2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

සාදයේ යාළුකමට රජ මඟුලේදී ලා‍ෙකු තැනක්

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

ප්‍රියංකා චොප්රා කියන්නේ මේ වනවිට බොලිවුඩයේ සිට හොලිවුඩය ආක්‍රමණය කරපු අති සාර්ථකම නිළිය කියලා හඳුන්වන්න පුළුවන් රංගන ශිල්පිනියයි. Baywatch චිත්‍රපටය සමඟ හොලිවුඩයට සංක්‍රමණය වුණු ප්‍රියංකා ඉන් අනතුරුව පටන් ගත් Quantico ටෙලි කතා මාලාව සමඟ මේ වෙද්දි නිව්යෝක් නුවර පදිංචිකාරිනියක් වෙලා. මේ බටහිර ජීවිතය නිසාම ප්‍රියංකාට එහේ විශාල යාළු මිත්‍ර පිරිසකුත් ඇති වෙලා. 

ප්‍රියංකාගේ බටහිර සංක්‍රමණය එක්ක මතුවෙන අලුත්ම ආරංචිය තමයි ඇය ලබන අප්‍රේල්වලදී පැවැත්වෙන එංගලන්ත රජ පවුලේ විවාහයටත් දෙවැනි මනමාලියක ලෙස එකතු වෙන්න සූදානම් බව ඒ හැරී කුමරුගේත් මේගන්ගේත් විවාහයේදී. 
ටොරොන්ටෝ නුවර සාදයකදී තමයි මීට කෙටි කලකට ඉහතදී ප්‍රියංකාත් හොලිවුඩ් නිළියක් වන මේගනුත් මුණගැහිලා තියෙන්නෙ. එතැන් පටන් මේ දෙන්නා බොහොම කිට්ටු මිතුරියන් ලෙස ඇසුරු කරන්න පටන් අරන්. විශේෂයෙන්ම ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලය ඔස්සේ පහුගිය මාස කිහිපයේදීම මේ දෙන්නා එකට විනෝද වෙන ඡායාරූප දකින්න ලැබුණා. 

හැරී කුමරු මේගන් සමඟ විවාහ ගිවිසගත් මොහොතේදීත් ඇය බොහොම ආදරණීය සහ හැඟුම්බර සුබපැතුමක් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ එක් කර තිබුණා.  ඉතින් ප්‍රියංකා සහ මේගන් අතර තියෙන මේ දැඩි මිත්‍රත්වය නිසාම බටහිර මාධ්‍ය වාර්තා කරන ආකාරයට හැරී මේගන් විවාහයේ දෙවැනි මනාලියක් බවට ප්‍රියංකා පත්වීමට තියෙන ඉඩකඩ බොහොම ඉහළයි. නමුත් කවුරුත් මේ බව තවම තහවුරු කර නැහැ. හැබැයි ඒ දේ එහෙම වුණොත් ඒක ප්‍රියංකාගේ පෞද්ගලික ජනප්‍රියත්වයට ලොකු බලපෑමක් එල්ලකරයි. ඒ විතරක් නෙමේ, තමන්ගෙ යටත් විජිතයක් වෙලා තිබුණු ඉන්දියාවෙ යුවතියක් රජ පවුලේ විවාහයක දෙවැනි මනාලියක් වීම ඓතිහාසික සිද්ධියක් විදිහට ගණන් ගන්නත් පුළුවන් වේවි. 

► Text — Rajitha 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00