හායි. හතර අතින්ම සීතල සුළඟ හමනවා. නිල් කළුවර අහස දිහා බැලුවම ලස්සන තරුකැට කීපයක් දිලිසෙනවා. ආ අන්න වලාකුළකට වැහිලා තිබුණු හඳ ඕන්න ආයේමත් ආකාසේ ඉඳන් එබිකම් කරනවා. ඇඟේ හීගඩු පිපෙන නූල් කෑල්ලක් බිම වැටුණත් ඒ සද්දේ ඇහෙන මේ වෙලාවේ මම ඔයා ගාවම ඉන්නවා. ඔයාගේ තනිවුණු හිතට ඉඩෝරයක් කාලෙට වැටෙන පිනි බිඳුවක් වෙලා මම ඔයාගේ ආදරණීය සුලු. දැන් වෙලාව නම් පාන්දර 2 යි. මෙන්න මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට.
සුලෝචනා... ඉන්දියාවේ මුම්බායිවල ජීවත්වෙන්නේ එයාගේ හස්බන්ඩ් එක්ක. එයාලා දෙනන්ට අවුරුදු 11 ක පුතෙකුත් ඉන්නවා. තමන්ගේ මහත්තයාට ආදරබර බිරිඳක් සහ එකම පුතාට ආදරබර මවක්. ගෘහණියක්. සුලෝචනාට රුකියාවක් කරන්න හිතෙනවා. ඒත් සුලෝචනාට රැකියා හොයලා හොයලා එපා වෙලා ඉද්දී අහම්බෙන් රේඩියෝ චැනල් එකක නිවේදිකාවක් වෙන්න හම්බවෙනවා. එයා ජනප්‍රිය වෙන්නේ සජීවීව වැඩසටහනක් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලයි. සුලෝචනා සුලු වුණ හින්දා ඇයගේ පුතත් ඇයගෙන් දුරස්වෙනවා. ප්‍රශ්න රාශියකට ඇයට මුහුණදෙන්න වෙනවා. ඒත් සුලු ඒ ප්‍රශ්නවලට ශක්තිමත්ව මුහුණ දෙනවා. සුලුගේ කතාවේ ඉතිරිය දැනගන්නනම් ඔයාටත් 2017 නොවැම්බර් 17 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹුණු ඉන්දියානු රුපියල් කෝටි 17 ක් වියදම් කරලා හදලා තියෙන තුම්හාරී සුලු හින්දි සිනමාවටය. නරඹන්නටම සිදුවෙනවා. මේ විනාඩි 140 ක ධාවන කාලයකින් සමන්විත තුම්හාරී සුලු මේවන බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොවපුරා ප්‍රදර්ශනය වෙනවා. ආ කියන්න අමතක වුණානේ. සුලුට නිවේදිකාවක් වෙන්න උදව් කළේ ඇය සේවය කරන ගුවන් විදුලි නාලිකාවේ ප්‍රධානියා විදියට වැඩ කරන මරියා සුද්.
මේ විප්ලවීය සුලුගේ චරිතයට පණ පොවන්නේ හැමදාම බොලිවුඩය තුළ පෙරළිකාර චරිත නිරූපණය කරන සුරූපී නිළියක්. 1979 ජනවාරි 01 ඉන්දියාවේ මුම්බායිවලදී ඉපැදුණු ඇය සම්මානනීය නිළියක්. ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය ලබලා තියෙන්නේ මුම්බායි විශ්ව විද්‍යාලයෙන්. මේ සිනමා පටවල ඇති විශිෂ්ට රංගනයක නියැලුනු ඇය කවුද කියලා මතක් කර බලන්නකෝ.
Parineeta 2005/ Lage Raho Munna Bhai -2006 Hey babby 2007/ kismet connection – 2008/ Paa – 2009/ ishaiya-2010/ no one killer Jessica – 2011/ Dirty picture – 2011, kahaani-2012/ kahaani – 2, Durga Ranising 2016,
තවමත් මතක් වුණේ නැත්නම් මේකත් කියන්නම්කෝ. චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන සිද්ධාර්ත්රෝයී කපූර්ගේ ප්‍රිය බිරිඳ ඇයයි. මේ වෙනස් චරිතවලට අතිදක්ෂ විදියට පණ පොවන විද්‍යා තමයි සුලුගේ චරිතයටක් පණපොවන්නේ. ඒවගේම සුලුගේ බොස් ගැනත් ඔයාලා දැනගන්නම ඕනනේ. 1980 අගෝස්තු 27 වැනිදා ඉන්දියාවේ කේරළවල උපන් ඔහු 2002 දී මිස් ඉන්ඩියා යුනිවර්ස් ලෙසින් පිදුම් ලැබුවා. ඉතිහාසය ගැන වැඩිදුර අධ්‍යාපනයට දිල්ලි යුනිවර්සිටි ගිය ඇය මේ සිනමාපටවලත් රඟපෑවා. සුදු මීටර් 1.88ක් උස කෙල්ල මතකද කියලා බලන්නකෝ.
Qayamat-2003/ Kyaa Kool Hai Hum 2005/ Chup Chup Ke 2006/ Singhis King 2008/
තව සිනමාපට ලැයිස්තුවක්ම චරිත සමඟ කියන්න තියෙනවා. ඒත් තවත් දේ නොකියා මෙන්න මෙහෙම කියන්නම්. ඇය නේහා ධූපියා. නේහා තමයි සුලුගේ බොස්ගේ චරිතයට පණපොවන්නේ.
සුලුගේ හස්බන්ඩ් විධියට රඟපාන්නේ 1976 දෙසැම්බර් 19 වැනිදා උපන් මානව් කෙහුල්. එයා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක් වගේම වේදිකා නළුවෙක්.
Kaipoche, Haiaer, wazir, Jolly LLB – 2, සහ තවත් සිනමාපට කිපයක විවිධ චරිත වලට පණපොවලා තියෙන දක්ෂ රංගන ශිල්පියෙක්. මානව් තමයි තුම්හාරී සුලු හින්දි සිනමාපටයේ සුලුගේ හස්බන්ඩ් අශෝක් විදියට රඟපාන්නේ.
තුම්හාරී සුලු සිනමා පටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුරේෂ්. මේ සිනමා පටය නිෂ්පාදනය කරන්න කිහිපයදොනක්ම දායක වෙලා තියෙනවා. භූෂන් කුමාර්, තනුජ් ගර්හ්, අතුල් කස්බේකර් ශාන්ති සිවරාම් මයිනි කියන අය තමයි මේ සුන්දර සිනමාපටය හදන්න මුදල් යොදවලා තිෙයන්න තුම්හාරී සුලු සිනමා පටයෙහි සුන්දර දෙබස් ලියලා තියෙන්නේත් අධ්‍යක්ෂවරයා වූ සුරේෂ් ත්‍රිවේනීමයි. මේ සිනමාපටය සංගීතවත් කරලා තියෙන්නේ මෙන්න මේ කට්ටියයි. ගුරු රන්ධාවා, රජත් නැග්පල්, තනිෂ්ක් බාග්චි, අමර්න්යා රාහුල්, ලක්ෂ්මිකාන්ත්, පසාරේලාල් සන්තනු, සංක් කරන් සහ කුල්කර්නි.
තුම්හාරී සුලු සිනමාපටයේ මන බඳින ගී පද ගුරු රන්ධාවා, ජාවේද් අධ්තර්, වායු, සිද්ධාන්ත් කෞශල් සන්තුනු සටක් අතින් තමයි හැඩවෙලා තියෙන්නේ. මේ ගේයපදවලට පණ දෙන්න තමන්ගේ හඬ දායකත්වය ගුරු රන්ධාවා, කවිතා ක්‍රිෂ්තාමූර්ති, ශාශා ක්‍රිෂාවී, ශල්මලී බොල්ගුඩේ අර්මාන් මලික්, අදිත්‍යයන් සහ රොන්කිනි ගුප්තා තමයි අත්වැල් බැඳගෙන ඉන්නේ. එයා නිවේදිකාවක් වෙන්න ගිහින් වෙච්ච අබැද්දි ටික බලන්න. ඔයත් ඉක්මනටම තුම්හාරී සුලු බලන්න.
► Translation — Chandana waravitage