2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

කා‍ෙල්ලෙක්ව අන්දන්න ගිහින් මම තාත්තෙක් වුණා

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

හැමදාමත් වගේ අපි කතා කළේ අපේ රටේ ගායක ගායිකාවන්ට, එහෙම නැත්නම් සංගීත කණ්ඩායම්වලට වෙච්චි අමතක නොවන සිදුවීම් ගැන ඒ වුණාට අපි අද වෙනස් කෙනෙක් එක්ක තවත් අත්දැකීම් ටිකක් කතාකරන්න හිතුණා.ඔහු අද වෙනකොට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කාර්යබහුලම අධ්‍යක්ෂවරයෙක් කිව්වොත් ඒක වැරදි නැහැ. ඒ තමයි රවීන්ද්‍ර විජේරත්න. ඉතින් බලමුද මේ අධ්‍යක්ෂවරයාගේ ජීවිතේ අමතක නොවන සිදුවීමක් දෙකක් ගැන

මේ සිදුවීම රවීන්ද්‍රට වුණේ දූ දරුවෝ ටෙලිනාට්‍යය රූගත කරද්දී. එතකොට දූ දරුවෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස්. එතකොට රවීන්ද්‍ර දූදරුවෝ ටෙලිනාට්‍යයේ දෙවැනි සහාය අධ්‍යක්ෂ. හැබැයි ඉතින් සහාය අධ්‍යක්ෂට වගේම දෙවැනි සහය අධ්‍යක්ෂටත් ලොකු වගකීමක් තියෙනවා.

දූ දරුවෝ ටෙලිනාට්‍යයේ මම දෙවැනි සහය අධ්‍යක්ෂ විදිහට තමයි වැඩ කළේ. ඔන්න එක දවසක් උදේ පාන්දර 4.00ට මෝදර හිටපු එච්.ඒ. පෙරේරා මහත්තයාට ලොකේෂන් එකට ගන්න යන්න තිබුණා. අපි එච්.ඒ.ට කියලා තිබුණේ පාන්දර 4.00ට වාහනය ගෙදරට එනව කියලා. කොහොම හරි එදාට කලින් දවසේ අපි තව ෂූට් එකක් රෑ වෙනකම් තිබිලා අපි කට්ටියම නිදාගත්තේ හොඳටම රැවෙලා.

හැමදාමත් වගේ මම එදත් එලාම් එක තිබ්බා. දැන් ඔන්න එලාම් එකත් වැදුණා. මායි ඩ්‍රයිවර් මල්ලියි ඉක්මනට ලෑස්තිවෙලා ඒ මහත්තයාව ගන්න පන්නිපිටිය ලොජ් එකෙන් පාන්දර 3.00 විතර පිටත්වුණා. පාරට ආවට අපිට එක වාහනයක්වත් ඉස්සරහට මුණගැහුණෙත් නෑ. පාර හරිම හිස්. අද දවස ෂෝක්.... වාහනත් නැ අයියෙ... අපිට ඉක්මනට එන්නත් පුළුවන්. කියලා චන්දන අමරතුංග කියන අපේ ඩ්‍රයිවර් මල්ලිත් කිව්වා. දැන් ඔන්න අපි යනවා. දැන් ඉතින් කියන වෙලාවටත් කලින් අපි එච්.ඒ.ගේ මෝදර ගෙදර ළඟටත් ගියා. බලද්දි ඒ වටේම ඉන්න මිනිස්සු පාරට ඇවිත් ලොකු කසුකුසුවක්. කොහොමටත් එතන මිනිස්සු තුන් හාරසීයක් විතර හිටියා. ඒ සෙනඟ අස්සෙන් අපි දෙන්නත් එච්.ඒ. පෙරේරා මහත්තයාගේ ගෙදර ගියා... අපිව දැක්ක ගමන් එච්.ඒ. නළලට අත ගහගෙන,

හපොයි... රවී කොහොමද ආවේ... හැමතැනම ඇඳිරි නීතියනේ. ඊයේ රෑ ගාමිණී දිසානායක මහත්තයාව මරලා... කියලා කිව්වා.
අද වගේ අපිට හෑන්ඩ් ෆෝන් ඒ කාලේ තිබුණේ නෑ. නිවුස් දැනගන්න ටී.වී. එක බලන්නම ඕනේ. එහෙම නැත්නම් රේඩියෝ එක අහන්නට ඕනේ. ඉතින්... හැමතැනටම ඇඳිරි නීතිය තියෙද්දී අපි විතරක් පාරේ. දැන් ඉතින් ආයේ පන්නිපිටියටත් යන්න එපැයි.

පරිස්සමින් රවී... යන්න... පොලිසියෙන් ඇහුවොත් ඇත්ත කියන්න... කියලා එච්.ඒ. කිව්වා. දැන් ඔන්න අපි ආයෙ වාහනයෙන් මෝදර ඉඳන් පන්නිපිටිය එන්න පිටත් වුණා කියමුකො... එකදිගට වාහනය නවත්තලා පොලීසිය ප්‍රශ්න කළා. බස් නැතිව පාරේ අතරමං වෙලා හිටපු හෝමාගම පැත්තට වෙනකම් හිටපු මිනිස්සුන්වත් පොලීසිය අපේ වාහනයට නැංගුවා. ඊට පස්සේ අපි දෙන්නා ඒ මිනිස්සුන්වත් ඒ අදාළ තැන්වලට බස්සලා තමයි පන්නිපිටිය ලොජ් එකට ගියේ. අපි යද්දි දූ දරුවෝ කණ්ඩායම අපි දෙන්නා ගැන බයවෙලා තමයි ඉඳලා තියෙන්නේ. කොහොම හරි ඒ සිදුවීමෙන් දවස් තුනක් විතර ෂූටිං කැන්සල් කළා.

මේ සිදුවීම වෙලා තියෙන්නේ රවීන්ද්‍ර අධ්‍යක්ෂවරයෙක් වෙලා ඉන්න කොටයි. සිදුවීමට සම්බන්ධ ප්‍රධාන චරිතයේ සැබෑ නම අපි හෙළි නොකරන්නට වගබලා ගන්නෙමු. සිදුවීමට සැබෑ චරිතයේ නම අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න.
ඔන්න රවීන්ද්‍රගේ කණ්ඩායමේ ටිකක් හැඩ තරුණයෙක් ඉන්නවා. හැබැයි කොල්ලට තාම කෙල්ලෙක් නෑ. ඔන්න දැන් රවින්ද්‍රලාට ලන්ච් බ්‍රේක් එකකදී මේ කොල්ලව ටිකක් බයිට් කරන්න හිතිලා. හැබැයි රවීගේ ෆෝන් නම්බර් එක මේ කොල්ලා ළඟ නෑ. ඒ නිසා තරංගයි රවීන්ද්‍රයි ඇතුළු අනිත් කණ්ඩායම එතන හිටපු නව පරපුරේ ජනප්‍රිය නිළියකුට කියලා කෝල් එකක් අරගෙන.
අයියා... කොහොමද...?
කවුද... නංගී... මේ...

පාරේ හිටපු මිනිස්සු ඔක්කොම 
පා‍ෙලිීසිය අප්‍ෙ වාහනයට පැට‍ෙව්වා

මම ඔයාව දන්න කෙනෙක්. හැබැයි කවුද කියන්නේ නෑ. මාස ගාණක් තිස්සේ මම අයියා ගැන හිතුවා... අයියා ලස්සනයි...
තෑන්ක් යූ නංගී...මෙහෙම පටන් ගත්තු කතාබහ ටිකක් දුරදිග ගියා. ඔන්න දැන් ආයෙත් ෂූටින් පටන් ගත්තා. ෂූටින් ඉවරවෙලා ලොජ් එකේදී ආයෙත් රවින්ද්‍රෙග්  ෆෝන් එකට අර කොල්ලා කෝල් කරනවා. නිළියත් ගෙදර ගිහින්. ෆෝන් එක කට් කළාට ආයේ ආයේත් ගන්නවා. ඔන්න දැන් රවීන්ද්‍ර නිළියගේ තාත්තා  වෙලා.

ඔන්න දැන් අර කෙල්ලගේ තාත්තා විදිහට මම කතා කළා. දුවට පිරිමි ළමයෙකුත් අපි හොයනවා. හැබැයි පුතේ ඒ දරුවට වෙඩි තියන්න පුළුවන් වෙන්න ඕනේ... පීනන්න පුළුවන් වෙන්න ඕනේ. ලස්සන වෙන්නත් ඕනේ. වෙලාව කියන්නේ අපේ මිත්‍රයාටත් ඒ දේවල් පුළුවන්. කොල්ලාට දැන් හරි හැපී. මම ලොජ් එකේ මෙහා පැත්තේ ඉඳන් කෙල්ලගේ තාත්තා විදිහට කතා කරනවා. කොල්ලා ලොජ් එකේ මිදුලේ ඇවිද ඇවිද මෙහා පැත්තට කතා කරනවා. පහුවදා අර නිළිය ආවම අපි ආයෙත් අපේ මිත්‍රයාට කතා කෙරෙව්වා. හම්බ වෙන්න දවසකුත් කියලා.

අපේ යාළුවා දැන් ලස්සන ෙවනවා. මේක් අප් මල්ලිගෙන් එක එක ප්‍රශ්න අහනවා. ඔන්න අර කියපු දවසෙ උදේ පාන්දර හරි හැඩට ඇඳ පැළඳගෙන මේ මනුස්සයා මගේ ළඟට ආවා.
අයියේ... අද මම පොඩි ගමනක් යන්න පොඩි නිවාඩුවක් ඕනේ... කියලා. ඒ වෙලාවේ තමයි මට හරියටම මතක් වුණේ... නිවාඩුව දීලා යන්න හදනකොට අපි මෙහා පැත්තේ ඉඳන් මේ යාළුවාට කෝල් කළා.....
අනේ පුතේ... බලන්නකෝ... වෙච්චි දේ. දූ අපේ නෑදෑ වෙන බෝයි කෙනෙක් එක්ක යාළුවෙලා. අපි දන්නෙත් නෑ. ඒත්... ඉතින් අපි දන්න කෙනෙක්නේ. කොල්ලගෙත් වරදක් නෑ... අපි කැමති වුණා. දුව කිව්වා පුතාට කෝල් කරලා කියන්න කියලා... කියලා කිව්වා.

ගේට්ටුව ළඟට ගියපු අපේ මිත්‍රයා ආයේ ලොජ් එකට ආවා.
ඇයි මල්ලි... මොකෝ...
නිවාඩුව ඕනේ නෑ කියලා හිතුණා අයියෙ.... ඒකයි ආවේ.

► Text – Jayamali /  Pic –Sumudu