2018 ජනවාරි 20 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

අර පේන සඳ මගේ 
රෑ අහස කාගෙදෝ 
මඟ බලා හිඳින්නෙමි 
පාළුවෙන්.... 

ඈත මුදුනත දිලෙන 
තාරකා ඇස් අගක 
නිදිවරා මා සොයමි 
ආදරෙන්....

ආදරය....

ඉකිගසන හදවතක 
ඉඩෝරය අස්වසන 
මහවැස්ස මමම වෙමි 
නොඉල්ලමින්...

ආදරය....

මගෙ නොවී අතහැරුණ 
සොඳුරුතම සිහිනයක 
පැහැය මම නොඉල්ලමි 
ඉල්ලමින් 

තනිකමම....