2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

Dog Show-2017

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 408

වර්ෂ 1899 ඇරඹි ආසියාවේ පැරැණිම සුනඛ සංගමය වන ශ්‍රී ලංකා කෙනෙල් සංගමය විසින් 118 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ සුනඛ ප්‍රදර්ශනය ඉකුත් සති අන්තයේ කොළඹ BMICH හිදී පැවැත්වුණි. Hounds, Gun Dogs, Working, Pastoral, Utility හා Toy යන කාණ්ඩ යටතේ විවිධ වයස් කාණ්ඩවලට අයත් සුනඛයින් දෙසීයයකට ආසන්න ප්‍රමාණයක් ඊට එක්ව සිටියහ. එහිදී විවිධ තරග ඉසව් ඔස්සේ උන් තරග කිරීම කැපී පෙනුණි. 

ඒ අතර බැසෙට් හවුන්ඩ්, ඩෑෂ්හවුන්ඩ්, රිට්‍රීවර්, ලැබ්‍රඩෝර්, ස්පැනියල්, බොක්සර්, බුල් මැස්ටිෆ්, ඩොබර්මන් පින්ෂර්, ජර්මන් ෂෙපර්ඩ්, ඩැල්මේෂන්, බුල්ඩෝග්, සයිබීරියන් හස්කි, පග් හා පූඩල් වැනි විශේෂ ගණනාවක් දක්නට ලැබුණි. ශ්‍රී ලංකාව තුළ සුනඛයින්ගේ තත්ත්වය තවදුරටත් ඉහළට ඔසවා තැබීමටත් නිසි ජන්ම පරම්පරාවක් සහිත සුනඛයින් නඩත්තු කිරීම ගැන මහජනතාව දැනුම්වත් කිරීමටත් තම සංගමය කැපවී සිටින බව එහිදී අදහස් දැක්වමින් ශ්‍රී ලංකා කෙනෙල් සංගමයේ සභාපතිනි ලුසිල් දහනායක මහත්මිය පැවසුවාය.  එම සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියන්ත උදයකුමාර මහතා පැවසූයේ ශ්‍රී ලංකාව තුළ අලුත් සුනඛ වර්ග ප්‍රචලිත කිරීම ද මෙම ප්‍රදර්ශනයේ එක් අරමුණක් වන බව ය. 


| රජිත ජාගොඩ ආරච්චි  / සේයාරූ - සුමුදු හේවාපතිරණ