ගෝපාල් , මාධව්, ලකී, ලක්ෂ්න් ප‍්‍රසාද් සහ ලක්ෂ්මන් කියන්නේ මවුපියන් නෑදෑයින් නොමැති හින්දා අනාථයින් ලෙසින් ඇති දැඩිව ජීවත්වෙන කීපදෙනෙක්. මේ කට්ටියටම හරි හරි වැඩ වෙනවා. මේ ගොල්ලෝ ජීවිතේ ගොඩාක් දේවල් විඳිමින් ඉඳලා එකපාරටම ආපහු වතාවක් කාත් කවුරුවත් නැති අසරණයින් බවට පත්වෙනවා. අද ඔයාට කියන්න හදන්නේ 2017 ඔක්තෝබර් 20 වැනිදා සිට ප‍්‍රදර්ශනය ආරම්භ කළ ජනප‍්‍රිය හා අති දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කළ, රෝහිත් ෂෙට්ටි සහ සංගීතා අහිර් විසින් නිෂ්පාදනය කළ ගෝල්මාල් රිටර්න්ස් හින්දි සිනමාපටය ගැනයි.
සජිද් සහ වජිද්ගේ දෙබස් වලින් රස කවා ඇති මේ සිනමාපටයෙහි තිර රචනය යුනූස් සජාවල් විසින් කරලා තියෙන බව තමයි පැවසෙන්නේ. ඒත් මේ සිනමාපටයේ කතාවට හිමිකම් කියන්නේ නම් රෝහිත් ෂෙට්ටිමයි. ගෝල්මාල් රිටර්න්ස් සිනමාපටයෙහි ගෝපාල් ගේ චරිතයට පණපොවා ඇත්තේ 1969 අෙප්‍ර්ල් 02 වැනිදා උපත ලද සිනමා නළුවෙක් නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විසින්. 1999 වසරේදී ජනප‍්‍රිය සුරූපී නිළියක් වන කාජල් සමඟින් විවාහ වී දැනට දෙදරු පියෙක් වන අජය දේව්ගන් තමයි මේ සිනමාපටයේ ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට පණ පොවන්නේ. විෂාල් විරූ දෙව්ගන් නමින් උපන් අජය සිනමා සම්මාන රාශියකට උරුමකම් කියන අතර පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබූවෙක් වෙනවා. ඒ වගේම පෞද්ගලික ගුවන් යානයක්ද ඔහු භාවිත කරනවා. අජය දේවගන් කියූ සැණින් මෙන්න මේ ෆිල්ම් ටික ඔබේ මතකයටත් එන්න ඇති නේද?
Jigar (1992), Dilwale (1994), Suhaag (1994), Naajayaz (1995), Diljale (1996), Ishq (1997). 1998, Mahesh BhattZakhm National Film Award for Best Actor1999 Hum Dil De Chuke Sanam Raincoat (2004), Gangajal, (2004), Yuva (2004), Apaharan (2005), Omkara (2006), Golmaal: Fun Unlimited (2006), Golmaal Returns (2008), All the Best: Fun Begins (2009), Once Upon a Time in Mumbaai (2010), Golmaal 3 (2010), Raajneeti (2010), Singham (2011), Bol Bachchan (2012), Son of Sardaar (2012), Singham Returns (2014) Drishyam (2015)
1988 ඔක්තෝම්බර් 22 වැනිදා ඉන්දියාවේ හරියානාවලදී අම්බාලා කියන ප‍්‍රදේශයේදී ඉපදී මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගෙන දැනට සිනමා නිළියක් ලෙසින් රංගනයෙහි යෙදෙන ටීෂාව ඔබ දන්නවාද? නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් වගේම ෆිල්ම් ෆෙයාර් සම්මාන පවා ලබා තියෙන මේ නිළිය ගෝල්මාල් රිටර්න්ස් සිනමාපටයෙහි කුෂී ලෙසින් තම හැකියාවන් පෙන්නුවා. ටීෂා කියලා ඔයාලා දෙන්න නැති වුණාට ප‍්‍රියංකා චොප්රාගේ ඥති සහෝදරිය පරිනීතා චොප්රාව දන්නවනේ. ඇය තමයි මේ සිනමාපටයෙහි කුෂීගේ චරිතයට පණ පොවන්නේ. මෙන්න මේ සිනමා පටවලටත් පරිනීතාගේ දක්ෂතා අපිට බලන්න පුළුවන්.
Ladies vs Ricky Bahl – 2011, Ishaqzaade -2012, Shuddh Desi Romance-2013, Hasee Toh Phasee-2014, Daawat-e-Ishq-2014, Kill Dil-2014, Dishoom-2016, Meri Pyaari Bindu-2017, Golmaal Again-2017, Takadum-2017 1971 නොවැම්බර් 04 වැනිදා ඉන්දියාවේ හයිඩ‍්‍රාබාද්හි ටෙලන්ගනවලදී උපත ලද පද්ම ශ්‍රී සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන රාශියකින් සහ වෙනත් සම්මනා රාශියකින් පිදුම් ලැබූ මෙන්න මේ සිනමා පටවල රංගනයේ යෙදුණු උස නිළිය ඔබට මතකයිද?
Maachis (1996), Kaalapaani (1996), Virasat (1997), Kandukondain Kandukondain(2000), Hu Tu Tu (1999), Astitva (2000), Chandni Bar (2001), Maqbool (2003), Cheeni Kum (2007), Haider (2014), Drishyam (2015) Fitoor (2016). Saajan Chale Sasural (1996), Border (1997), Biwi No.1 (1999), Hum Saath-Saath Hain (1999), Fanaa (2006), Jai Ho (2014). The Namesake (2007) Life of Pi (2012).[4]
තබස්සුම් ෆාතිමා හෂ්මි එහෙම නැත්නම් තාබු ගැනයි අපි ඔබට කිව්වේ. ගොල්මාල් රිටර්න්ස් සිනමා පටයෙහි ඇන්නා මැතිව්ගේ චරිතයට පණ පොවන්නේ තාබු විසින්. ඒ වගේම අර්ෂාද් වර්ෂි මාධව්ගේ චරිතයත් තුෂාර් කපූර් ලකීගේ චරිතයත් නීල් නෙතින් මුකෙෂ් නිඛිල්ගේ චරිතයත් ජොනී ලීවර් පප්පි භායි ගේ චරිතයත් පණ පොවද්දී නානා පටේකර් හරි ලස්සන වැඩක් කරලා. ඔහු මේ සිනමාපටයට බලහත්කාරකමක් කරලා. වැරදියට හිතන්න එපා. නානා පටේකාර් කිසිවෙක්ගේ ආරාධනයකින් තොරව මේ සිනමාපටයේ රූ ගත කරන තැනට ඇවිත් අනාරාධිතවම රංගනයකට දායකවෙලා
විනාඩි 151ක් ධාවන කාලයකින් සමන්විත මේ සිනමාපටය සඳහා කෝටි 100ක් වැය කරලා තියෙනවා. මේ වනවිටත් අලෙවි වාර්තා තබමින් මේ සිනමාපටය ලොව පුරා ප‍්‍රදර්ශනය වෙනවා. මේ සිනමාපටයෙහි ගීත සඳහා එස් තමන්, අමාල් මල්ලික්, වැනි අය සංගීතවත් කරලා තියෙන අතර ගීත බොහෝමයක ගී පද රචනා කරලා තියෙන්නේ කුමාර් විසින්. ඒ වගේම මෙහි ගීත තමන්ගේ මන බඳින හඬින් රසවත් කරලා තියෙන්නේ බ්‍රිජේශ් ශාන්ඩිල්යා, අදිති සිං ශර්මා, නීරජ් ශ‍්‍රිධර්, සුක‍්‍රිති කකර්, අමිත් මිශ‍්‍රා, අර්මාන් මලික්, නිකිල් ඩී සූසා සහ අනුෂ්කා මංචන්ද් යන ගායක් ගායිකාවන් විසින්.
► Translation — Chandana waravitage