2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

කොයිතරම් නම් හීන තිබුණත් 
ඉගිල්ලෙන්නට අහස හිමි නැති 
කුරුල්ලෙක් රූ හුදෙකලාවම 
අඬනවා සඳ දෙස බලාගෙන

අහසෙ ලස්සන උදුරා ගන්නට
තරු ඇවිත් වැතිරිලා පපුතුර 
වැස්ස නාවේ ඇයිද අහගෙන 
මම අහන්නෙත් හිතේ රිදුමට 

වැහි දියෙන් හේදෙන්න මේ දුක
මං අඬන්නම් අහස එක්කම
කෙළවරක් නැති රාත්‍රිය දිග
කියන්නෙත් නුඹ ගැනම මතකය

කවිකාර මගෙ හිතේ තනියට
කවි ලියන්නට හීන අරගෙන
නුඹ නොකී ආදරයේ මතකය
කොහේදෝ ඉඳ එබෙයි ඉඳහිට

 Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00