ඩිල්රුවන් පෙරේරා පසුගිය වසර කීපයේ ශ්‍රී ලංකාව ලැබූ ටෙස්ට් ජයග‍්‍රහණ රුසක දැවැන්ත කොටස්කරැවෙක්. ඩිල්රුවන් සතුව ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් වාර්තා කීපයක් ද තිබෙනවා. හැබැයි අද අපි කතා කරන්නේ ඒ ගැන නෙවෙයි.
දකුණු අප‍්‍රිකාවේදී දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ඩිල්රුවන් සහභාගි වී සිටියදී ඔහුගේ බිරිය රංගි ප්‍රසාදී තවත් පුතෙකු බිහිකළා. දැන් ඩිල්රුවන් පුතාලා දෙන්නෙක්ගෙම තාත්තා කෙනෙක්. කැදැල්ලට එක්වූ අලුත් පුංචි පුතා ගැන අහන ගමන් අපි රංගිගෙන් ඇහුවේ ඩිල්රුවන් වැඩිපුරම කන්න ආසා කෑම ගැන හා විනෝදාංශ ගැන.
1. ඔබේ පවුලට එකතු වූ අලූත් සාමාජිකයා පිළිබඳව ඩිල්රැවන්ගේ ප‍්‍රතිචාර කොහොමද?
අපිට තවත් පුතෙක් ලැබුණා. ඒ වන විට ඩිල්රුවන්, දකුණු අප‍්‍රිකානු සංචාරයට පිටත්ව ගිහිල්ලා. ඩිල්රුවන් මා ළඟ නොහිටියත් වෙලාවක් ලැබෙන සෑම විටම දුරකථනයෙන් කතාකරලා විමසනවා. එයා ගොඩක් සතුටුයි. එයාට දුවෙක්ද පුතෙක්ද කියලා බේදයක් නෑ. අපි දෙන්නා අපේ දරුවා සතුටින් පිළිගත්තා.
එයා විශේෂයෙන් අහන්නේ අපේ ලොකු පුතා ඩිහේන්ගේ ප‍්‍රතිචාර කොහොමද කියලයි. අපි පුතාට නමක් තැබුවේ නෑ. ඩිල්රුවන් ආවට පස්සේ නම තෝරන්න බාර දෙනවා.
2. ඩිල්රුවන් අතුරුපස එහෙමත් නැත්නම් පැණිරස කෑමවලට දක්වන කැමැත්ත කොහොමද?
ඩිල්රුවන් අතුරැපස කිව්වම ෆෘට් සැලඩ් කන්න කැමතියි. ඒ වගේම අයිස් ක‍්‍රීම්වලට බිස්කට් කුඩු, චෝකලට් කුඩු දාලා කනවා. හැබැයි එයා තෙල් වැඩි කෑම කන්නේ නෑ. මොකද එයාලගේ කෑම පාලනයක් තියෙනවා. එයා කෑම පාලනය නිවැරදිවම කරනවා.
3. මට මේ කෑම හදලා දෙන්න කියලා විශේෂයෙන් කියන කෑම වර්ගයක් තියෙනවද?
ඩිල්රුවන් කිසිම කෑමක් එහෙම විශේෂයෙන් ඉල්ලන කෙනෙක් නොවෙයි. එහෙම ඉල්ලනවා නම් මමත් කැමතියි හදලා දෙන්න. එයා කිරි මිශ‍්‍ර කරපු කෑම කන්න කැමති නෑ.
මම ගොඩක් කැමතියි එයා මොනව හරි දෙයක් හදලා ඉල්ලනවානම්. අහම්බෙන් හරි ඉල්ලුවොත් මම එයාට හදලා දෙනවා. එහි කිසියම් අඩුවක් තිබුණත් කවදාවත් දොස් කියන කෙනෙක් නෙමෙයි. ඔහු කොහොමත් නිහඬ චරිතයක්.
සමහර වෙලාවට අන්තර්ජාලයෙන් හෝ වෙනත් තැනකින් දැක්කොත් කියනවා මේ වගේ කෑමක් හදන්න පුළුවන්ද කියලා. එයා එහි කෑම වට්ටෝරැවත් ගෙනත් දෙනවා. ඒ සඳහා අවශ්‍ය බඩුත් ගෙනත් දෙනවා. එයා ගෙදර හදන දේවල් කන්න ගොඩක් ප‍්‍රිය කරනවා. එයා සාමාන්‍යයෙන් බත් කන්න තමයි වඩාත් කැමති. බෝංචි, අල වගේ දේවල්වලටත් විශේෂයෙන් ප‍්‍රිය කරනවා.
4. උයන පිහන කටයුතුවලටත් සහයෝගය දක්වනවාද?
නෑ. එයා ඒ වගේ වැඩවලට එන්නේ නෑ. අපි ඩිල්රැවන්ගේ අම්මත් එක්කනේ ඉන්නේ. අම්මා තමයි උයන කටයුතුවලින් වැඩි ප‍්‍රමාණයක් කරන්නේ. එයා අම්මගේ කෑමවලට ගොඩක්ම ආසයි.
5. ඩිල්රුවන් විවේකයක් ලැබුණම වඩාත් කැමති මොනවටද?
ඩිල්රුවන් චිත‍්‍රපට බලන්න ගොඩක් කැමති කෙනෙක්. දැන් බැහැ. ඒකට වෙලාවක් නෑ. අපි දෙන්නා ඉස්සර නම් විත‍්‍රපට බලන්න යනවා. දැන් දෙන්නටම ඒ සඳහා විවේකයක් නෑ.
එයා ගොඩක් කැමතියි පවුලේ අය සමඟ කාලය ගතකරන්න. යාළුවො එක්ක කතා කර කර ඉන්නත් ඩිල්රුවන් ගොඩක් කැමතියි. අපි සියලු දෙනාම විනෝද චාරිකා එහෙම යනවා.
Text – Yohan