2018 ජනවාරි 20 වන සෙනසුරාදා

බාෙලිවුඩ් සුන්දරියන්ගේ කෝටිපති මහත්තුරු

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

සල්ලි තියෙනවනම් කළ නොහැකි දෙයක් නැහැ. බොහෝ දෙනෙක් එහෙම කියනවා ඔබටත් නොඇසී තියෙන්නනම් විදියක් නැහැ. සල්ලිවලින් හැමදෙයක්ම ගන්න පුළුවන්. ඒත් සතුට හැර කියන එක නොකියාම බැහැ. ඒත් ඔබ දන්නා බොලිවුඩ් තාරකාවියන් කිහිපදෙනක් එය වැරදි බව ඔප්පුකරලා පෙන්නුවා. දැන් ඔබ අසයි ඒ කොහොමද කියලා නේද? එහෙම වුණේ ඒගොල්ලෝ කෝටි ප්‍රකෝටිපතියන් එක්ක විවාහවෙලයි. කෝටි ගණන් උපයන ව්‍යාපාරිකයින් එක්ක විවාහ වෙලා මෙන්න මේ කියන බොලිවුඩ් නිළියෝ තමන්ගේ ජීවිත සහ මුලින්ම වෙනස් කර ගත්තා. ඒ කෝටිපති සැමියන් සහ ඒ නිළියන් කවුද කියලා ඔබත් දැන ගන්න කැමති ඇති නේද?

 

I ටීනා අංබානී

කෝටිපතියන් දහ දෙනෙක් එක්ක විවාහ වුණු බොලිවුඩ් තාරකාවියන් දහ දෙනෙක් ගැන කියන්න හදන මේ ලිපියෙන් මුලින්ම ඉහළින්ම වැජඹෙන කෙනාගෙන් පටන් ගන්න හිතුවා. අංබානීගේ බිරිඳ ටීනා අංබානීත් එක්ක විවාහ වෙන්න කළින් නිළියක් කියන එක බොලිවුඩ් සිනමාවට ප‍්‍රිය කරන ඔබ හැමෝම නොදැන සිටින්නට විදියක් නැහැ. ඇය බොලිවුඩයේ එතරම්ම සාර්ථක නිළියක් නම් වුණේ නැහැ. ඒත් නළුවන් සහ අධ්‍යක්ෂකවරුන් බොහොමයකගේ ආකර්ෂණය දිනා ගැනීමට ඇය සමත් වුණා. එහෙම වුණත් ටීනා කොතරම් දැනුම් තේරුම් ඇති කෙනෙක්ද කියන එක හැමෝම දැක්කේ ඇය රටේ හිටිය ධනවත්ම කෙනෙක් වුණු අනිල් අංබානීත් එක්ක විවාහ වෙන්න යනවා කියන ආරංචිය පැතිරෙනවත් එක්කමයි. අනිල් අංබානී ෆෝබ්ස් සඟරාවේ පළවුණු ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලේඛනයේ 06 වැනි ස්ථානය තමයි හිමි කරගෙන හිටියේ. ඔහුගේ වත්කම්වල එකතුව කෝටි 17421.6කට ආසන්න බව කියනවා. ටීනා කොහොම ජීවිතයක් ගත කරනවද කියන එක අපි ඔබට කියන්න  ඕන නැහැනේ නේද?

 

I අමි‍්‍රතා අරෝරා

ඇයගේද සිනමා දිවිය බෙහෙවින් සාර්ථක නොවුණ ද විවාහයේදී ඇය බෙහෙවින්ම සාර්ථකත්වයට පත්විය. අමි‍රිතා අරෝරා ව්‍යාපාරිකයෙක් වුණු ශකීල් සමඟින් විවාහ වුණා. ඔහු රෙඩ්ස්ටෝන් ගෲප් නැමති කන්ස්ට‍්‍රක්ශන් කම්පැනියේ හිමිකරුවෙක්.

 

I සෙලීනා ජෙට්ලී

දෙවැනි සිනමා තාරකාවියගේ සිනමා ආගමනය බොහොම කෙටි එකක් වුණා. බොලිවුඩයේ සිනමා තාරකාවියක් විදියට සාර්ථක වෙන්න නම් බැරි වුණා. ඒත් මොකද? ඇය තමන්ගේ නුවණක්කාරකම නිසා පීටර් හේග් එක්ක විවහ වුණා. ඔහු ඩුබායි සහ සිංගප්පූරුවේ තරු පන්තියේ හෝටල් කිහිපයක හිමිකරුවෙක්. පීටර් එක්ක විවාහ වුණු සෙලීනාගේ ජීවිතය විවාහයෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ වෙනකොට ඇය තිදරු මවක් වන අතර යහපත් පවුල් ජීවිතයක් ද ගත කරනවා.

 

I ශිල්පා ශෙට්ටි

බොලිවුඩයේ ස්වීට් හාර්ට් යන විරුදාවලියෙන් හඳුන්වන ශිල්පා ශෙට්ටිව අපිට කොහොම අමතක වෙන්නද? ඇය බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික කටයුතුවල නිරත රාජ් කෘංදා එක්ක විවාහ වුණා. ටී. එම්. ටී ග්ලෝබල් සහ ගෲප්චෝ ඩේවල්පර්ස් ආදී බොහෝ සාර්ථකත්වයට පත් ව්‍යාපාරවල හිමිකරුවෙක් වන රාජ් ශිල්පා සමඟින් එක්වී අයිපීඑල් ටීම් එකකට ද මුදල් ආයෝජනය කළා. රාජ් සෑම වසරකම ඩොලර් මිලියන 100ක් උපයාගන්නා බව කියවෙනවා. එහෙම බලනකොට ශිල්පාට වැඩිය නුවණක්කාර කෙනෙක් තව ඉන්නවද කියලත් හිතෙනවා නේද?

 

I ශ්‍රී දේවී

සමහර මිනිස්සු ශ්‍රී දේවිට ගෙයක් සහ පවුලක් කඩා ඉහිරෙවා යැයි චෝදනා කළද, සමහරු ඇයව සාධාරණීකරණය කරමින් ඇය ගැන ප‍්‍රශංසා මුඛයෙන් කතා කරයි. බොනී කපූර් එක්ක විවාහවෙන එක ශ්‍රී දේවි ගත් වැදගත්ම ස්මාර්ට් තීරණයක්. මෙන්න මේක ඔබත් පිළිගන්නවා ඇති. ඒ ශ්‍රී දේවී කිසියම් උත්සවයකට සහභාගීවනවිට ඇය දකින  ඕනම කෙනෙක්ට ඇය කොතරම් ධනවත් කාන්තාවක් දැයි සිතෙන එක කාටවත් නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි නේද?? බොනීට අයත් වත්කම් ලෙසින් සිනමාපට බොහොමයක් ද ඇති අතර ඊට අමතරව ඔහු බොහෝ මුදල් ප‍්‍රමාණයක් හම්බකරන බව ප‍්‍රසිද්ධ කරුණක්.

 

I ආසින්

බොලිවුඩ් සිනමාවේ සහ දකුණු ඉන්දීය (කොලිවුඩ්) සිනමාවේ ජනප‍්‍රිය තාරකාවක් ලෙසින් නමක් ඇති කර ගත්තායින් පසුව ආසින්, රාහුල් ශර්මා සමඟින් විවාහ වුණා. ඔහු මයික්‍රෝමැක්ස් සහ තවත් කම්පැනි කීපයකම හිමිකරුවා. ඔහුට අයත් කම්පැනිවලින් වසරකට කෝටි ගණන් උපයයි. බොහෝ වත්කම් ප‍්‍රමාණයකට හිමිකම් කියන රාහුල් හට බේට්ලි, මාර්ක් බිමර් වැනි ඉතා සීමිත ප‍්‍රමාණයක් පමණක් නිකුත් කළ කාර් කිහිපයකට ද හිමිකම් කියයි. 

 

I රානී මුඛර්ජී

සතුටින් සපිරුණු ජීවිතයක්... රානීට ඒ කියමන සම්පූර්ණයෙන්ම ගැළපෙනවා. රානි සමහරවිට විවාහ වෙන එකක් නැහැ කියමින්  කතා පැතිරෙන්නට පටන් ගත්තත් රානී බොලිවුඩ්වල සුපර් ඩුපර් ධනවතෙක් වෙන ආදිත්‍ය චොප්රා එක්ක විවාහ වෙලා කතා පැතිරවූ හැමෝටම හොඳ උත්තරයක් දුන්නා. ඉන්දියාවේ සාර්ථක වෙන ෆිල්ම් හැම එකක්ම වගේ හදන්නේ යාශ් රාජ් ෆිල්ම් ආයතනය බව සිනමාවට සම්බන්ධ හැමෝටම රහසක් නෙවෙයි. දැනට එහි හිමිකාරත්වය දරන්නේ ආදිත්‍ය චොප්රා. යාශ් රාජ් ෆිල්ම්ස් හි වත්කම ඉන්දියානු රුපියල් 61066080000ක් වන බව පැවසෙනවා. දැන් ඉතින් තවත් කියන්න  ඕන නැහැනේ රානි මොනතරම් වාසනාවන්තියක්ද කියන එක නේද?

 

I විද්‍යා බාලන්

මේ ලිස්ට් එකට මගේත් ඔබගේත් ෆේවරිට් විද්‍යා බාලන් ද ඇතුළත් වෙනවා. ඇය සිද්ධාර්ත් රෝයී කපූර්ව තමන්ගේ ජීවන සහකරුවා ලෙසින් තෝරා ගත්තනේ. ඔහු ද වර්ල්ඩ් ඩිස්නි කම්පනි එකේ එම්. ඩී වේ. සිද්ධාර්ත්ගේ වත්කම 30214987500කට ආසන්න වේ. විද්‍යාගේ නම සහ දක්ෂතා ද දැන් ඒ වත්කම්වලටම අයත්.

 

I ජූහී චාව්ලා

බොලිවුඩයේ සුපතළ දඟකාර හැඩකාර නිළියක් වුණු ජූහී චාව්ලා සාර්ථක ජීවන වෘත්තියක් සහ යහපත් විවාහ ජීවිතයකට උරුමකම් කියන්නයකි. ඇය මේහ්තා ගෲප් එකේ හිමිකරු ජය මේහ්තා සමඟින් විවාහ වුණා. ඔහුගේ ව්‍යාපාර ඉන්දියාවේ පමණක් නොව වෙනත් රටවල ද පිහිටා ඇත. ඔහුගේ සියලු වත්කම්හි වටිනාකම ඉන්දියානු රුපියල් 154573515ක් පමණ වෙන බව පැවසේ.

 

I ආයශා ටාකියා

බොලිවුඩ් සිනාමාවෙන් සමු අරන් විවාහ වෙන තීරණය ඇසූ හැමෝම පුදුමයට පත් වුණා. ඇය අවුරුදු 23න් ෆර්හාම් ආස්මීත් එක්ක විවාහ වූ අතර ඔහු අබූ ආස්මීගේ පුතෙකි. ඔවුන් බොහෝ ධනවත් පුද්ගලයින්ය. මේ වෙනකොට ආයශා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරමින් සිටියි.

 

► Translation — Chandana waravitage

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00