ස්ථානය : සිනමා සම්මාන උළෙලක් මෑතකදී පැවැත්වූ සුපිරි ශ්‍රවනාගාරයක්. ඉදිරිපෙළ අසුනක ලංකාවෙ ප්‍රධාන පෙළේ ජනප්‍රිය නළුවෙක් අසුන්ගෙන සිටිනවා. ඔහුට පසුපස පේළියේ වාඩි වී සිටින්නෙ ලංකාවෙ තවත් ජනප්‍රිය තරුණ කලා අධ්‍යක්ෂකවරයෙක්. කලා අධ්‍යක්ෂක ළඟ ඉන්නෙ අංගරචනා ශිල්පියෙක්.
සම්මාන පිරිනැමීමේ කාලය එළඹීමත් සමඟ ශාලාව පුරා තිබුණෙ දැඩි නිශ්ශබ්දතාවයක්.
ඒත් එක්කම කලා අධ්‍යක්ෂක අසල අසුන්ගෙන සිටි අංගරචනා ශිල්පියා අසුනෙන් නැඟිට වොෂ් රෑම් එකට ගියේ ඔහුගේ ජංගම දුරකතනය කලා අධ්‍යක්ෂකට බාරදීලා.
මිනිත්තුවක්වත් යන්න කළින් ඒ දුරකතනයට කෝල් එකක් එනවා. කලා අධ්‍යක්ෂක ඒක ඕෆ් කරන්න දන්නෙ නැහැ. ඔහුට හීන් දාඩිය දාලා. ශාලාවෙ ඉන්න හැමෝම ඔහු දිහා බලනවා. ඔහු ෆෝන් එක පුටුව යටට දැම්මා. ඒත් සද්දෙන් අඩුවක් නැහැ.
යාන්තම් කෝල් එක නැවතුණා. ආයෙත් කෝල් එක ආවා. ඔහු ඒකත් අරගෙන එළියට ගියා, වොෂ් රූම් පැත්තට. පස්සෙ යාළුවො දෙන්නම ශාලාවට ඇවිත් වාඩිවුණා.
ඔන්න දැන් වේදිකාවෙන් ආරාධනාවක්. කලා අධ්‍යක්ෂකට ඉදිරියෙන් වාඩිවෙලා ඉන්න ප්‍රවීණ නළුවට සම්මාන බෙදා දෙන්නට ඇරයුමක්.
ජනප්‍රිය නළුවා වේදිකාවට පියමනින්නට පෙර ඔහුගේ ජංගම දුරකතනය අර කලා අධ්‍යක්ෂකට දෙනවා.
අනේ බුදු අයියේ, මට මේක ඕෆ් කරලා දෙන්න. කාපු පරිප්පුව හොඳටම ඇති, කියලා කලා අධ්‍යක්ෂක කිව්වලු.
එක්තරා කලා පුවත්පතක වැඩ කරන ඉතාම ගුණගරැක භක්තිමත් කෙල්ලක් පහුගිය දවසක ගමේ පන්සලට බුදු පිළිමයක් පූජා කරන්න තීරණය කළාලු.
ඒ වැඩේ තනියම කරන්න බැරි නිසා ඇගේ හිතවත් මිතුරු මිතුරියන් වගේ හිතවත් කලා ශිල්පීන් ද ඒ සද්කාරයට සම්මාදම් වුණාලු. ඇය ඉතාම විශ්වාසවන්ත කෙනෙක් වුණු නිසා කිසිම කෙනෙක් ඇගෙන් වචනයක්වත් ඇහුවෙ නැහැ. මොකද ඒ පුණ්‍යකර්මයට දායක වෙන්න ලැබීමත් භාග්‍යයක් වුණු නිසා.
ඒත් බුදු පිළිමය පූජා කළ දවසෙ ඉඳලා දවස් ගාණක් කෙල්ල ඔෆිස් ඇවිත් නැති නිසා කට්ටිය කලබල වුණාලු.
බැලින්නම් එයාට තදබල බඩේ රුදාවක් හැදිලා අසනීපෙන් ඉඳලා තියෙන්නෙ.
මම කිසිම අප්සෙට් කෑමක් කෑවෙ නැහැ. අන්තිමට බිව්වෙ කුරුම්බා ගෙඩියක් විතරමයි.
ඒකත් කට්ටිය ඉහළින් විශ්වාස කළාලු.
අපේ සිනමාවේ සම්මානනීය නළුවෙක් මොනතරම් කාර්යබහුල වුණත් කලාවට සම්බන්ධ උත්සවවලට නම් නොවරදවාම එනවා. ඒවා රෑද දවල්ද කියලා ඔහුට අදාළ නැහැ.
ඔහු වැඩ කරන්න ගියාමත් රෑද දවල්ද කියන එක අදාළ වෙන්නෙ නැහැ. ඔසු පැන් බොන්නත් ඔහු හරි හපනා. ඒ වැඩේටත් දිවා රාත්‍රී ඔහුට එකයි.
ඔන්න පහුගිය දවසක ඔහු ජැන්ඩියටම ඇඳ පැළඳගෙන පාටියකට ආවා. ඒක තිබුණෙ රෑ. ඒත් ඔහු තඩි අව් කණ්ණාඩියක් ඇඳගෙන හිටිය නිසා කවුරුත් ඒ ගැන අවධානය යොමු කළාලු.
පාටියෙදි ඔහුගෙ හොඳම යාළුවෙක් ළඟට කිට්ටුවෙලා ඇහුවලු මොකද රෑටත් සන්ග්ලාස් දාන්නෙ කියලා.
දන්නැද්ද මචං ඊයෙ රෑවෙලා පටන් ගත්තු පාටිය ඉවර වුණේ එළිවෙලා. මටත් අම්බානෙට වැඩි වුණා. ඇස් දෙක ඉදිමිලා, රතුවෙලා. ඉතින් ඒකට තියෙන හොඳම පිළියම තමයි මේ සන්ග්ලාස් එක, ඔහු කිව්වලු.
ඩොනල්ඩ් ජයන්ත - එස්. සරෝච් අධ්‍යක්ෂණය කරන ආලංකුලම ෆිල්ම්ස් 7 වැනි සිනමා නිර්මාණය සඳහා රංගන කුසලතාවයන් ඇති නවක නළු නිළියන් (වයස අවු. 15 සිට අවුරුදු 50ට වැඩි) සඳහා සම්මුඛ පරීක්ෂණය 2017 ඔක්තෝබර් මස 22 වැනි දින පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වේ.
අසූව දශකයේ මුල්භාගයේ සිට ඇති වූ අවාසනාවන්ත සිද්ධීන් නිසා මූලිකවම සිංහල සිනමා කර්මාන්තය කඩාවැටීම සිදු වූ බව කවුරුත් දන්නා කාරණයක්.
400කට ආසන්න සිනමා ශාලා ප්‍රමාණය එක්වරම 150 දක්වා අඩුවීම දේශීය සිනමා කර්මාන්තයට මරුපහරක් එල්ල කළ ප්‍රධාන සාධකයක් වෙලා.
කර්මාන්තයේ නියැලි බොහෝ අය මෙන්ම කලින් කල පත් වූ රජයන් ද සිනමා කර්මාන්තයට නව පණක් දීම සඳහා විවිධ කටයුතු කළා. ඒවායෙ සාර්ථක අසාර්ථකභාවය කෙසේ වෙතත් ඒ උත්සාහයන් ගැන අපි සතුටු විය යුතුයි.
සිංහල චිත්‍රපට නැරඹීම සඳහා සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයන් ඇදගැනීම සඳහා විවිධ උපක්‍රම පසුගිය දශකය තුළත් සිදු වුණා, අදත් සිදුවෙනවා.
ඒත් හොඳ චිත්‍රපටයක් ශාලාවලට ආ විගසින් වැල නොකැඩී එන ප්‍රේක්ෂකයන් ගැන අපට ඇත්තේ ආඩම්බරයක්. හේතුව අපේ සිනමා ප්‍රේක්ෂකයන් බුද්ධිමත් නිසා.
දැන් දැන් චිත්‍රපට ශාලා හැදීගෙන එනවාත් සමඟ අනාගතය සුභ වේයැයි සිතෙන මේ මොහොතේ අපේ සිනමා කර්මාන්තයට මරුපහරක් එල්ල විය හැකි තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයා ඇදගැනීම සඳහා මහත් වෑයමක් දරන වර්තමානයේ දී, අලුත් සිංහල චිත්‍රපට ජංගම දුරකතන ඔස්සේ පෙන්වීමට ඇතැම් ප්‍රබල ආයතන මුලපුරමින් සිටිනවා.
චිත්‍රපටයක නියම රසය අත්විඳීම එය සිනමා ශාලාවක මිසක් අත්ලයක ඇති ආම්පන්නයක් හරහා ලබාගත නොහැකිය.
අපේ සිනමාවේ ප්‍රබලයන් පිරිසක් මේ ගැන අවධානය යොමුකර ඇතත් සිනමාව සම්බන්ධව මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් දශක ගණනාවක කාලයක සිට තැනුණේ නැහැ.
ඒ හිඩැසින් රිංගා දේශීය සිනමාව වලපල්ලට යැවීමේ කුමන්ත්‍රණය පැරදවීමට මූලික වන්නේ කවුදැයි රටම බලා සිටිනවා.
කාලය රන් හා සමානයි කියලා කතාවක් තිබුණට බොහෝ අයට ඒක අදාළ වෙන්නෙ තමන්ගෙ කාලයට විතරයි. අනුන්ගෙ කාලය ගැන කිසිම තැකීමක් නැහැ.
බොහෝ මාධ්‍ය සාකච්ඡාවලට ආරාධනා පත් ලැබුණම පත්තර මිත්‍රයෝ දන්නවා ඒකෙ සඳහන් වෙලාවට කවදාවත් වැඩේ පටන් ගන්නෙ නැති විත්තිය.
5 කිව්වොත් 6 තමයි. ඉතින් පත්තර මිත්‍රයොත් ඒ අනුව තමයි හැඩගැහිලා තියෙන්නෙ. ඔන්න 5ට ආරාධනා කළොත් යන්නෙ 6ට. ඒත් වැඩේ පටන් අරන් නැහැ.
ඔන්න ළඟදි තිබුණ කලා උත්සවේකට ඒ වගේ මාධ්‍යවේදියෙක් පැය භාගයක් පරක්කුවෙලා ගිහින් තියෙනවා. හැබැයි යනකොට වැඩේ ඉවරවෙලා ස්තූති කතාව යනවලු.
ඔන්න ඒකෙන් තවත් පාඩමක් ඉගෙනගත් ඔහු පහුවදා ඒ ශාලාවෙම තිබුණු උත්සවේට හරියටම හවස 5ට ආවලු.
අනේ ඒත් වැඩේ පටන් ගත්තෙ 6.30ටලු.
► Text - Mithra