සචිනි.... මේ දවස්වල වැඩිය සිනමාවේදීවත්, පුංචි තිරයේදීවත් දකින්න ලැබෙන්නේ නෑ... මොකද ඒ..?
ඔව්... මම අවුරුදු ගාණක ඉඳන් එහෙම කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නෑ. හැබැයි මම කරපු ෆිල්ම් තුනක් තාම තිරගත වුණේ නෑ. නලින් මාපිටිගමගේ තානාපතිලාගේ ගෙදර, රෝයි ද සිල්වාගේ තවත් සිනමා නිර්මාණයකටත් මම දායක වුණා. ඒක අමෙරිකාවේදී තමයි රූගත කිරීම් කළේ. ඊට පස්සේ සංජය නිර්මාල්ගේ ස්වර කියන සිනමා නිර්මාණයටත් දායක වුණා. ඊට අමතරව බූඩි කීර්තිසේනගේ ටෙලිනාට්‍යයකත් රඟපෑවා. තව මම ලබන මාසේ තව ටෙලිනාට්‍යයකුත් බාරගත්තා. ඒ ටෙලිනාට්‍යය වාසිත සමරනායකගේ නිර්මාණයක්. එනිසා ඉදිරියේදී ආයෙත් මාව දකින්න පුළුවන් වේවි.
පසුගිය වසර කීපය තුළ එහෙම කලාවේ නිහඬව ඉන්න ලොකුම හේතුව වූයේ දරු දෙන්නද...?
ඔව්... දැන් මට දරුවන් දෙන්නෙක්නේ. දැන් මම දූවරු දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. දැන් ලොකු දුවට අවුරුදු හයයි. පොඩි දුවට අවුරුදු තුනයි. ලොකු දුවගේ නම අල්ෂිකා මහීපාල. පොඩි දුව ඉෂාර්ජා මහීපාල. ඉතින් කොහොමත් ලොකු දුව ඉපදුණු අලුත තමයි මම මගේ අන්තිම ටෙලිනාට්‍යය වුණු රන් සමනලයෝ රඟපෑවේ. ඊට පස්සේ මම ඉඳලා හිටලා වැඩකළා. ස්වර Film එක සිරි පැරකුම් චිත්‍රපටය එහෙම කළෙත් ලොකු දුව ඉපදුණාට පස්සෙයි. ඊට පස්සේ පොඩි දුව ඉපදිලා අවුරුද්දක් යනකන් මම මුකුත් කලා කටයුතු බාර ගත්තේ නෑ. දෙන්නෙක් පවුලට එකතු වුණාට පස්සේ මට ඒ ජීවිතයට එකතු වෙන්න එකපාරටම අමාරු වුණා. ඊට පස්සේ පොඩි දුවට අවුරුද්දක් වුණාම මම ආයෙත් වැඩ පටන් ගත්තා. දැන් මම ආයෙත් හරියට වැඩ පටන්ගෙන දැන් අවුරුදු දෙකයි.
කොහොමද දැන් දූවරු දෙන්නා...? දඟයිද?
ඒ දෙන්නත් එක්ක ගත කරන මේ ජීවිතේ හරි ෂෝක්. හරි සුන්දරයි. ඉස්සර වගේ නෙමේ. දැන් හරි වගකීමක් තියෙනවා. මට ගෙදර වැඩවලට උදව්වට අය ඉන්නවා තමයි. ඒත් දුවලා ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ ඒ ජීවිතේ වගකීම් වැඩියි. එයාලව ඉස්කෝලේ යවන එක ගේන එක තමයි ප්‍රධානම වැඩේ. ඒ නිසා මගේ වැඩවලට වඩා මම දැන් මුල්තැන දෙන්නේ ඒ දෙන්නගේ වැඩවලටයි. ඒ දෙන්නා එච්චරම දඟ නෑ. හැබැයි ඒ අක්කයි නංගියි ගොඩක් එකතුයි. ඒ නිසා ඒ දෙන්නගෙන් මට එහෙම ලොකු කරදරයක් නෑ. ඒ දෙන්නා එකතුවෙලා සෙල්ලම් කරගෙන ඒ දෙන්නගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඒ දෙන්නා හුරතල්. හරිම හොඳ දරුවෝ දෙන්නෙක්.
අද සචිනි ව්‍යාපාරිකාවක්...? එහෙම නේද...?
ඔව්... මම විවාහ වුණු අලුත මගේ හස්බන්ඩ්ගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියා. එයාගේ නම ඉසංග මහීපාල... එයා ඇඳුම් පිටරට යවනවා. ඒත් දැන් මගේ රංගන කටයුතු ආයෙත් පටන් ගත්තට පස්සේ ඒ ව්‍යාපාරයට පූර්ණකාලීනව නියැලෙන්න වෙලාවක් නෑ. අනික මේ වගේ ක්ෂේත්‍රයක ඉඳලා ව්‍යාපාරික ලෝකයට යද්දී ඒක වෙනස්ම ලෝකයක්. මේ වෘත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් වෘත්තීන් දෙකක්. ඒකට වඩා මම කලාවට කැමතියි. ඒ නිසා මම දැන් රංගන කටයුතු තමයි වැඩිපුරම කරන්නේ.
හතර දෙනාටම ලැබෙන විවේක කාලයේදී මොකද කරන්නේ?
මට විවේකයක් ලැබුණම මම ගෙදර ඉන්න තමයි වැඩිපුරම කැමති. නැත්නම් අපි වෙන රටකට හෝ කොළඹින් පිට හෝ යනවා. ගොඩාක් වෙලාවට බබාලට නිවාඩු කාලේදී තමයි අපි වෙන රටකට යන්නේ.
සචිනි ලස්සනට ඉන්න ආස කලාකාරියක්නේ. කොහොමද ඒකට තියෙන උනන්දුව...?
ඇත්තටම ලස්සනට ඉන්න මම ආසයි. ඒ නිසා ලස්සනට ඉන්න දේවල් මම කරනවා. ඒක මගේ වෘත්තියටත් අවශ්‍ය දෙයක්නේ. දවසේ තියෙන හැම වැඩකටයුත්තක්ම අපි හරියට ප්ලෑන් කළොත් ඒ හැම දෙයක්ම අපිට කරගන්න පුළුවන්. ඒ නිසා හැමදෙයක්ම කරලා වෙලාවත් ඉතුරු වෙනවා. ඒ නිසා මම සාමාන්‍යයෙන් ගොඩක් දේවල් ප්ලෑන් කරලා කරන කෙනෙක්. මම බබාලගේ වැඩත් කරනවා. හස්බන්ඩ්ගේ වැඩත් කරනවා. ගෙදර උදව්වට කට්ටිය ඉන්න නිසා ඒ දේවලුත් මම හොයලා බලනවා. ඉතින් ඒ හැම දෙයක්ම බලලා කරලා මම දවස ප්ලෑන් කරගන්නවා.
ඔය අතරේ ඔයා ඇඳුම් පැළඳුම්වලටත් හුඟක් විශේෂයක් දක්වන කෙනෙක්...?
ඔව්... ඔව්... මම ඇඳුම්වලට ගොඩක් කැමතියි. මට එක එක වර්ගයේ ඇඳුම් තියෙනවා. හැම විලාසිතාවකම වගේ ඇඳුමක් මට ඇති. ගොඩක් ඇඳුම් මම තාමත් ඇඳලා තියෙන්නේ එකපාරයි. ඇඳුම්වලට මගේ පෞද්ගලික කැමැත්ත නිසාම මම ඇඳුම් වැඩිපුර ගන්නවා. මට විවේකයක් ලැබුණම මම ආස දෙයක් කරනවා නම් ඒ තමයි ෂොපින් යාම. ඒක මගේ හිතට ගොඩක් සතුටු දෙයක්.
වැඩිපුරම කාත් එක්කද ෂොපින් යන්නේ?
මම ෂොපින් යන්නේ තනියමයි. මම ෂොපින් ගියාම මුළු දවසම කන්නෙත් නැතිව බොන්නෙත් නැතිව ෂොපින් කරන කෙනෙක්. වෙන කෙනෙක් ආවොත් ඒ කෙනා ගැන මම බලන්න ඕනේ. ඒ නිසා මට ලේසි මම තනියම යන එකයි. අපි මොකක් හරි රටකට ගියාම මම තනියම මගේ ෂොපින් එක කරගෙන එන වෙලාවලුත් තියෙනවා.
මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු?
මම දැන් ළමයි දෙන්නෙක් හැදුවා. කරන්න තියෙන යුතුකම් බොහොමයක් ඉෂ්ට කළා. මගේ වෘත්තියත් එක්ක මම කැමතියි හොඳ චිත්‍රපටවල රඟපාලා ඉදිරියේදී ඒ අතරින් තව වැඩිපුර වැඩකරන්න.
► Text – Dishani / Pic - Malaka Weligodapola