2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

2017 කලා ලාෙව්‍ෙ මතක

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

ජනවාරි 
• ආලෝකෝ උදපාදි
චන්ද්‍ර වීරමන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය ආලෝකෝ උදපාදී වසරේ මුල්ම සිනමා නිර්මාණය ලෙස ප්‍රදර්ශනය.
• ඇනස්ලි ඩීවීඩී තැටිය එළිදැක්ම
ප්‍රවීණ ගායක ඇනස්ලි මාලවනගේ 50 වසරක සංගීත දිවිය සමරනු වස් පැවැති සංගීත ප්‍රසංගයේ ඩීවීඩී තැටිය එළිදැක්ම
• සිංහල සිනමාවේ 70 වැනි සංවත්සරය
ජනවාරි 21 සිංහල සිනමාවේ 70 වැනි සංවත්සරය.
• නෙක්ස්ට් ජෙන් ප්‍රසංගය
සුධර්මා නෙත්තිකුමාර ස්ටාර් ඉවෙන්ට්ස් වෙනුවෙන් නෙක්ස්ට් ජෙන් සංගීත ප්‍රසංගය කරළියට.
• ස්වර්ණාගේ රංගන ජුබිලිය
ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චිගේ සිනමා දිවියේ 50 වැනි සංවත්සරය.

පෙබරවාරි
• චරිත අටක් 400 වන දැක්ම
ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් ගුණරත්නගේ චරිත අටක් වේදිකා නාට්‍යයේ 400 වැනි දැක්ම.
• ප්‍රේමය නම් තිරයේ
කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ දෙසොහොයුරන් නිර්මාණය කළ ප්‍රේමය නම් චිත්‍රපටය ප්‍රදර්ශනය.

මාර්තු
• ආදරණීය රෝහණ ඉතාලියේ
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ආදරණීය රෝහණ සංගීත ප්‍රසංගය, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී හා චාමික සිරිමාන්න සමඟ ඉතාලියේදී.
• විල්සන්ගේ රංගන දිවියට 40යි
ප්‍රවීණ රංගධර ශිල්පී විල්සන් ගුණරත්න සිය රංගන දිවියේ 40 වැනි වසර පසුකරයි.
• කුස පබාවතී නව නිෂ්පාදනය
විජය නන්දසිරිගේ කුස පබාවතී නව නිෂ්පාදනයක් ලෙස ඔහුගේ පුත් රසාංජන නන්දසිරි සිය මව දේවිකා මිහිරාණි සමඟ ප්‍රධාන චරිතය රඟපාමින් එළිදැක්වීම.

අප්‍රේල්
• බන්ධනය තිරයට
උදයකාන්ත වර්ණසූරියගේ බන්ධනය චිත්‍රපටය ප්‍රදර්ශනය.
• ප්‍රසන්නට ජාත්‍යන්තර ඇගයීමක්
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ඉන්දියාවේදී බිෂ්වරතන ආචාර්ය බූපන් හසාරිකා සම්මානයෙන් පිදුම් ලැබීම සහ 18 වැනි ජනාධිපති සම්මාන උළෙලේදී ඔහුගේ ඔබ නැතුව ඔබ එක්ක සම්මාන රැසකට පාත්‍රවීම.
• ජනපතිගෙන් ගායක ගායිකා සංගමයට පරිත්‍යාගයක්
ගායක ගායිකාවන්ගේ සුභසාධනය හා විශ්‍රාම වැටුප් වැඩසටහන වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයට රුපියල් කෝටි 2 ½ක මුදලක් පරිත්‍යාග කිරීම.
• ගම්පහට රීගල් ද්විත්වයක්
නවීනතම 3D තාක්ෂණය සහිත සිනමා ශාලා ද්විත්වයක් රීගල් සිනෙප්ලෙක්ස් නමින් විවෘත වීම.

මැයි
• කීර්තිගේ සංගීත දිවියට 40යි
ජනප්‍රිය ගායක හා සංගීතඥ කීර්ති පැස්කුවල් සිය සංගීත දිවියේ 40 වැනි වසර සැමරීම.

 ජූනි
• ආලෝකෝ උදපාදී චීනයට
චන්ද්‍ර වීරමන්ගේ ආලෝකෝ උදපාදී චිත්‍රපටය 20 වැනි ශංහායි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී තිරගත වීම.
• ගොන්ඩෝලා වේදිකාවට
චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂක සුනිල් අරැණ වීරසිරි නිෂ්පාදනය කළ %ගොන්ඩෝලා^ වේදිකා නාට්‍යය මංගල ගමන ඇරඹීම.
• වින්ධ්‍යාගේ නර්තන පාඨශාලාව
ප්‍රවීණ නර්තන ශිල්පීනී වින්ධ්‍යා වරකාගොඩ සිය මුල්ම නර්තන පාඨශාලාව කොළඹදී ආරම්භ කිරීම.

ජූලි
• දීපිකා ශීල සුව අරණේ උපන්දිනය සැමරීම.
සම්මානනීය ගායන ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සිය උපන්දිනය හොරණ ශීල සුව අරණේදී සැමරීම.
• ධර්ම යුද්ධය මංගල දැක්ම
ධර්ම යුද්ධය චිත්‍රපටයේ මංගල දැක්ම කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්වීම.
• ඩොනල්ඩ්ට ගෞරව සම්මාන
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත කලාශූරී දේශමාමක ලංකා පුත්‍ර සම්මානයෙන් පිදුම් ලැබීම.
• ලෙස්ටර් දේශනය
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දේශනය ඉන්දියාවේ ශිවේන්ද්‍ර සිං දුංග්‍රාපූර් විසින් කොළඹදී පවත්වනු ලැබීම.
• සචිනිගේ දස්කම්
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති ගෝලීය රංගකලා තරගාවලියේදී සචිනි අයේන්ද්‍රා දෙවන වරටත් පදක්කම් 4ක් දිනා ගැනීම.
• මානෙල්ගේ ස්ටෙලා සෙට්වෙලා
ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් වානගුරුගේ තම අලුත්ම වේදිකා නාට්‍ය නිෂ්පාදනය ස්ටෙලා සෙට්වෙලා නමින් මහජන ප්‍රදර්ශනය ආරම්භ කිරීම.

අගෝස්තු
• ආචාර්ය ආරෝෂට සිනෙලින්ක්
ශ්‍රී ලංකාවේ පැරැණිතම නිෂ්පාදන ආයතනයක් සිනෙලින්ක් සමාගමේ කොටස් බහුතරයක් මිලදී ගනිමින් ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු එහි සභාපති තනතුරට පත්වීම.
• පුංචි ගම්පෙරළියට වසර 30යි
සම්මානනීය අධ්‍යක්ෂ බර්ට්ම් නිල්හා අධ්‍යක්ෂණය කළ ගම්පෙරළිය ටෙලිනාට්‍යය සිය 30 වැනි සංවත්සරය සැමරීම.
• සනත්ගේ මංගල තෑග්ගේ දෙවෙනි ගමන
ප්‍රවීණ රංගධර හා අධ්‍යක්ෂක සිය මුල්ම ටෙලිනිර්මාණය වන මංගල තෑග්ගේ දෙවෙනි ගමන ඩයලොග් ජාලය වෙනුවෙන් නිර්මාණය කිරීම.
• පොත් ගුල්ලී දොරට වඩී
සම්මානනීය අධ්‍යක්ෂ නාලක ස්වර්ණතිලගේ නවතම ළමා වේදිකා නාට්‍ය නිර්මාණය පොත් ගුල්ලී කරළියට.
• ස්ටාර්ස් ඔෆ් 70S
ස්ටාර්ස් ඔෆ් 70S සංගීත ප්‍රසංග මාලාව 20 වැනි වසර සැමරීම.

සැප්තැම්බර්
• හඳ එළියට වෙඩි තියන්න
කලකට පසු ප්‍රවීණ නිළි නීටා ප්‍රනාන්දු වේදිකාවට පිවිසෙන තනුජ් අනවරත්නගේ හඳ එළියට වෙඩි තියන්න වේදිකා නාට්‍යයේ මංගල දැක්ම.
• හංකිති දහතුන සීය පනී
ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය හංකිති දහතුන සිය වැනි වරට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී වේදිකාගත කිරීම.
• මේ මමයි 
බුද්ධිනී ජයවර්ධන විසින් තිරකතා රචනය කළ හා නිෂ්පාදනය කළ කුළුඳුල් ටෙලි නිර්මාණය මේ මමයි විකාශය ආරම්භ කිරීම.
• යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල
යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල තුන්වන වරටක් සාර්ථක ලෙස පැවැත්වීම.

ඔක්තෝබර්
• ඇගේ ඇස අගට හිත යයි
අශෝක හඳගම නිර්මාණය කළ ඇගේ ඇස අග චිත්‍රපටය 2017 රූපවාහිනී සිනමා සම්මාන උළෙලකදී සම්මාන රැසකට පාත්‍ර වීම.
• රුවන්ගේ රූ සිනමා
ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන රුවන් ජයසිංහ කටුනායක ඇවරිවත්තේ දී රූ සිනමා නමින් අලුත්ම සිනමා ශාලාවක් ආරම්භ කිරීම.
• සිග්නිස් සම්මානය සක්කාරංට
ආචාර්ය ධර්මසේන පතිරාජගේ සක්කාරං චිත්‍රපටය සිග්නිස් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම.

නොවැම්බර්
• බෙර මංගල්‍යය කොළඹදී
නාද්රූ තාල වාදන කණ්ඩායමේ දසවන වසර සමරනු වස් කොළඹදී බෙර මංගල්‍යයක් පැවැත්වීම.
• සාදය මාරයි 200යි
ධර්මප්‍රිය ඩයස්ගේ සාදය මාරයි සල්ලි හමාරයි නාට්‍යයේ 200 වන දර්ශනය කොළඹදී පැවැත්වීම.
• ශ්‍රී සුමන සම්මාන උළෙල
පූජ්‍ය මීගහවෙල සුමනශාන්ත හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් 12 වැනි වරටත් පැවැති ශ්‍රී සුමන අභයදාන සංගමයේ සම්මාන උළෙලේදී ප්‍රවීණ කලාකරුවන් රැසක් සම්මානයෙන් පිදුම් ලැබීම.
• වයිශ්නාවී ජගත් මංගල දැක්ම
ප්‍රවීණ සිනමාවේදී සුමිත්‍රා පීරිස් මහත්මියගේ නවතම සිනමාපටය වයිශ්නාවී කොල්කටා ජාත්‍යන්තර සිනමා උළෙලේදී තිරගත වීම.

දෙසැම්බර්
• ජැක්සන්ට කේරළ චිත්‍රපටයක්
සම්මානනීය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හට ඉන්දියාවේ සුප්‍රකට අධ්‍යක්ෂකවරයෙකු යටතේ කේරළ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමේ විරල වරමක් හිමිවේ.
• ජංගි හොරා හොඳම චිත්‍රපටය
ආචාර්ය සෝමරත්න දිසානායකගේ ජංගි හොරා චිත්‍රපටය නවදිල්ලි ජාත්‍යන්තර සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස පිදුම් ලැබීම.

Text – Ramesh Uvais/ Pic – Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00