ඒ දරුවාව නිවසෙහි වැඩට එන වැඩකාරියක විසින් රැගෙන යනු ලැෙබ්. ඇය ළඟ හැදී වැඩෙන රාජා තමා මෙන්ම අනාථ දරුවෙක් ලෙසින් හැදී වැඩුණු රංගීලා සමඟින් ජීවත්වීම සඳහා හොරකම් කර මුදල් උපයාගනියි. ගීතා කොමා තත්තවයට පත්වන නිසා මල්හෝත්‍රා ඇය සහ ඔවුන් ළඟ සිටින අනිත් දරුවා වන ප්‍රේම් සමඟ අමෙරිකාවට යන අතර එහි ඇති දැඩිවන ඔහු තරුණයෙක් වී ඉන්දියාවට නැවතත් එන්නේ ජනප්‍රිය ගායකයෙකු ලෙසිනි. මල්හෝත්‍රාගේ මිතුරෙකුගේ දියණියක්වන මාලාව ප්‍රේම්ට විවාහ කර දීමට දෙපාර්ශවය උත්සාහ දැරුවද, මාලා ඒ වනවිටත් රාජාට ආදරය කරයි. ගුවන්තොටුපොළේදී රූපා නැමති තරුණියක්ව දකින ප්‍රේම්ට ඇයව තමසිතින් අමතක කරන්නට අපහසුවෙයි. රූපා සංගීත ප්‍රසංග සංවිධානය කරන මීට් ගේ සොහොයුරියයි. රාජාගේ නැගනිය ක්‍රිෂ්නා රතන්ගේ පුතු රතන්ලල් ටයිගර් විසින් පොලිස් ඉන්ස්පෙක්ටර්වරයෙකු මහ මඟදී ඝාතනය කරන අයුරු දකින අතර ඇය සාක්ෂිකාරියක් ලෙසින් අධිකරණයේ පෙනී සිටියි. ඔවුන්ගෙන් පළිගැනීමට රතන් ලාල් ටයිගර් ක්‍රිෂ්නාව තමාට හිතවත් අයෙකුට විවාහ කරදීමට හැදුවත් රාජා ක්‍රිෂ්නාව වෙනත් අයෙක්ට විවාහ කරදෙයි. ටික කාලයකින් දරු ප්‍රසූතියක් සඳහා රෝහල් ගත කරන ක්‍රිෂ්නාව රැගෙන යාමට සිරගතව සිටි රතන්ලාල් ටයිගර් රෝහලට පැමිණෙන අතර එහි සිටි මල්හෝත්‍රා සහ ප්‍රේම් රාජාව අඳුනා ගනියි. මේ ලස්සන කතා පුවත මම ඔබට කිව්වේ ජුඩ්වා (නිවුන්නු) හින්දි සිනමාපටය මතක් කර දීමටයි. 1997 දී සටන් සහ හාස්‍ය සපිරි සිනමාපටයක් ලෙසින් ජුඩ්වා සිනමාපටය ඩේවිඩ් ධවාන් විසින් අධ්‍යක්ෂණය කළ අතර, එහි සල්මාන් ඛාන් ද්විත්ව චරිතයන් නිරූපණය කළ අතර කරිෂ්මා කපූර් සහ රම්භා ඔහුගේ සහායක නිළියන් ලෙසින් රංගනයෙන් දායක වුණා. මේ සිනාමාපටය 1992 දී ජැකී චෑන් ගේ ට්වින් ඩ්‍රැගන් හි පිටපතක් වන 1994 දී තෙළිඟු සිනමාපටයක් වන හෙලෝ බ්‍රදර් අනුසාරයෙන් සාදන ලද්දක් වූ අතර අලෙවි වාර්තා තබමින් තිරගත වූ අතර රුපියල් මිලියන් 233ක් උපයා ගැනීමටද සමත් විය. ප්‍රේම් (වරුන් ධවාන්) තමන්ගේ සුන්දර ප්‍රේමවන්තිය වන සමයිරා (තපස්සී පන්නු) සමඟින් සරල සැහැල්ලු ජීවිතයක් ගත කරන අතර ප්රේම්වා කොලේජ් හි වැඩිහිටි ශිෂ්‍යයින් විසින් රැග් කරනවා. ඔහු ඒ බව රාජාට පවසන අතර.
රාජා යනු අනිත් අයට උදවු කරන ක්‍රියාශීලි අයෙකි. තම්න්ගේ යහළුවන්ට ඕනෑම ප්‍රශ්නයක් ඇති වූ විට රාජා ඔවුන්ට නිරතුරුවම උදවු උපකාර කරන ලැබේ. දවසක් රාජා සහ ප්‍රේම් අතර ඇතිවන සටනකින් මේ කතාව ආරම්භ වේ. රාජාගේ පෙම්වතිය සුරූපී අලිෂ්කා (ජැක්ලින් ෆර්ඩිනෑන්ඩ්ස්) ය. දවසක් සමයිරා සහ අලිෂ්කා රාජා සහ ප්‍රේම්ව දැකලා පුදුමයට පත්විය. කතාවේ ඉතුරු ටික දැනගන්නම් 2017 සැප්තැම්බර් 29 තිරගතවන ඩේවිඩ් ධවාන් අධ්‍යක්ෂණය කරන සජිද නදයාද්වාලා නිෂ්පාදනය කරන ජුඩ්වා 02 බැලිය යුතුයි. මේ සිනමාපටයෙහි තිරපිටපටහ යූනූස් සේජාවල් විසින් ලියලා තියෙන අතර දෙබස් ලියලා තියෙන්නේ සජිද සහ ෆර්හාද් විසිනුයි. සුමියුරු ස්ප්තස්වර වලින් මේ සිනමාපටයෙහි අලංකාරත්වය වැඩි කරලා තියෙන්නේ සජිද් සහ වජිද් විසිනුයි. ප්‍රේම් සහ රාජාගේ චරිතයට පණපොවන්නේ අධ්යක්ෂ ඩේවිඩ් ධවාන්ගේ පුතනුවන් වන 1987 අප්‍රේල් 24 වැනිදා උපත ලබා ඇති වරුන් ධවාන් ඔහු ගැන ඔබ මේ වනවිටත් දන්නවා ඇති. ඒත් වරුන් ගැන මේ ටිකත් ඔබ දැන ගන්නම ඕන.
2016 වසරේදී සජිද නදිආද්වාලා සල්මාන් ඛාන් වෙනුවට වරුන් ධවාන් යොදාගෙන ජුඩ්වා 02 සිනමාපටය පෙන්වීමට කටයුතු කරන බව පැවසීම නිසා සල්මාන් ඛාන්ට ආදරය කරන රසිකයින් මහත් කම්පාවට පත්වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඔහු සමඟින් සහාය නිළියන් ලෙසින් අපේ රටේ උපන් ජැක්ලින් ෆර්නෑන්ඩ්ස් සහ තාප්සී පන්නු රංගනයෙන් දායක වෙනවා. මේ සිනමාපටයෙහි සිප ගැනීමේ දර්ශන වලින් සමන්විත වන අතර ඒවා තාත්වික ලෙසින්ම ඉදිරිපත් කරලා තියෙනවා කියලයි ඉන්දියාවෙහි පලවන සඟරා කිහිපයක සහ සමාජ මාධ්‍යන්හි නොයෙක් විදියේ ලිපි පල වී තිබුණා. ජුඩ්වා 02 සිනමා පටයෙහි රූගතකිරීමේ කටයුතුවල කාර්යබහුල කාල සීමාවක් ගතකරමින් සිටින තාපස්සී පන්නු විසින් එම සිනමාපටය සැරසී සිටින බිකිනි ඡායාරූපයක් තමන්ගේ සමාජ මාධ්‍යක පලකරමින් ඔබට මහ සයුරේ කොටසක් වීමට සෑම විටකම හැකියාව ඇත.
යනුවෙන් සටහන කොට තිබුණු අතර ජැක්ලින් ෆර්ඩිනෑන්ඩ්ස්ද තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමක බිකිනියකින් සැරසුනු ඡායාරූපයක් පලකරමින් බිකිනි රූගත කිරීමකින් පසු ඔබට ස්තූතියි යනුවෙන් සටහන් කොට තිබුණි. ඔවුන් දෙදෙනාගේම බිකිනි වලින් සැරසුනු ඔවුන්ගේ රූ සපුව විදහා දැක්වෙන මේ ඡායාරූප අන්තර්ජාලය තුළ මේ දිනවල ඉතා වේගයෙන් පැතිරෙන බවක් පෙනෙන්නට තිබේ,මෙය සිනමාපටය ප්‍රචාරණය කරගැනීමට සිදුකරන උපක්රමයක්ද විය හැකිබව මේ පිළිබඳව අදහස් දක්වන්න විසින් ප්‍රකාශ කොට ඇත.
► Text – Chandana Waravitage