විසල් නගරයක හැමෝම තරගකාරිත්වයට මුල් තැනක් දෙමින් තම තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගන්න දුවමින් ඉන්නවා. ඒ අතරේ තම බිරිය නොමැතිව එකම දියණිය හදා වඩා ගනිමින් ඉන්න තාත්තා කෙනෙක් ඉන්නවා. මේ තාත්තා මත්පැන් නම් ටිකක් පාවිච්චි කරනවා. ඒත් ඔහු තමන්ගේ දියණියට ගොඩාක් ආදරෙයි. තමන්ගේ එකම දුව භූමි තමන්ගේ පියා සමඟින් දුක සතුට බෙදාගනිමින් ජීවත් වෙනවා. ඒත් සුන්දර රූ සපුවකින් හෙබි මේ දියණිය එක දවසක් තාත්තා ගෙදර එනකොට ගෙදර හිටියේ නෑ. ඇය අතුරුදන්වෙලා.
මේ කතාවෙ ඉතුරු ටික දැන් ගන්න නම් මේ දිනවල තිරගත වෙමින් තියෙන භූමි හින්දී සිනමාපටය නරඹන්නට වෙනවා. මේ සුන්දර හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඔමුන්ග් කුමාර් විසින්. භූෂන් කුමාර්, සන්දීප් සිං සහ ඔමුන්ග් කුමාර් නිෂපාදනය කරලා තියෙන මේ සුන්දර සිනමාපටයෙහි තිරපිටපත රාජ් ශාන්දිල්යා විසින් සිදු කරලා තියෙනවා. මේ සිනමාපටයෙහි කතාව සන්දීප් සිංගේ. විනාඩි 135ක ධාවන කාලයකින් යුතු මේ සිනමාපටය 2017 සැප්තැම්බර 22 වැනිදා සිට ලොව පුරා තිරගත කෙරුණා. මේ වනවිට අලෙවි වාර්තා තබමින් මේ සිනමාපටය තිරගත වෙනවා.
මෙහි තියෙන සුමියුරු ගීතයන් සඳහා මනබඳිනා මිහිරි සංගීතයෙන් සරසලා තියෙන්නේ සචින් ජිගර්, ආදිත්‍ය දේව් සහ සචෙත් පරම්පරා විසිනුයි. මේ ගීතයන්හි මනහර වචන යොදලා තියෙන්නේ ප‍්‍රිට්යා සරයියා, අන්විතා දත්, වායු උත්කරාශ් නයිතානි, සචෙත් පරම්පරා සහ ප‍්‍රියා විසින්. මේ රමණීය ගීතයන්වලට පණ පොවන්න කට හඬ මුසු කරලා තියෙන්නේ නේහා කක්කර්, බෙනී දයාල්, බ්‍රිජේශ් ශාන්දිලියා, රහත් ෆතේ අලි ඛාන්, සචින් සාංග්වී, දිව්‍යා කුමාර්, ජොනිතා ගාන්ධී, සුඛ්වින්දර් සිං, සංජේ දත්, අජේ ගෝඩ්වාලේ සහ පයාල් දේව් යන අය විසින්.
භූමි සිනමාපටයෙහි තාත්තාගේ චරිතයට පණ පොවන්නේ ඔබ අපි කවුරුත් දන්නා හිටි ගමන් ආන්දෝලනාත්මක සිද්ධීන්ට මැදිවන කෙනෙක්. ඔහු ත‍්‍රස්තවාදීන්ට උදවු දීමේ වරදට ඉන්දියාවේ සිර කඳවුරුවල පවා හිටිය කෙනෙක්. 1959 ජූලි 29 වැනිදා උපන් සන්ජු බාබා හෙවත් සන්ජේ බලාජ් දට් තමයි මේ සිනමා පටයෙහි ප‍්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඔහු සිනමා නළුවෙක් නිෂ්පාදකවරයෙක් දේශපාලකයෙක් වගේම ටීවී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්ද වෙනවා. 1972 සිට ඔහු සිනමාවට සම්බන්ධව කටයුතු කරන අතර ජනප‍්‍රිය නළු නිළි යුවලක් වන සුනිල් දට් සහ නාර්ගීස් ගේ පුතනුවන්ද වෙනවා. 1987දී රිචා ශර්මා සමඟින් විවාහවුණු සංජේ 1996 දී ඇයගෙන් දික්කසාද වුණා. ඉන්පසුව 1998 දී රියා පිල්ලයි සමඟින් විවාහ වුණු සංජේ දත් 2005 දී ඇයගෙන්ද දික්කසාදවෙලා 2008 දී මන්වතා සමඟින් විවාහ වුණු අතර ඔහු තිදරු පියෙක්ද වෙනවා.
ෆිල්ම් ෆෙයාර් අවෝර්ඩ්, නැෂනල් අවෝර්ඩ් ඇතුළු සම්මාන රාශියකින්ද ඔහු පිදුම් ලබා තියෙනවා. ඔහු රඟපෑ චිත්‍රපට අතරින් මෙන්න මේවා ඔබගේ මතකයේ තවමත් ඇතිවාට සැකයක් නැහැ.
Rocky 1981. Main Awara Hoon (1983). 1985 Jaan ki Baazi (1985). Inaam Dus Hazaar, Jeete Hain Shaan Se (1988), Mardon Wali Baat (1988), Ilaaka (1989), Hum Bhi Insaan Hain (1989), Kanoon Apna Apna (1989), Taaqatwar (1989).Naam (1986 film) Kabzaa (1988)
2000’ Mission Kashmir, Kurukshetra., Jodi No.1 (2001), Pitaah (2002), Kaante (2002) Munna Bhai M.B.B.S. (2003), Musafir (2004), Plan (2004), Parinee Lokhandwala (2007), All the Best (2009), Double Dhamaal (2011), Son of Sardaar (2012) Agneepath (2012) PK,
භූමි සිනමා පටයෙහි ප‍්‍රධාන නිළියගේ සිනමාපටයට පණ පොවන්නේ අදිති රා ඕ හයිද්‍රි. 2006 දී හින්දි සිනමාව හා සම්බන්ධ වුණු ඇය 2009 දී සත්‍යදීප් මිෂ්රා සමඟින් විවාහ වූ අතර 2013 දී දික්කසාද වෙනවා. ඒ වගේම අමීර් ඛාන් විවාහවෙලා හිටියේ අදිතිගේ සොහොයුරිය වන කිරන් රා ඕ සමඟිනුයි. නදාකමට් ආමීර් ඛාන් අදිතිගේ මස්සිනාත් වෙනවා. ඇය සිනමාපට රාශියක් සඳහා නිර්දේශ වී සම්මානද ලබා තියෙන දක්ෂ ශිල්පිනියක්. ඒ වගේම දිල්ලියේ විශ්වවිද්‍යාලයෙන් උපාධියක්ද ලබාගෙන තියෙන කෙනෙක්. ඇය රඟපෑ මෙන්න මේ සිනමාපට ඔබත් අනිවාර් යෙන්ම නරඹලා තියෙනවාට සැකයක් නැහැ.
Sringaram 2006, 2011 Yeh Saali Zindagi, Rockstar (2011), Murder 3 (2013), Khoobsurat (2014), Wazir (2016) Fitoor (2016).
සනී ලියෝන් කිව්වම අපිට මතක් වෙන්නේ හින්දි සිනමාපටයන්හි ඉන්න සරාගීම යුවතියනේ. ඔන්න සනී මේ භූමි සිනමා පටයෙත් එක ගීතයක් සඳහා පෙනී ඉන්නවා. ඉතින් සනී ලියෝන්ට කැමති රසික රසිකාවියන් වන ඔබටත් ඒ ආරංචිය යහපත් එකක්.
(හින්දි මාධ්‍ය ඇසුරෙන්)
► Translation — Chandana waravitage