2017 ජනවාරි 07 වන සෙනසුරාදා

(AAP KI ADALAT) උඹ කැත මිනිෙහක් උඹට රඟපාන්න බැහැ

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

Q රජත් - ඔබ රඟපානවා කියන දේ තෝරා ගත්තේ කුඩා අවධියේදිමද? නැත්නම් තරුණ අවධියේදිද?
ඇත්තටම මට ඕන වුණේ ක‍්‍රීඩකයෙක් වෙන්න. ක‍්‍රීඩාවෙන් මගේ දේශය වෙනුවෙන් නමක් තියන්නයි මට ඕන වුණේ. හොකී, ක‍්‍රිකට්, ෆුට්බෝල් ජාතික ටීම් එකට සෙල්ලම් කරන්නයි මට ඕනවුණේ. ඒත් ඒක හරිගියේ නැහැ.
ප‍්‍රශ්නයක් නිසා මට ක‍්‍රීඩාකරන එක නතර කරන්න වුණා. ඊට පස්සේ මට හවසට කරන්න දෙයක් නැති නිසා මගේ අම්මයි තාත්තායි ලේඩීස් රාම් කොලේජ් එකේ නාට්‍ය පුහුණුවීම් කරනවා ඒකට යන්න කිව්වා. හවසට කරන්න දෙයක් නැති නිසා මම ඒකට ගියා. ඊට පස්සේ මම දිල්ලිවල බාරීජෝන් නාට්‍ය පුහුණු පාසලෙන් ඉගෙන ගෙන මුලින්ම ටීවී වැඩසටහනකට එක්වුණා. ඒකේ නම ෆෞජී (හමුදාව)

Q රජත් - ඔයාට ටීචර් කෙනෙක් හරි වෙන කවුරු හරි කෙනෙක් හෝ නළුවෙක් වෙන්න එපා කියලා නැද්ද?
මම නම් කියන්න කැමති නැහැ. මම දන්න හැමෝම මට කිව්වේ උඹ ගොඩාක් විරූපි කෙනෙක්. ඔයාගේ මුහුණ නළුවෙක් වෙන්න සුදුසු නැහැ කියලා. ඒත් මගේ අම්මට ඕන වුණේ මාව දිලිප් කුමාර් වගේ නළුවෙක් කරන්නයි. ඒත් මම නළුවෙක් විදියට ටීවී එකෙන්වත් සිනමාවෙන්වත් දකින්න මගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවත් වුණේ නැහැ. 

Q රජත් - දිල්ලිවල ඔබ දන්න කියන අය මට කිව්වා ඔබ දිල්ලිවල නැෂනල් ඩ‍්‍රාමා ස්කූල් එකේ ජනප‍්‍රිය දැවැන්ත වේදිකා නාට්‍ය නළුවන්ගේ උකුලේ ඉඳගෙන රඟපාන්න පුහුණු වුණාලු. මොකක්ක්ද ඒ කතාවේ තේරුම?
එහේ මගේ තාත්තා කැන්ටිම කළා. අපි මධ්‍යපාන්තික පවුලක් විදියටයි දිල්ලිවල ජීවත්වුණේ. මගේ අක්කාගේ පාසැල අවසන් වුණේ 3.30ට. මගේ පාසැල 1.00ට අවසන්. ඒ හින්දා මම ඇවිත් කැන්ටිමේ වාඩිවෙලා ඉන්නවා. ඒ හින්දා මට ඒ කාලේ හිටිය වේදිකාවේ දැවැන්තයින්ගේ සුරතලා වෙන්න අවස්ථාව ලැබුණා. මට එයාලගේ දෙබස් තවමත් කට පාඩම්.. මට එතකොට වයස අවුරුදු 8ක් 9ක් ඇති.

Q රජත් - ඒ දැවැන්ත රංගන ශිල්පීන්ගෙන් කවුද ඔබට දඟවැඩ කරන්න පුරුදු කළේ?
රාජ් බබ්බර් මහතා. එතුමගේ ප්ලේ එකේ කිසින් සීන් එකක් තිබුණා. ඒ සීන් එක තිබුණේ රෝහිනිජී එක්ක. මම දවසක් එයා ළඟට ගිහින් කිව්වා., අංකල් ඔයා ඇත්තටම එයාව කිස් කරන්න. එයා මට කිව්වා පුතා ඔයා ගිහින් ඒක ආන්ටිට කියන්න කියලා. එතුමා මට නරක දේ ඉගැන්නුවා කියලා නෙවෙයි මම කියන්නේ. එතුමා මට ගොඩාක් ආදරය කළා

Q රජත් - ඔබ ටීවී එක කුඩු කරන්න හැදුවා කියලා මට ආරංචි වුණා. ඒක ඇත්තක්ද?
ඔබතුමාගේ වැඩසටහන ගැන නෙවෙයි මම කියන්නේ. බලන්නකෝ අනිත් වැඩසටහන් දිහා. නිවේදකයම පටන් ගත්ත වෙලාවේ ඉඳන් කියවනවා. එයාලා කතාව නතර කළ වෙලාවට තමයි අපිට මොකුත් කියන්න වෙන්නේ. එයාලා අපි ගැන හැමදෙයක්ම දන්නවනම් අපිව ඉන්ටර්වීව් කරන්න එන්නේ නැතුව ඒගොල්ලොම ඒක කළාම ඉවරයිනෙ නේද? අද කාලේ ඉන්ටර්වීව් දෙන එක හරිම අපහසු දෙයක්. ඒ ගොල්ලොම ප‍්‍රශ්න අහලා ගෙදර යනවා. උත්ත‍ර දෙන්න අවස්ථාවක් නැහැ.

Q රජත් - ඔබ කැමතිම මොනවටද කියලා ඔබට මේ ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න වෙනවා.
යෝගා කරනවා. හැමදාම උදේට සැතපුම් 2ක් විත‍ර දුවනවා. ඊට පස්සේ වැඳුම් පිදුම් කරනවා. (හිනා) ඇත්තටම මම කැමැතිම දේවල් 3යි මට ඉතුරු වෙලා තියෙන්නේ. මම ඉස්සරනම් පොත් කියවන්න ගොඩාක් කැමතියි. ෆිල්ම් බලන්න කැමතියි. ඒත් දැන් මගේ සියලුම කැමැත්ත දරැවෝ මතයි තියෙන්නේ. මට සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරන්න  ඕන වුණාම් මම ඒබ්‍රහ්ම් ළඟට ගිහින් සෙල්ලම් කරනවා. ගැහැනු ළමයි ගැන, එයාලගේ ප්‍රෝග‍්‍රෑම් ගැන කැමැත්තක් ඇතිවුණාම විශේෂයෙන්ම මේකප් වගේ දේවල් ගැන දැනගන්න ඕන වුණාම මම මගේ දුව සුහානා ළඟට යනවා. දඟ වැඩක් කරන්න  ඕන වුණාම මම මගේ පුතා ආර්යන් එක්ක ඇවිදින්න යනවා. මගේ හැමදේම දැන් මගේ දරැවෝ තුන්දෙනා.

Q රජත් - ඔබට තිබෙන ඊළඟ චෝදනාව ඔබ ගොඩාක් ආඩම්බර කෙනෙක්. ෂාරැක් ඛාන් මීට අවුරැදු 25කට කලින් මේ වැඩසටහනට ඇවිත් කිව්වා අමිතාබ් බච්ච්න් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් මම ඊට වඩා උසස් කියලා?
ඔබ ළඟ ඒ රෙකෝඩින් තියෙනවද? නැත්නම් මම ඒක ප‍්‍රතික්ෂේප කරනවා.
මම පොඩිකාලේ ඒවගේ මෝඩ කතාවක් කියන්න ඇති. පොඩි දරැවෙක් කළ කතාවක් කියලා හිතාගෙන ඒකට සමාව දෙන්න. ඒත් ඒ වයසෙදි ටිකක් තමන් ගැන හැමෝම හිතන්නේ ලොකුවටනේ. ඒත් වයසින් මුහුකුරා යද්දී තමයි හැමදෙයක්ම තේරුම් ගන්නේ. මේ වෙද්දී මම දන්නවා මම කොච්චර නරකට රඟපාන නළුවෙක්ද කියලා. රඟපෑම් ගැන ටිකක් දන්න කාලේ මම හැමදෙයක්ම දන්නවා කියලා මම හිතුවා. එහෙම කිව්වනම් මගේ නොදැනුවත්කමටයි කිව්වේ.

Q රජත් - ඔබ යම්කිසි අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සමඟ වැඩ කරද්දී කොන්දේසි දානවා කියන්නේ ඇත්තද?
ඔව්. එහෙම එකඟතාවලට එනවා. මම කරන වැඩේ ගොඩාක් ආදරෙන් කරන කෙනෙක්. ඩිරෙක්ටර්ලට මම කියනවා මට බණින්න එපා, කියන දෙයක් මට ආදරෙන් කියන්න. වෙලාවටම කතා කරන්නේ නැතුව කලින් කියන්න. දරුවෙක්ට වගේ මට සළකන්න. ඒක මගේ ආඩම්බරකම නෙවෙයි ඒක මගේ ළමාකම. 

Q රජත් - අවුරැදු 50ක් වෙලත් ඔබ තවමත් හැමෝටම වඩා උසස් කියලද හිත්න්නේ?
ඒක ලෝකයම හිතන විදියනේ.

Q රජත් - ඔබට තිබෙන ඊළඟ චෝදනාව. මගේ ළඟ තියෙන මේ 2016 ජනවාරි මාසයේ සඟරාවකට මම ලෝකයේ දෙවැනියට වැඩියෙන්ම මුදල් තියෙන නළුවා කියලා මිනිස්සු පිළිගන් නැහැනේ කියලා ඔබ ප‍්‍රකාශකරලා තියෙනවා.
ඔව්. ඒත් ඒක මම කිව්වේ දුකෙන්. මම පැමිණිල්ලක් කළේ. මම කියන දේ තේරුම් ගන්න. මම ඇයි පළවැනියා නොවන්නේ කියන එක ගැන දුකක් මට තිබුණේ. ඒක වැරැදියට තේරුම් ගැනීමක්. මම ඔබට පුංචි කතාවක් කියන්නම්. එදා මම මුම්බයිවල චෙන්නයි එක්ස්ප‍්‍රස් ෆිල්ම් එකේ ඩුබායි දර්ශනය තිරගත කරන්න ඕන සෙට් එක හදවන වැඩකට යමින් සිටියේ. ඒ වෙලාවේ මගේ ප‍්‍රඩියුසර් මට කෝල් කරලා කියනවා සෙට් එක ගහන්න සල්ලි නැහැ කියලා. 

නඩුව ඊළඟ සතියට කල් තැබේ...

Translation — Chandana waravitage

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00