ආයෙමත් ඇවිදින්
කඳුළු දී මට
නික්ම ගිය ඔබ
ආයෙමත් ඒ කඳුළ අරගෙන
ආයෙමත් ඇවිදින් ...
අඳුර විනිවිද
එළිය ඉල්ලන
සඳපාන රෑ සිහින සිඹිමින
හුදෙකලා සිත් අරණ කෙළවර
කවුරුදෝ ඇවිදින්
රිදී පාටින්
කඳුළු ඉහිරෙන
දියවරේ මල් සුවඳ සුසුවඳ
රහසේම සිඹ නික්ම යන්නට
කවුරුදෝ ඇවිදින්
නුඹත් මට නැති
මාත් මට නැති
අනන්තයක නැවතුමක් සොයාගෙන
අරන් ගිය සඳ සිහින අරගෙන
ආයෙමත් ඇවිදින්
කවුරුදෝ ඇවිදින්
I Saara