2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

සීදුව සකුරා කා‍ෙල්ලා්‍ෙ ටික ඩීෆ්‍රීසරයේ... බුදු අම්මා්‍ෙ මාළු ගඳ ඉවසන්න බෑ.....

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 150

සීදුව සකුරා සංගීත කණ්ඩායම ආරම්භ කළේ 1991 අවුරුද්දේ. ඔන්න ඉතින් 1992 අවුරුද්දෙදී විතර අපිට කුරුණෑගල දඹුලු පාරේ එක්තරා නිවසක තිබුණු මංගල සාදයක් රසවත් කරන්න ආරාධනා ලැබුණා. සංගීතයට බොහෝ ළැදිකම් තියෙන සහෝදරයෙක්ගේ ගෙදරක තමයි මේක තිබුණේ. ඒ කාලේ අපිට තිබුණු ලොකුම පිස්සුව තමයි ෂෝ ගහන එක. අපි ඒ කාලේ “සවුන්ඩ් කාගේද යන්නේ මොකේද...? කීයක් ගෙවනවද... කියලා අහන්නේ නෑ... මල්ලී ඔන්න වෙඩින් එකක් තියෙනවා ගහන්න... කියපු ගමන් “හරි අයියේ අපි ගහමු කියලා අපි ඒකාලේ වැඩක් බාර අරගෙන ඉවරයි.

දැන් ඉතින් අපිව එක්ක යන්න වාහනයක් ගෙදරට එව්වා. අපි ගියා. බලද්දී අටවපු සවුන්ඩ් තමයි තියෙන්නේ... ඉතින් කොහොම හරි උත්සවය ඉවරවෙනකන් අපි සංගීතයක් දුන්නා... ඔන්න දැන් අපිට වැඩේ බාරදුන්න මනුස්සයා ළඟට ඇවිත්... “මල්ලී... නියමයි... මල්ලී... උඹට හොඳ අනාගතයක් තියෙනවා... කියලා කිව්වා... එච්චරම තමයි ඌ මිසිං. අපිට සල්ලි දෙන්න කෙනෙක් නෑ. කට්ටියම බුෆේ එක තියන තැනට ගියා... කෑම නෑ... දන්න අපිට ගෙදර කවුරුවත්ම කතා කරන්නේත් නෑ. මනමාල ජෝඩුවත් ගේ ඇතුළට ගියා. ගෙදර ටික ටික ලයිට් ඕෆ් වෙනවා... එකපාරටම මුළු පළාතම කළුවරයි. කට්ටියම නිදි. හැබැයි සීදුව සකුරා කණ්ඩායම කළුවරේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා.

අපි ගිහින් සීනුව ගැහුවා. වයසක මනුස්සයෙක් ඇවිත් “මොකද ඕයි... නිදාගන්න දෙනවකෝ... කියලා කිව්වා...* අංකල් අපිට යන්න වාහනයක් කියලා අපි කියද්දී ඔන්න තව මනුස්සයෙක් ඇවිත් අපෙන් විස්තරය ඇහුවා. බලද්දී මේ ගෙදර මාළු වෙළෙඳාම් කරන ගෙදරක්. ටිකකින් රිවස් එකේ ආපු මාළු ඩිෆ්‍රිසරයක් අපි ළඟම නැවැත්තුවා... “හා නගින්න... මේක තමයි තියෙන්නේ... කීවා.

දැන් වාහනයට නැග්ගා. පිටිපස්සෙන් දොරවල් දෙක ලොක් කළා. මාළු ගදයි. ඉවසන්න බෑ. කුරුණෑගල ඉඳන් සීදුවට යනවා තියා හිතාගන්නවත් බෑ... සීදුවේ සකුරා කොල්ලෝ ටික ඩීෆ්‍රීසරය ඇතුළේ ටික දුරයි ගියේ ඉන්නම බෑ... කොහොම හරි වාහනේ නවත්තලා අපි කුරුණෑගලින් බැහැගත්තා.

ඔන්න දැන් සීදුව සකුරා සංගීත කණ්ඩායම ඉන්නේ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ. කට්ටියම සල්ලි දාලා පාන්දරම සව්කංජි මනුස්සයෙක්ගෙන් සව්කන්ජි අරගෙන බිව්වා. ඒක තමයි අපේ රාත්‍රි ආහාරය. ඔන්න බස් එක බස් හෝල්ට් එකට ගැහුවාම අපි කොන්දොස්තර ළඟට කිට්ටු කරලා අපිට වෙච්චි සිද්ධිය කියලා අපේ තිබුණු ඉතුරු මුදල දීලා තමයි එදා සීදුවට ආවේ.

ඒ සීදුව සකුරා සංගීත කණ්ඩායම ඩීෆ්‍රීසරයකින් ආපු හැටිනේ. බලමුද සීදුව සකුරා සංගීත කණ්ඩායම තවත් අපූරු වාහනයකිනුත් ආපු හැටි. වාහනය මොකක්ද කියලා අන්තිමට කියන්නම්.

මේ සිදුවීම සිදුවුණේත් සීදුව සකුරා කණ්ඩායම පටන්ගත්ත මුල් දවස්වල. කඩවත උප පොලිස්පති කෙනෙකුගේ මංගල සාදය, මියුසික් දෙන්න අපිට කතා කළා. දැන් උප පොලිස්පතිනේ... ආපු මුල් දවසනේ... ඉතින් ඒ උප පොලිස්පතිත් කිව්වේ “පොලිසියේ තියෙන ෂෝ ටික ඔයාලට අරගෙන දෙන්නම්. කියලා. දැන් අර විදිහටම අපි ගිහින් මියුසික් දුන්නා. හැබැයි ආයේ මට්ටු නොවී සිද්ධ වුණෙත් ඒ දේමයි. අර උපපොලිස්පති නෝනා එක්ක ගේ ඇතුළට ගියා. ටිකින් ටික හැමෝම ගියා. අපි ඉතුරු වුණා. එදා වගේම වාහන ප්‍රශ්නයක් ආවා. කොහොමහරි අපේ කණ්ඩායමේ එකෙක් ගේ ඇතුළට ගිහින් උපපොලිස්පති මුණගැහිලා කොහොම හරි වාහනයක් ඉල්ලාගත්තා. වාහනයේ ගහලා තිබුණු නම දැකලා අපේ ඇස් උඩ ගියා. “........... මල් ශාලාව. බලද්දී මේ අපිට එවලා තිබුණේ හ(ර්)ස් එකක්. මොනවා කරන්නද ඒ හර්ස් එකේ නැගලා තමයි අපි එදා ගෙදර ආවේ. 

ඊළඟ සිදුවීම වුණේ කොරියාවේ ටුවර් එකක් යද්දීයි. ඒ මුවර් එකට සීදුව සකුරා කණ්ඩායම එක්ක නාමල් උඩුගම, ඇන්ටන් ජෝන්ස්, ලතා වල්පොල යන අපේ ගායක ගායිකාවෝ ගියා. ඒ වෙනකොට ෂෝ දෙක තුනකට ෆ්ලයිට් එකේ ගිහින් තිබුණ නිසා පොඩි අත්දැකීම් එහෙමත් තියෙනවා.

දැන් ඔන්න අපි ෆ්ලයිට් එකේ යනවා. ටික වෙලාවකින් අපිට ඇතුළේ පොඩි කලබලයක් තියෙනවා කියලා තේරුණා. ෆ්ලයිට් එක ඇතුළේ තියෙන රෙඩ් ලයිට් පත්තු වෙනවා. සුද්දන් තම ආගම සිහිකරනවා. දැන් අපිට හිතාගන්න බෑ. බලද්දී ෆ්ලයිට් එකේ ගබඩා කාමරයේ ගින්නක් ඇතිවෙලා. පයිලට්ගේ තියෙන දක්ෂතාවයෙන් ෆ්ලයිට්එක වෙනත් රටකට අනවසරයෙන් බැස්සුවා.

ඔන්න දැන් බැස්සුවා කියමුකෝ... ටික වේලාවකින් ආයෙමත් ඒ ගුවන් යානයට අපිව නැංගුවා. සුද්දෝ ඔහේ නැංගා. හැබැයි අපේ එවුන් මුලින් යන්න අකමැති වුණා. ආයෙමත් ඒ ගුවන් යානයට නැගලා ආයෙත් අර දේම වේවි කියලා අපි බය වුණා. ඒත්... ඉතින් මොනවා කරන්නද අපිත් නැග්ගා. එදා ගුවන් යානයට අනතුරක් වුණානම් අද අපි කවුරුත් නෑ.

► Text -Jayamali