සාමයේ කුමරා ලෙස විරුදාවලිය ලත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිකිරීමේ අසිරිමත් නත්තල හෙට (25) දිනයට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් කතෝලික සභාවේ මාධ්‍ය හා ජනසන්නිවේදන ඒකකය විසින් සංවිධානය කෙරුණු විශේෂ නත්තල් සැමරුම් සැන්දෑවක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අගරදගුරු නිවසේදී පසුගියදා පැවැත්විණ. මේ අවස්ථාවට කතෝලික කලාකරුවන් විශාල පිරිසක් සහභාගී වූ අතර උත්සවය ගැයුමෙන් වැයුමෙන් රසවත් විණ. පැමිණි සියලු කලාකරුවනට කාදිනල් හිමිපාණන් විසින් නත්තල් තෑග්ගක් ලබාදීමටත් කටයුතු කර තිබිණ. මාධ්‍ය හා ජනසන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමන් ඇතුළු පියතුමන්ලාද, කන්‍යා සොහොයුරියන් පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.
නත්තල් සැමරුම් සැන්දෑවේ අවස්ථාවලින් අද අපේ පිටුව මෙලෙස හැඩවෙනවා.
Romesh Dhanushka Silva