සුරූපිනියන් අතරින් විශිෂ්ටතම සුරූපිනිය තෝරාගැනීම වෙනුවෙන්ම සියත ටී.වී නාලිකාව සහ මොඩල්ෂොප් ආයතනය එක්ව සංවිධානය කරන ලද Siyatha Miss World Sri Lanka – 2017 හි අවසන් මහා තරගය කොළඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවැත්වුණා.
මෙවර සියලු හැඩකාර සුරූපිනියන් අතරින් Siyatha Miss World කිරුළට හිමිකම් කීවේ දුශේනි මියුරංගි. මෙහි දෙවැනි ස්ථානය හිරුෂි ජයසේනටත්, තෙවන ස්ථානය හරිණි සිල්වාටත් හිමි වුණා. පසුගිය වසරේ ජයග්‍රාහිකාව වූ අම්රිතා ද සිල්වා විසින් දුශේනි මියුරංගිට Siyatha Miss World කිරුළ පැළැදුවා. Siyatha Miss World සුරූපිනියන්ගේ හැඩ වැඩවලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.
Pic & Text by – Romesh Danushka Silva