2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

උපහාරයද? අපහාසයද?

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 04:44 171

ඔන්න පසුගියදා අපේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්, තිරකතා රචකයෙක්, ගායකයෙක් හා බොක්ස් ඔෆිස් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට දිදුලන තරැ පායන රුයක් අතරතුරදී සිනමාවට දැක්වූ ඔහුගේ නොමසුරැ දායකත්වය වෙනුවෙන් උපහාර අගැයුම් සම්මානයක් ලැබුණලු.

නම නොකියා ඉන්න අවශ්‍ය නැහැනෙ. ඔහු තමයි රෝයි ද සිල්වා.
වසර 52ක් මුළුල්ලේ අඛණ්ඩව සිනමාවේ ක්‍රියාශීලීව නියැලිලා ඉන්න ප්‍රවීණ ශිල්පියා ඒ සම්මානය ලබාගත්තෙ දහස් සංඛ්‍යාත අයගේ අත්පොළසන් හඬ මැද.

පහුවදා ඒ සම්මානය ගැනත් රෝයි ද සිල්වාගේ සිනමා අත්දැකීම් ගැනත් ලියන්න මාධ්‍යවේදියෙක් ඔහුගේ ගෙදරට ගියාලු.

මෙන්න බොලේ රෝයි සහ සුමනා ඒ සම්මානය හැම අතටම පෙරළා පෙරළා මොනවදෝ හොයනවලු. රෝයි ඉතින් කවදත් විහිළුකාරයා නිසා කට්ටිය හිතුවෙ මේක රෝයිගෙ තවත් ජෝක් එකක් කියලා.
පස්සෙ බැලින්නම් සිරා සීන් එකක්. සම්මානෙ කිසිම තැනක මේක ලබාදෙන කෙනාගෙ නමවත් මේක ලබාදෙන හේතුවවත් සඳහන් කරලා නැහැ.

ඕක පෙරළා පෙරළා බලලා තියෙන්නෙ ඒ නිසයි.
&මගේ ජීවිතේ පළමුවැනි වතාවට තමයි මේ වගේ අනාථ සම්මානයක් මට ලැබුණෙ, ඔහු සිනාවෙමින් කිව්වා.
ඒත් ඒ මාධ්‍යවේදියා නම් අහන්න ගියේ මේක උපහාර සම්මානයක්ද? නැත්නම් අපහාස සම්මානයක්ද? කියලයි.

මේ ආදරයයි ලේස් ලාබයි

පසුගිය කාලෙක අපට ආරංචි වුණා මහරගම පමුණුව පැත්තෙ කඩයක් ගැන. 
ඒ පළාතම ප්‍රසිද්ධ රෙදිවලටනෙ. ඔන්න එක කඩේක රෙදි වර්ග ගොඩාක් තියෙනවලු. ඒකේ ඕනෙම රෙදි වර්ගයක් විකුණන්නෙ යාරෙ රුපියල් සීය ගාණෙ. ඒ නිසාම ඒ කඩේ බෝඩ් එකේ ගහලා තියෙනවලු ඕන රෙද්දක් රුපියල් සීයයි කියලා. ඕක අපට මතක් වුණේ මේ නත්තල් සමයෙ කිරිබත්ගොඩ පැත්තේ ඇඳුම් ගන්න ගිය වෙලාවක.

කිරිබත්ගොඩ හංදියෙ නුවර පාර අයිනෙම රෙදි කඩයක් තියෙනවා. ඒකෙ එළියෙ බෝඩ් එක කියවද්දි කාටත් හිනා යනවා. මේ ආදරයයි ලේස් - යාරය රු. 90, ප්‍රේම දඩයම පොප්ලින් - යාරය රු. 110.00 අනේ ඒ කාලෙ යශෝරාවය, දඩබිම, ගිරය, අඹ යහළුවෝ පෙන්නන කොට මේ වගේ රෙදි වර්ග තිබුණෙ නැහැනේ.

හානේ අයියා රඟපානවද?

ජනප්‍රිය ටෙලි නාට්‍ය දෙක තුනක රඟපාලා තියෙන තරැණ කලා ශිල්පියෙක් මෑතකදී මංගල උත්සවයකට සහභාගී වුණාලු.

නෑදෑ හිතමිතුරන් ගොඩක් ඇවිත් හිටිය ඒ උත්සවයේදී මේ තරැණ කොල්ලට විශේෂ යාළුවෙක් හඳුනගන්නට ලැබුණලු.

මුල් වරට හඳුනගත්ත ඇය සමඟ ඔහු කලාවට සම්බන්ධ විෂයන් රුසක් ගැනත් අදහස් හුවමාරැ කරගත්තලු. දැන් කතාව හැරෙනවලු ලංකාවෙ හදන ටෙලි නාට්‍ය හා ඒවාවල හරය ගැන.
කෙල්ල ටෙලි නාට්‍යවලටත් ඒකෙ රඟපාන අයටත් බණිනවලු පලු යන්න.

අධ්‍යක්ෂවරැ, නිෂ්පාදකවරැ ඉල්ලා හිටින දේවල් විතරක් දෙන එක නෙවෙයි රංගන ශිල්පියෙකුගේ වගකීම. ඔහුගේ හෝ ඇයගේ ශක්ති ප්‍රමාණයෙන් ගුණාත්මක දේවල් කරන්නත් ඔවුන් බැඳී ඉන්නවා නේද?* කෙල්ල අර නළුවගෙන් අහනවලු. කොල්ලගෙ මූණ රතු වෙලාලු. 

හරි නංගි ඔයා මොනවද හිතන්නෙ මම රඟපාපු චරිත ගැන? ඔහු ඇගෙන් ඇහුවලු.
මොනවා අයියා රඟපානවද? හානේ මම දන්නෙත් නැහැ. මොකේද ඉන්නෙ?

 

කවුද වැරදි?

පහුගිය දවසක දේශීය සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකුට උපහාර පිරිනැමීමේ උත්සවයක් පැවැත්වුණාලු.

කොළඹ ප්‍රධාන පෙළේ ශාලාවක පැවැති උළෙලේ දී උපහාර සම්මානය පිරිනැමීම සඳහා අධ්‍යක්ෂකවරයා වේදිකාව මතට රුගෙන ඒමට නියමිතව තිබුණේ එක්තරා ජනප්‍රිය නළුවෙකුටයි.
මේ තරැණ නළුවා සිනමාවට හඳුන්වා තිබුණේද මේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයාය.

අද සිනමාවේ ජනප්‍රිය තරැ රුසක් මුල්වරට හඳුන්වා දුන්නේ ඔහු බව කවුරැත් දන්නා කාරණයක්.

ඔන්න දැන් උපහාර සම්මානය පිරිනැමීමේ මොහොත එළැඹී තිබෙනවා. අධ්‍යක්ෂකවරයා වේදිකාව මතට රුගෙන ඒමට නියමිත නළුවා අහලකවත් නෑ. නිවේදකයා ඔහුගේ නම කියා ඇමතුවත් ඔහු ඒ අසලට පැමිණියේ නෑ.
ඒ වෙනුවට වෙනත් රංගන ශිල්පියෙක් මේ අධ්‍යක්ෂකවරයා වේදිකාව මතට රුගෙන ගියා. 

කොහෙද මචං ඔයා ගිහින් හිටියෙ? ඇයි අර වෙලාවෙ ඔයාගෙ ඩිරෙක්ටර්ව ස්ටේජ් එකට ගේන්න ආවෙ නැත්තෙ?*
උත්සවය අවසානයේ දී කට්ටිය අර නළුවගෙන් ඇහුවලු.

මම මොකටද යන්නෙ? ඊයෙ රූ ටීවී ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් ලොකු කයියක් ගැහුවා  එයා සිනමාවට හඳුන්වලා දීපු ජනප්‍රිය අය ගැන. ඒත් මගෙ නම කිව්වෙ නෑ - ඉතින් මම මොකටද යන්නෙ...* ඔහු කිව්වලු.

 

අනේ මෙහෙම තණ්හාවක්

සිංහල සිනමා වංශ කතාවේ තවත් එක් ප්‍රවීණ රංගන ශිල්පිනියක් පසුගියදා ඇගේ රංගන දිවියේ හතළිස් වන කඩඉම පසුකළාලු. 

ඒ ගැන මාධ්‍යවලින්ද ඇයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. කාගෙවත් පස්සෙන් ගිහින් ප්‍රසිද්ධියක් ලබාගන්නට අකමැති ඇයට පෞද්ගලික රෑපවාහිනී නාලිකාවකින් කතා කළාලු ඇය ගැන පැය දෙකක සජීව වැඩසටහනක් කරන්න.
ඇය රඟපාපු චිත්‍රපටවල පුංචි කොටස් හා ගීත ජවනිකා ඇතුළත් ඩී.වී.ඩී. පටයකුත් ඇය මේ නාළිකාවට භාර දුන්නලු, සාකච්ඡාවට අදාළ තැන්වලදී විකාශය කරන්න. ඔන්න දැන් කතාබහ සජීවව යන අතරතුර ඈ රඟපෑ ජනප්‍රිය ගීතයක රෑපරාමු පෙළක් විකාශය වුණාලු. 

ඒත් එක්ක ඒ පෞද්ගලික රෑපවාහානී නාලිකාවට එක්තරා චිත්‍රපට සංරක්ෂකයෙක්යැයි කියා ගන්නා කෙනෙක් දිගටම කොල් කරනවලු.
“ඔය දැන් යන සින්දුවේ අයිතිය තියෙන්නෙ මට. ඒක දැන්ම නවත්තන්න. නැත්නම් මම කෝටියක් වන්දි ඉල්ලලා නඩුවක් දානවා. ඔහු තර්ජනය කරනවලු.
“මහත්තයා එහෙම කරන්න බැහැනෙ. මේක සජීව වැඩසටහනක්නෙ. අනික මේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්නෙ.* වැඩසටහන් නිෂ්පාදකවරයා ඔහුට කිව්වලු.
“එහෙනම් ඒ සින්දුව පෙන්නනවට මට රැපියල් 20,000/- ගෙවන්නකෝ. ඔහු ගත් කටටම කිව්වලු.

ඔබටත් එසේම වේවා!

ඔන්න මේ දවස්වල ෆෝන් එකට නිවනක් නැහැ. නත්තලට සුභ පතලා SMS එනවා, අලුත් අවුරැද්දට දැන් ඉඳන්ම සුභ පතනවා.
අපේ ප්‍රවීණ කලා ශිල්පියෙකුටත් එහෙමයි.

මේ කලා ශිල්පියා නත්තල් දා ඔහුගේ නිවෙසේ කිට්ටුම යාළු මිත්‍රයන්ට පුංචි සාදයකුත් ලෑස්ති කරලා.

ඒ රාජකාරි අතුරතුර ඔහු එන SMS සුභ පැතුම්වලටත් කෙටියෙන් උත්තර දෙන්නෙ ඒවා කියවන්නෙත් නැතුව. ඔහු හැමෝටම උත්තර දෙන්නෙ &ඔබටත් එසේම වේවා* කියලයි. 
ඔන්න එයාගෙ හොඳම යාළුවෙක් ගෙදර දුරකථනයට කතා කරනවලු. 

හලෝ - මචං උඹට මොනවද වෙලා තියෙන්නෙ?* යාළුවා අහනවලු.
ඇයි මොකක්ද අප්සෙට් එක* කලා ශිල්පියා තක්බීර් වී අහනවලු. 
ඇයි බං මං උඹට SMS එකක් දැන් යැව්වනෙ අද උ‍ඹේ පාටියට එන්න බැරිවෙයි,  මගේ  වයිෆ්ට හොඳටම අසනීපයි කියලා
ඉතින්...

ඉතින් උඹ පිළිතුරක් එවලා තිබුණෙ, ඔබටත් එසේම වේවා* කියලා.