2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

අලුත් නිළියකට පුවක් කෝල් එකක්

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

නව පරපුරේ අලුත් නිළියකගේ අලුත්ම ෆෝන් එක එක්තරා උත්සවයකදී නැතිවෙලා. ඒත් පහුවදාම අලුත් ෆෝන් එකක් අරගෙන ඒ නොම්මරේට තවත් සිම් එකක් දාගත්තලු.

දැන් ලොකුම ප්‍රශ්නෙ තමයි ෆෝන් එකේ කාගෙවත් නොම්මර සටහන් වෙලා නැති එක. දන්න දන්න යාළුවන්ට කෝල් කරලා SMS යවලා නොම්මර ඉල්ලා ගන්නවලු.

ඔන්න මෙයාගෙ ෆෝන් එක නැතිවුණ ආරංචිය ලැබුණු අපේ තරුණ කලාකරුවෙක් මෙයාට කටහඬ වෙනස් කරලා කෝල් එකක් ගත්තලු.

මොකක්ද හලෝ ලජ්ජ නැද්ද ඔයාගෙ තාත්තා පුවක් 2000 ක් ගේනවා කියලා සල්ලි අරන් ගියා, දැන් පුවකුත් නැහැ ෆෝන් එක උස්සන්නෙත් නැහැ. ඔයත් පුවක් බිස්නස් එකේ කොටස්කාරියක් නිසයි ඔයාට කෝල් කරන්නෙ. මට වහාම පුවක් ටික නැත්නම් සල්ලි ටික ගෙනත් දෙනවා.

අනේ මිස්ටර් අපේ තාත්තා පුවක් බිස්නස් කරන්නෙ නැහැ හරිද? මම පුවක් විකුණන්නෙත් නැහැ. මම ඇක්ට්‍රස් කෙනෙක්. වැඩිය කතා කළොත් පොලීසියට කියනවා. කියලා අර නිළිය කිව්වලු.

 

සෙනෙහසේ නාමයෙන් විරසක ඇතිකරන්නෝ

සෙනෙහස යනු උත්තරීතර වදනක් වුවද, එම නම යොදාගනිමින් විවිධ යටි අරමුණු මුදුන්පත් කරවාගන්නට සැරසෙන හා කටයුතු කරන කූට පුද්ගලයන් අප සමාජයේ සිටින බව අප මතකයේ තබාගත යුතුය.

උදාහරණයක් හැටියට මෑත කාලයේදී අප රට තුළ හටගත් ආපදා තත්ත්වයන් හමුවේ මෙවැනි සෙනෙහස් කණ්ඩායම් ඉතාම යුහුසුළුව කටයුතු කළ අතර ඇතැම් සෙනෙහස ලේබලය ගැසූ කණ්ඩායම් වැඩ කළේ සමාජයේ විවිධ ජන කොටස් අතර විරසක ඇති කිරීමේ අටියෙන් බව ඒවාට සම්බන්ධ අය පවසනවා.
දැන හෝ නොදැන මෙවැනි සංවිධානවලට අපේ ජනප්‍රිය කලා ශිල්පීන්ද සම්බන්ධ වන බවද ඇතැම් අය චෝදනා කරනවා.

 

නෝනට බයේ චාන්ස් එක නැතිකරගෙන

රඟපාන්න, ජනප්‍රිය වෙන්න කවුද අකමැති කියලා කෙනෙක් අහන්න පුළුවන්.
එහෙම අය ගොඩාක් ඉන්නවා. ඒත් පින තියෙන අයට තමයි ඔය වගේ අවස්ථා ලැබෙන්නෙ.
ඔන්න ඒ වගේ රඟපාන්න දැඩි ආසාවෙන් පෙළෙන මැදිවියේ මනුස්සයෙක්, නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණවලට යනවලු. ඒත් ළඟට ගිහින් නෝනා බණියි කියලා හිතලා ආපහු ගෙදර යනවලු.

ඔන්න ළඟදි හොඳ චිත්‍රපටයකට නළු නිළියන් තෝරන ඉන්ටවිව් එකක් තියෙනවැයි කියලා මේ මෑන්ස් ඒකට ගියාලු. නෝනට කියලා තියෙන්නෙ යාළුවෙකුගෙ පාටියකට යනවා කියලා.

අධ්‍යක්ෂකවරයයි නිෂ්පාදකවරයයිලු සම්මුඛ පරීක්ෂණය පවත්වන්නෙ. මේ මෑන්ස් ඒ දෙන්නා ඉස්සරහ තියෙන පුටුවෙ වාඩිවුණා විතරලු, එයාගෙ ෆෝන් එක රින් වෙන්න පටන් අරන්. හොරෙන් වගේ ෆෝන් එක දිහා බැලුවම තමයි දැකලා තියෙන්නෙ කෝල් එක එයාගෙ නෝනගෙන්. එකපාරටම මිනිහට දාඩිය දාගෙන ඇවිත් ගැහෙන්න පටන් ගත්තලු.
අධ්‍යක්ෂකවරයයි නිෂ්පාදකවරයයි බලන් ඉන්දැද්දි මේ මෑන්ස් පණ කඩාගෙන එතැනින් දුවගෙන ගියාලු.

 

ඇපල් ෆෝන් අපලේ

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න තරුණ නළු නිළි යුවලකට තියන්නෙ අලුත්ම වර්ගයේ ඇපල් ෆෝන්.
ඔන්න පහුගිය දවසක ෂූටිං ඉවරවෙලා ගෙදර එන ගමන් එළවළු ගන්න බැස්ස වෙලාවක කෙල්ලගෙ ෆෝන් එක නැතිවෙලා. හැමතැනම හෙව්වලු ලැබුණෙ නැහැලු.

නැතිවෙලා විනාඩි 5 ක් යන්න කලින් කෝල් කරද්දිම ෆෝන් එක ක්‍රියාවිරහිත කරලා.
හරියට ඊට පහුවදා මේ දෙන්නට බීච් පාටියක් තිබිලා. කොල්ලා ෆෝන් එක කලිසම් සාක්කුවෙ තියාගෙන රැල්ල පාගන්න ගිහින්, දැන් ඒ ෆෝන් එකත් වැඩ කරන්නෙ නැහැල්ලු.

කරන්ඩ! යන්ඩ!

සාමාන්‍යයෙන් ඕනෑම අධ්‍යක්ෂකවරයෙක් තමන්ගෙ රාජකාරි කටයුත්තෙදි බහුලව පාවිච්චි කරන වචන දෙකක්නෙ ඇක්ෂන් සහ කට් කියන්නෙ.

ඒත් අපේ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා, ඔහු කවදාවත් ඒ වචන දෙක පාවිච්චි කරන්නෙ නැහැ. ඔහු හොඳ නළුවෙක් නිසා එහෙම කරනවද කියලා සමහරැ හිතනවා.

ඇක්ෂන් වෙනුවට ඔහු කියන්නෙ කරන්ඩ - කට් වෙනුවට කියන්නෙ යන්ඩ කියලලු.

► Text – Mithra

 

 

 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00