2017 ජනවාරි 07 වන සෙනසුරාදා

යුරේනිගේ මනාපෙ

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

කටකාර හැඩකාර රුවැති රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා පසුගිය වසරේ පැවති Music Video Awards හි පළමු මියුසික් වීඩියෝ එකෙන්ම තමන්ගේ පළමු සම්මානය  ලබා ගත්තා. යුරේනි කැමතිම සින්දු පහ මොනවා වෙන්න ඇත්ද? අපි ඒ ගැන යුරේනිගෙන්ම ඇහුවා.

01. සනුක වික්‍රමසිංහගේ  - සරාගයේ.. ගීතය 

මේ ගීතය තමා මම මේ දවස්වල කැමතිම ගීත අතරේ මුලින්ම තියෙන ගීතය. ඒකට හේතුව මේ කාලේ තියෙන මල් රැල්ලෙන් වෙනස් වුණු අලුත් විදියට නිර්මාණය වුණු වෙනස්ම ලස්සන ගීතයක්. ඒ වගේම තමා සනුක කියන්නේ අපිට ඉන්න දක්ෂ තරුණ ගායකයෙක්.

02. මිහිඳු ආරියරත්නගේ - යන තැනක... ගීතය 
මේ ගීතය ගත්තම මම මේ ගීතයේ මෙලඩි එකට වීඩියෝ එකට වගේම විශේෂයෙන්ම මේ තුළින් කියැවෙන අරුතට ගොඩක් කැමැතියි. ඒ නිසා මගේ සිතත් මේ ගීතය ළඟ නතර වුණා. 

03. සංක දිනෙත්ගේ -  රෝස කල්පනා 
මේ ගීතය හරියට film song එකක් වගේ හරිම ලස්සන ගීතයක්. මම මේ වගේ ගීතයක් ලංකාවේ දැක්කේ හරිම අඩුවෙන්. වීඩියෝ එක ගත්තත් කියන්න බැරි තරම් ලස්සනට සුන්දරව කරලා තියෙනවා. 

04. මගේ සාරි පොටේ ගීතය 
මම ගායනා කළ පළමු ගීතය වන සාරි පොටේ ගීතයත් මගේ කැමතිම ගීත 5 අතර තියෙනවා. මොකද මගේ කලා ජීවිතය තුළ වෙනසක් ඇති කළ මාව සම්මානයට පවා ලක් කළ ගීතය තමා සාරි පොටේ කියන්නේ. ඒ වගේම මේ ගීතයත් මල් රැල්ලෙන් වෙනස් වුණු ගීතයක්.

05.  ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ -  කොත්තමල්ලි ගීතය 
සුනිල් පෙරේරා මහතා කියන්නේ මම කුඩා කාලේ ඉඳන්ම ආස කළ ගායන ශිල්පියෙක්. ඉතින් එතුමාගේ ගීත බොහොමයකට මම කැමැතියි. මේ දිනවල මම කැමති ගීත 5 අතරට මම කියන්නේ කොත්තමල්ලි ගීතය. ඒ ගීතයේ  පද පෙළට වගේම වීඩියෝ එකටත් මම ගොඩක් කැමතියි.

 

Text – Anusha

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00