ප්‍රේමය නම් කිමැයි
කියාදී
නුඹ යන්න ගිහින්
වළාකුලකට දුක කියන්නට
තරුත් නිදියන රැයක ඇවිදින්
හීන් සැරයේ නුඹේ උරහිස
හිස තියන්නද එදා වාගෙම
කියාදෙනවද දරාගන්නට
අහිමිදා මට මගේ ප්‍රේමය
හැරී ආපහු යන්න හිතුණත්
වැඩිද මන්දා ආ දුරක් අප
ඈත දුර අර සඳ ඇවිත් අද
අවසාන කවි පද ලියන්නට
ආදරේ නොව ජීවිතේ ගැන
හෙමි හෙමින් මට කියාදෙන්නට
► Saara