකාරයොලු"
"හරි හරි පුතා අපි ඒවට කේන්ති අරන් මේවා කරන්න බැහැ. මෙතනින් යන්න කිව්වොත් අපි කොහෙද යන්නෙ. ඒගොල්ලො මොනව කිව්වත් අපි ඉවසගෙන ඒවා නෑහුණා වගේ අපේ වැඩ ටික කරන්න ඕන..." ඩිරෙක්ටර් කිව්වලු.
"හා... හා... හැබැයි මැනේජරයා කියනවා මේකෙ ඩිරෙක්ටර් අමු මී හරකෙක් කියලා..."

කොහෙද හැංගෙන්නේ - ටොයිලට් එකේද?

ඔන්න මෑත කාලයේ හදපු ළමා චිත්‍රපටයක අපුරැ සිදුවීමක් වෙලා තියෙනවා. චූටි ළමයි ගොඩ දෙනෙක් හිටිය නිසා ඒ හැමෝම ෂූටිංවලට ආවෙ අම්මලා එක්ක. 

ඒත් රෑපගත කරන ස්ථානයට අම්මලාව ගෙන්න ගන්නෙ නැහැ. ඒ අවට තැන තමයි අම්මලා ඉන්නෙ, එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරයාට ළමයි ටික හසුරැවලා වැඩේ හරියට කරන්න බැරි වෙන නිසා.
ඉතිං පොඩි ළමයි ටික දර්ශන තලයේදී අදාළ අයට භාරදෙන වෙලාවෙ අම්මලා තම තමන්ගෙ ළමයිගෙ විශේෂ වුවමනාවන් තිබුණත් මතක් කරනවලු.

"මගෙ පොඩි එකා එක පාරටම කොහෙ හරි හැංගෙනවා දැක්කොත් මට දුවලා ඇවිල්ලා කියන්න හොඳේ* එක අම්මා කෙනෙක් සහාය අධ්‍යක්ෂ මල්ලී කෙනෙකුට කිව්වලු. 
"ඇයි මෙයා කොහෙද හැංගෙන්නේ. ටොයිලට් එකේද?" ඔහු ඇහැව්වලු.
"නැහැ නැහැ මේසෙ යට, කබඩ් අයිනෙ වගේ තැන්වල තමයි..."
"ඇයි එහෙම හැංගෙන්නෙ..."

"අනේ මන්දා මේ ළමයා පොඩිකාලෙ ඉඳන්ම ටොයිලට් යන්න ඕන වුණාම කාටත් කියන්නෙ නැහැ. කොහෙ හරි මුල්ලකට ගිහින් හැංගෙනවා... අපි තමයි එයාව හොයලා ටොයිලට් ගෙනියන්න ඕනෙ" ඇය කිව්වලු.

කාට හරිගියත් No Problem මචං

කාලයක් කලා ලෝකයට සම්බන්ධ වෙලා වැඩ කරපු එක් ශිල්පියෙකුට තාම පෙළවහක් කරගන්න බැරි වෙලාලු. ඔහුගෙ මවුපියනුත් වැඩිය උත්සාහයක් අරගෙන නැත්තෙ ඔහුම කාවහරි හොයාගනී කියලා හිතලලු. 

දැන් 35ත් පැනලා ඉන්න නිසා, ඔහුම හිතුවලු පත්තරේ මංගල තීරැවක ඔහු ගැන විස්තරයක් දාන්නන් දුරකථන අංකයක් එක්කම පත්තරේ දැන්වීමක් දැම්මලු මංගල කිංකිණි හැඬවෙයි කියන බලාපොරොත්තුවෙන්. 
ඔන්න දැන්වීම පළවුණු දවසෙ ඉඳන් කෝල් වැහි වැහැලලු.

සමහරැ වයස නිසා අදිමදි කලත් කෙල්ලො බොහොමයක් මෙයාව බලන්න ආසයි කියනවලු. 
"මගේ ෆේස්බුක් එකට ගිහින් බලන්න. මට තියෙන්නෙ එකම එක ප්‍රොෆයිල් ෆොටෝ එකක්" කියලා ඔහු කියනවලු ඒ අයට. ඒත් එයාගෙ FB ප්‍රොෆයිල් පින්තූරෙ තියෙන්නෙ හතර දෙනෙක් ඉන්න පින්තූරයක්. 

"ඉතිං මචං කොහොමද කෙල්ලො උඹව ඒ හතර දෙනා අතරින් තෝරා ගන්නේ" මෙයාගෙ යාළුවෝ අහනවලු. 
"මචං මම වගේම අර පින්තූරෙ ඉන්න අනිත් තුන් දෙනාත් බැඳලා නැහැ. කෙල්ලෙක් ඒ හතර දෙනාගෙන් කාට කැමති වුණත් අවුලක් නැහැ. මංගල සීනු හැඬවෙයි"ඔහු කිව්වලු. 

ගෙදර ගින්දරා, එළියෙ සුන්දරා

රංගන ලෝකයේ සුන්දර චරිතයක් වන මොහු සිය පවුලත් සමඟ ගෙදර ඉන්න දවස්වල ගේදොර පිරිසිදුව, පිළිවෙළකට තියාගන්න ගොඩාක් මහන්සි වෙනවා. වෙලාවකට ගෙදර අයට කෑ ගහනවා. ෂුටිං නැති දවස්වල තාත්තා ගෙදර ඉන්නකොට ගෙදර කට්ටියත් හරි පරෙස්සමෙන් වැඩ කරනවා. 

ඔන්න මේ ළඟදි දවසක ගෙදර අපිළිවෙළකට තිබුණ දෙයක් දැකලා මොහුට කේන්ති ගිහිං. ගෙදර කට්ටියම දොස් කියලා. හැබැයි ඒ කේන්තිය ඒ වෙලාවට විතරයි. පස්සෙ පොඩි ළමයක් වගේ තමයි.

ඔන්න ඒ වගේ හොඳ මූඩ් එකක ඔහු හිටිය වෙලාවක ඔහුගෙ බිරිය ලස්සන කතාවක් කිව්වලු. 
"කවද හරි ඔයාගෙ ජීවිත කතාව ගැන කවුරැහරි චිත්‍රපටයක් කරන්න ඉදිරිපත් වුණොත්, මම ඒ අයට හොඳ නමක් යෝජනා කරනවා". ඇය කිව්වලු.

"මොකද්ද නම?"
"ගෙදර ගින්දරා, එළියෙ සුන්දරා"

 

දුක-සැප කුමන්දා අසන මිතුරන් අද කොහින්දා

හැම අවුරැද්දකම නත්තල් කාළේ වෙනකොට, ඒ කියන්නේ වසරේ අවසාන සතියෙ සිනමාවට සම්බන්ධ අලුත් පොතක් නිකුත් වෙනවා. අදාළ වසරේ ප්‍රදර්ශනය වුණු සෑම සිංහල චිත්‍රපටයකම තොරතුරැ පිළිවෙළකට ඒ පොතේ පළ කරනවා. පසුගිය අවුරැදු 10කට වැඩි කාලයක් ප්‍රකාශයට පත් කළ ඒ පොතේ කර්තෘවරයා ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් ලීනස්. 

ඒත් මේ අවුරැද්දේ ඒ පොත පළ වුණේ නැහැ. ඒකට හේතුව තමයි මේ තාක්කල් තමන්ගේ පෞද්ගලික වියදමින් පොත සම්පාදනය කර මුද්‍රණය කළ සුනිල් ලීනස් අද ලෙඩ ඇඳට වැටිලා. නැගිටගන්නවත් බැහැ.
මාස තුනකට පෙර සිදුවණ අනතුරකින් පස්සෙ ඇඳට වැටුණු සුනිල් ලීනස්ගේ අසරණ තත්ත්වය ගැන කලා පත්තර කීපයක විස්තර පළ වුණා. 

ඒත් එදා ඔහු සමඟ ළඟින් ඇසුරැ කළ කලා ලෝකයේ දැවැන්තයෝ පවා අඩු තරමින් ඔහුට දුරකථනයෙන්වත් සැප දුක හොයලා බලලා නැහැලු. 

"අපේ පවුල්වල ආර්ථික අඩුපාඩු තියෙද්දී තමයි සිනමාව වෙනුවෙන් අපේ මුදල් වියදම් කරලා පොත් ගැහුවෙ. ඒත් අද මගේ අසරණ තත්ත්වය ගැන පත්තරවල ගිහින් තිබිලත් අපි ගැන හොයල බලන අය නැති තරම්. මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නැහැ. ඒ අනිත්‍ය බව තේරැම් අරගෙන මාත් ජීවිතේට මුහුණ දෙනවා" සුනිල් ලීනස් කතා කළේ ඉතාම දුක්බර ස්වරයකින්.