2017 ජනවාරි 07 වන සෙනසුරාදා

අපේ පුතුන් දෙන්නම සචින්ලා

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

 

Cricket Star විශේෂාංගයට දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන් වගේම හිටපු ක්‍රීඩකයනුත් සම්බන්ධ කරගන්න අපි හිතුවා. හැබැයි මේ විශේෂාංගයේදී අපි කතා කරන්නේ ක්‍රීඩකයන් එක්ක නෙවෙයි. ඔහුගේ බිරිය, මව හෝ සමීපතමයෙක් එක්ක ක්‍රීඩකයා කැමති එක දෙයක් ගැන. මෙදා සැරේ අපි කතා කළේ හෂාන් තිලකරත්නගේ බිරිය අප්සාරි එක්ක. ඇය මේ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරනවා. අප්සාරි සමඟ අපි කතාකළේ හෂාන් කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන.

හෂාන් වඩාත්ම ප‍්‍රියකරන ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ කවුද?
හැම වෙලාවෙම බ‍්‍රයන් ලාරා ගැන කතා කළා. හෂාන් ගොඩක් ප‍්‍රියකළා බ‍්‍රයන් ලාරාගේ පන්දුවට පහර දීමේ රටාවට. ඒ වගේම එයා කැමතියි සචින් තෙන්ඩුල්කාර්ට.

සචින් ගැන හෂාන් කීව අනාවැකිය හරි ගියා

එයා විතරක් නොවෙයි. අපි දෙන්නම සචින්ට කැමතියි. සචින් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට පිවිසි මුල්ම කාලේ, ඒ කියන්නේ සචින් ඒ වනවිට ගොඩක් ප‍්‍රසිද්ධ නෑ. හැම වෙලාවෙම මට කියනවා දීපිකා (හෂාන් මට කතා කරන්නේ දීපිකා කියලා) මේ සචින් කවදාහරි ලෝක ක‍්‍රිකට් පිටියේ වීරයෙක් වෙනවා කියලා. එයා මුල සිටම එය කිව්වා. ඒක අද වනවිට සැබෑවෙලා තියෙනවා. 

ඒ කැමැත්තට සම්බන්ධ විශේෂ සිද්ධියක් තියෙනවාද?
ඔව්. අපිට නිවුන් පුත්තු දෙදෙනා ලැබුණම අපි දෙන්නා තීරණය කළා පුතාලා දෙන්නගේ දෙවැනි නමට ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුගේ නමක් දාන්න. අපි ඒ සඳහා සචින් කියන නම තෝරා ගත්තා. ඒ අනුව තමයි පුතාලා දෙන්නට දුවිඳු සචින් සහ රවිඳු සචින් කියලා නම් තිබ්බේ. 

ලාරාෙග් Bat කිරිල්ලටත් හරිම අාසයි

අපි එහෙම නම් තිබ්බා කියලා සචිනුත් දන්නවා. එයා සංචාරයකට පැමිණි අවස්ථාවේදී පුතාලා දෙන්නා බලන්නත් ආවා. ඇවිල්ලා ගොඩක් සතුටු වුණා. අවස්ථා කීපයකදීම පුතාලව මුණගැසුණා. 
සචින් අවසන් වරට ආපු අවස්ථාවේදී මට මතක විදියට විශේෂ උත්සවයක් තිබුණා. ඒ අවස්ථාවේදී ඉන්දීය මාධ්‍යවේදීන් අපේ ගෙදර ඇවිල්ලා පුතාලගේ සම්මුඛ සාකච්ඡා ලබාගත්තා. ඒකට හේතුව පුතාලා ක‍්‍රිකට් ගහනවා. අනික තමයි සචින්ගේ නම තියෙන එක.

රෝයි අයියා ගැනත් නිතරම කියනවා 

සචින් සහ ලාරා හැර වෙනත් ක‍්‍රීඩකයෝ ගැන හෂාන් කියන්නේ නැද්ද?
එංගලන්ත හිටපු පිතිකරැ ඩේවිඩ් ගවර්ටත් හෂාන් ගොඩක් කැමතියි. හෂාන් ගවර්ගේ පන්දුවට පහර දීමේ රටාවට තමයි ගොඩක් ඇළුම් කරන්නේ. 

හෂාන්, පාකිස්තානු හිටපු වේගපන්දු යවන ක‍්‍රීඩක වසීම් අක‍්‍රම් ගැන ගොඩක් කතා කරනවා. වසීම්ගේ පන්දුවට පහර දෙන්න ගොඩක් අමාරැයි කියලා තමයි හෂාන් කියන්නේ.
හෂාන්ට අමතක නොවන සිද්ධියක් තියනවා වසීම් අක‍්‍රම් සම්බන්ධයෙන්. 1994 වසරේ සාජාහිදී වසීම්ගේ පන්දුවක් වැදිලා හෂාන්ගේ කකුලේ ඇඟිල්ලක් කැඩිලා තිබුණා. සපත්තුව තිබුණත් ඇඟිල්ලේ නියපොත්ත කැඩිලා තිබුණා. 
හෂාන්ලා මොනවා වුණත් තරගය අතහරින්නේ නෑනේ. හෂාන් කියන කෙනා මම දන්න විදියට මොනවා වුණත් ක‍්‍රීඩාව නවත්වන්නේ නෑ. ඒ වුණත් පසුවදා පන්දුවට පහර දුන්නේ සපත්තුවේ මහපට ඇඟිල්ල තියන හරිය කපලා විවෘත කරලයි. මමත් ඒ තරගය රෑපවාහිනියෙන් නැරඹුවා.

හෂාන් වඩාත් ප‍්‍රිය කරන ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩකයා කවුද?
හෂාන් අපේ බොහෝ ක‍්‍රීඩකයෝ ගැන කතා වෙනවා. නමුත් විශේෂයෙන් කතා කරන්නේ රෝයි ඩයස් ගැන තමයි. රෝයි ඩයස්ට එයා ගොඩක් ප‍්‍රිය කරනවා. ක‍්‍රිකට් විලාසය අනුව තමයි එයා ප‍්‍රිය කරන්නේ. දැනටත් එයා රෝයි අයියා ගැන නිතරම කියනවා. 

නියපොත්ත කැඩුවට වසීම්ටත් හරිම කැමතියි

හෂාන් ප‍්‍රියකරන ක‍්‍රීඩකයකු මුණගැසුණම කතාකරපු විශේෂ දේවල් ගැන කියලා තියෙනවද?
වසීම් අක‍්‍රම් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි වෙලාවේ ඔහු හෂාන්ව අහලා තිබුණා. අපිට පණිවුඩය ලැබුණා හෂාන් අයියව හොයනවා කියලා. ඊට පසුව දෙන්න මුණගැසුණු වෙලාවෙත් එයාලගේ සුන්දර ඇත්දැකීම් පිළිබඳව කතා කරලා තිබුණා. 
ඇඟිල්ල කඩාගෙන පන්දුවට පහර දුන්න සිද්ධියත් ඒ අවස්ථාවේදී කතාවුණා කියලා කිව්වා. හෂාන් කිව්වා අපි ඉතාමත් සතුටින් ඉස්සර දේවල් කතා කරමින් සිටියා කියලා. 

Text - Yohan

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00