2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

සිඳු ත‍ෙර

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

කොච්චරක් නම් සීතලද මේ සුළඟ
තාරකා පාර කියන්නෙත්
ආදරණීයම නත්තලකට
කියන්න ......
කෝ දෙවියන්

ආදරෙත් සීතලද මේ සුළඟ වාගේම
නෙතු පියන් හඬවාන
රහසේම නික්ම යන
ජීවිතෙත් සුන්දරද නත්තලක් වාගේම
මට කියාදෙන්න
​කෝ දෙවියන්

කුරිසියේ ඇන ගැසූ
දුක්බරම ප්‍රේමයක්
මගෙ ආත්ම ගීතයේ
හුදෙකලා ස්වරයක්
දරාගන්න කියාදෙන්නො
කෝ දෙවියන්

I Saara