2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

සිඳු ත‍ෙර

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

හමුවෙන වෙන්වෙන නියත දහම ළඟ
නොහඬා ඉනු මැන කඳුළු දරාගෙන
ජීවිතයේ දුක සැප උහුලාගෙන
හිතවත මේ දුර යමු හිනැහී අප

ආවොත් යා යුතු වග අදහාගෙන
කාන්තාරයේ කුසුමක සුසුවඳ
පරවී යන තුරු තුටින් විඳින්නට
පසක් කරනු මැන ජීවිතයේ රඟ

ආ දුර නොදන්න සංසාරේ මඟ
අනන්ත දේදුණු පාට හීන මැද
ඉගිලී එන්නැති භවයෙන් භවයට
පුරුදු ස්නේහය හිත රන්දාගෙන

නොවැම්බරේ අග මළවුන්ගේ දා
දල්වා තබනෙමි ඉටිපහනක් මම
නිදුකින් හිඳිනෙමි ඇවිදින් යනු මැන
කියන්න දහසක් දේ ඇත හිත අග

I Saara