2018 ජනවාරි 13 වන සෙනසුරාදා

බයිසිකලයක් රස්තියාදු‍වෙක් PAD මැෂිමක්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107
 
ලක්ෂ්මිකාන්ත් චවුහාන් ජීවත් වෙන්නේ ගහකොළ සතා සීපාවුන් ජීවත්වන ප‍්‍රදේශයකයි. මේ පළාතේ කුරුලු රෑන් ගී ගයන හඬ දසත පැතිරිලා යනවා. කොළම කොළ පාට ගස් කොළන් තියෙන මේ පළාත රමණීය පරිසරයකින් සමන්විත ගම්මානයක් කිව්වොතින් නිවැරදියි. මේ පළාතේ තියෙන පාරක් පාරක් ගානේ ලක්ෂ්මිකාන්ත් චවුහාන් එයාගේ බයිසිකලේ නැගලා කරක් නොගහපු පාරක් තොටක් නම් හොයාගන්නම නැහැ. ලක්ෂ්මිකාන්ත් වෙල්ඩින් කාර්මිකයෙක්. එයා අමුතුම හොයාගැනීමක් කරනවා. ඇත්තම කිව්වොතින් ඒක නවෝත්පාදනයක්. අන්න ඒ හින්දා ලක්ෂ්මිකාන්ත්ට ගමේ ඉඳන්ම ජාත්‍යන්තරයට යන්න තරම් වාසනාවක් හිමිවෙනවා. ඒත් එයා හොයාගත්ත නවෝත්පාදනය හින්දා තමන්ගේ ගම නගරය සහ රට තුළ එයාට විහිළුවට ලක්වෙන්න සිදුවෙනවා. ඒ වගේම ඔහුගේ මේ සොයා ගැනීමට සමහරුන් තම විරෝධයත් පානවා. 
 
මොකක්ද එයා හොයාගත්තේ දන්නවද?  ලක්ෂ්මිකාන්ත් අඩු පිරිවැයකින් සනීපාරක්ෂක තුවා හදන යන්ත‍්‍රයක් හොයාගන්නවා. සෑම ස්ත්‍රියකටම සිහිනයක් ඉටුකර දෙන්න හිතන් තමයි එයා ඒ නව නිෂ්පාදනය හොයාගන්නෙ. මේ ලස්සන හාස්‍ය පිරුණු කතාවේ ඉතුරු ටික දැනගන්න ක‍්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ට්වින්කල් ඛන්නා ලියලා තියෙන අරුනාචලම් මුරුගනාතම් කියන පොත් කියෙව්වනම් හරි. එහෙම නැත්නම් පෑඩ් මෑන් කියන හින්දි සිනමාපටය නරඹන්නට ඔබට සිදුවෙනවා. ඒ පොත පාදම කරගෙන පෑඩ් මෑන් සිනමාපටයේ කතාව ආර් බාල්කි විසින් ලියලා තියෙනවා. ඒ වගේම පෑඩ් මෑන් සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් ආර්. බාල්කි විසින්. ට්වින්කල් ඛන්නා තමයි පෑඩ් මෑන් සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2018 ජනවාරි 25 වැනිදා තිරගතවීමට නියමිත වෙලා තියෙන පෑඩ් මෑන් සිනමාපටයෙහි ලක්ෂ්මිකාන්ත් චවුහාන් විදිහට රඟපාන්නේ ඔබ හැමෝම දන්න නළුවෙක්, නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂක කෙනෙක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. ඒ වගේම ඔහු මාර්ෂල් ආර්ට්ස් උගන්වන ගුරුවරයෙක්. 1967 සැප්තැම්බර් 09 වැනිදා ඉන්දියාවේ පන්ජාබයේ අම්රිත්සර්වලදී රාජිව් හරි ඕම් භාටියා නමින් උපත ලැබුවා. 2017 වසරේදී නැෂනල් ෆිල්ම් අවෝර්ඩ්ස් සහ 2009 දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ මේ නළුවා මෙන්න මේ සිනමාපටවල ඔහුගේ දක්ෂතා හොඳට පෙන්නුවා. 
 
Khiladi (1992), Mohra (1994), Main Khiladi Tu Anari (1994), Sabse Bada Khiladi (1995), Dil To Pagal Hai (1997), Hera Pheri (2000), Andaaz (2003), Khakee (2004), Mujhse Shaadi Karogi (2004), Garam Masala (2005), Phir Hera Pheri (2006), Namastey London (2007), Heyy Babyy (2007), Bhool Bhulaiya (2007), Singh Is Kinng (2008), Housefull 2 (2012), OMG – Oh My God! (2012), Airlift (2016), Rustom (2016), Toilet: Ek Prem Katha (2017)
ඔහුගේ මාමණ්ඩිය ජනප‍්‍රිය හින්දි සිනමා නළුවෙක් වුණු රාජේශ් ඛන්නා වන අතර ඩිම්පල් කපාඩියා ඔහුගේ නැන්දණියයි. ඒ වගේම සිනමා නිළියක් වන ට්වින්කල් ඛන්නා ඔහුගේ ප‍්‍රිය බිරිඳ වන අත‍ර දෙදරු පියෙකු වන මොහු තම විවාහ ජීවිතය සාර්ථකව ගතකරන සිනමා නළුවෙක්ද වේ. ආක්ෂය කුමාර් තමයි ලක්ෂ්මිකාන්ත්ගේ චරිතයට පණ පොවන්නේ.
 
පෑඩ් මෑන් සිනමාපටයේ මනස්කාන්ත හිනාවක් සහිත සුරංගනාවියක් වගේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. එයාගේ නම රියා. මේ රියා කියන චරිතයට පණ පොවන්නේ 1985 ජුනි 09 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ මුම්බායිවලදී මෙලොව එළිය දුටු කෙනෙක්. මෙන්න මේ සිනමාපටවල මේ අපූරැ කෙල්ල අපූරුවට චරිතයට පණ පොවා තිබුණා. 
 
2007 Saawariya (Sakina), 2009 Delhi-6, Bittu Sharma 2010, I Hate Luv Storys  (Simran) 2010, Aisha (Aisha Kapoor) 2011, Thank You (Sanjana Malhotra) 2011, Mausam (Aayat Rasool) 2012, Players (Naina Braganza) 2013, Raanjhanaa (Zoya), Haider 2013, Bhaag Milkha Bhaag Biro, 2014 Bewakoofiyaan (Mayera Sehgal), 2014 Khoobsurat, Dr. Mrinalini, “Milli” Chakravarty 2015, Dolly Ki Dolly 2015, Prem Ratan Dhan Payo (Rajkumari Maithili Devi), 2016 Neerja Bhanot
 
සිනමා සම්මාන රාශියකින් පිදුම් ලැබූ මේ කෙල්ලගේ අම්මගේ නම සුනීතා, තාත්තා අනිල් කපූර්. ඔව් මෙච්චර වෙලා අපි ඔබට කිව්වේ අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර් ගැනයි. කලා අධ්‍යක්ෂවරියක් සහ සහාය අධ්‍යක්ෂවරියක් විදියට හින්දි සිනමාවට පය තැබූ ඇය මේ වනවිට දක්ෂ රංගන ශිල්පිනියක්.
 
ආක්ෂය සහ සෝනම්ට අමතරව සුදීර් පාන්ඩේ, රාධිකා ආප්තේ, මායා අලාඝ් ඇතුළු ජනප‍්‍රිය නළු නිළියන් රාශියක් මේ පෑඩ් මෑන් සින්මාපටයෙහි චරිතවලට පණ පොවලා තියෙනවා. ඒ වගේම මේ සිනමාපටයෙහි ප්‍රධාන චරිතයට අමිතාබ් බච්චන්ව සහභාගී කරගෙන තියෙනවා. පෑඩ් මෑන් සිනමාපටය අමිත් ත‍්‍රිවේදි විසින් සංගීතවත් කර තියෙන අතර මෙහි ඉතාම ලස්සන ගීත පහක් පමණ ඇතුළත්ව තියෙනවා. මේ ගීතවල රසය වැඩිකරන්නට අර්ජිත් සිං, මිකා සිං, අමිත් ත‍්‍රිවේදී, මෝහිත් චවුහාන්, යෂිත ශර්මා, ජොනිතා ගාන්ධී, යෂිකා සික්කා සහා රානි කොවුර් තම හඬ ගී පද රචනාවලට මුසු කරලා තියෙනවා. මෙම සිනමාපටයෙහි ප‍්‍රචාරක පෝස්ටරය ගැන අගයමින්ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත කියලා තිබුණේ ඒක යුනික් පෝස්ටර් එකක් කියලයි.
 
පෑඩ් මෑන් සිනමාපටය 2016 දී තිරගත කළේ හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ් සිනමාපටයෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ තිරගත කළ එකම හින්දි සිනමාපටය ලෙසින්ද වාර්තාවක් තියලා තියෙනවා. නිව් යෝර්ක් හි බෘක්ලින් බ්‍රිජ් ටයිම්ස් ස්කෙයාර් සහ ජෑස් ඇට් ලින්කන් සෙන්ටර් යන ස්ථානයන්හිදී රූගතකොට ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. මම ඩොකියුමන්ට්‍රි ෆිල්ම් හදන්න කැමති නැහැ. මට  ඕන කොමර්ෂල් ෆිල්ම් හදන්නයි. ඉතින් සිනමා ප්‍රේම් ඔබට මෙය නරඹන්නට හැකියාව තියෙනවා. මේ ෆිල්ම් එක බලන්න ඔයාගේ දුවා දරුවන් එක්ක ගිහින් මේ පෑඩ්ස් ගැන අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නත් ඔබට හැකියාවක් ලැබිලා තියෙනවා. මේක ලෝකෙටම බලපාලා තියෙන ප‍්‍රශ්නයක්. මේ විෂය ගැන කවුරුවත් කතාබහ කරන්නවත් දැනුම්වත් කරන්නවත් පෙළඹෙන්නේ නැහැ කියලා ආක්ෂය කුමාර් ඉන්දියාවේ මාධ්‍යට මේ සිනමාපටය ප‍්‍රවර්ධන වැඩසටහනකදී කියලා තියෙනවා.
 
► Translation — Chandana waravitage