ජනප්‍රිය තරුණ නළුවෙක් දිගටම වැඩ කරන්නෙ මාලඹේ පැත්තෙ ෂූටිං කරන ටෙලි නාට්යයකලු. ඔහු අති දක්ෂ නළුවෙක් වගේම අසාධාරණ හමුවේ අනික් අය වෙනුවෙන් පෙනී හිටින කලා ශිල්පියෙක්.
ඔය ෂූටිං කරන තැන ඉඳලා වැඩිදුරක් නැහැ. පොඩි ස්පා එකක් තියෙනවලු. මිනිහා සතියකට දවස් දෙකක් විතර කාටත් හොරා ෆෝන් එකත් ඕෆ් කරගෙන මෙතනට යනවා කීප දෙනෙකුට ආරංචිවෙලා. ඒක ඉතින් එයාගෙ පෞද්ගලික වැඩක්නෙ.
ඔන්න දවසක් ස්පා එකෙන් මෙයා එළියට එනකොටම තවත් ජනප්‍රිය නළුවෙක් එතනට ඇතුළු වෙනවලු.
“ආ කොහොද මචං ආවෙ?
“යාළුවෙක් හම්බවෙන්න ආවා. කියලා ඔහු විදුලි වේගයෙන් එතනින් පිටවෙලා.
අලුතින් පටන් ගන්න හදන අලුත් ටෙලිනාට්‍යක ප්‍රධාන චරිතයට ජනප්‍රිය දක්ෂ තරුණ නිළියක් තෝර ගත්තලු. ඇය පිටපත කියවලා වැඩේටත් ආසවෙලා එකඟ වෙලා. ඔන්න දැන් ෂූටිංවලට සැලසුම් සියල්ල තහවුරු කරලා මේ නිළියගෙ ෆෝන් එකට ගත්තම දවස් ගණන් ප්‍රතිචාර දක්වන්නෙ නැහැල්ලු. SMSවලට පිළිතුරුත් නැහැල්ලු.
කලකිරුණු නිෂ්පාදක කණ්ඩායම වැඩේ අතඇරලා අලුත්ම නිළියකට කතා කළාලු. මේ නිළිය මීට කලින් ප්‍රධාන චරිතයක් කරලා නැහැ. ඉතින් මුල්ම ප්‍රධාන චරිතය ලැබුණු එක ගැන ඉහවහා ගියා සතුටින් වැඩේට එකඟ වුණාලු.
ඔන්න බොලේ මෙයාට තිර පරීක්ෂණයකට එන්න කිව්වම මළ පැනලා, වැඩේට එන්න බැහැ කියලා. කේෂ්ත්‍රයට පය තිබ්බ ගමන් මේ වගේ හැසිරෙනවනම්, තව ඉස්සරහට මොනවා නොකරයිද කියලයි කට්ටිය අහන්නෙ.
වගකීමක් නැතුව වැඩ කරන අය ඉන්නකොට මෙවැනි කේෂ්ත්‍රවලට පැවැත්මක් තියේවිද?
අපි පසුගිය සතියෙ ලිව්වනෙ කුමාර තිරිමාදුර අතිදක්ෂ රංගන ශිල්පියා අර ඉස්පිරිතාලෙ ඇතුළෙ වේගෙන් දුවගෙන ගිය සිද්ධිය. එයා කියලා තිබ්බෙ එයාගෙ නෝනා අසනීපයි කියලනෙ.
පස්සෙ තමයි ඇත්ත කතාව දැන ගන්න ලැබුණෙ රෝහලේ වැඩකරන කෙනෙකුගෙ මාර්ගයෙන්. එයාගෙ නෝනා සනීපෙන් ගෙදරලු හිටියෙ. කුමාර ඉස්පිරිතාලෙ ගිහින් තියෙන්නෙ එයාගෙ ෆුල් බ්ලඩ් ටෙස්ට් එකක් ගන්නලු.
ලේ ටික අරගෙන රිපෝට් එක බලපු දොස්තර ඇස් ලොකු කරලා කුමාරගෙන් ඇහුවලු “කෝ මේ ලේවල බ්ලඩ් නැහැනෙ. වැඩියෙන්ම තියෙන්නෙ ඇල්..., කුමාර දොස්තරට ඊට වඩා දෙයක් කියන්න දුන්නෙ නැහැලු.
“රෑ පොඩි පාටියකට ගියා ඩොක්ටර් ඒකයි... කුමාර අහිංසක ලීලාවෙන් කියලා තියෙනවලු.
ඇය නව පරපුරේ නිළියක්. ඒ වගේම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඒ සැමටම වඩා ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. දැඩි කාර්ය බහුලත්වය මධ්‍යයේ වුවද ඇය මේ සියලු කටයුතු සාර්ථකව සමබරව කරගෙන යනවා.
ඔන්න දවසක් ඇයට ෂූට් එකකට එන්න තිබුණේ උදේ 10ට විතර. 9 වෙද්දී ඒ චිත්‍රපටයෙ සහාය අධ්‍යක්ෂකවරයා ඇයට දුරකථනයෙන් කතා කරලා.
“අයියෝ නංගී ඔයා තාම නිදිද? අනේ මන්දා ඔයා එයා හොස්ටස් කෙනෙක් නේද? වෙලාවට වැඩ කරන්න එපායැ... කියලා ඔහු ඇයට කිව්වම කෙල්ල අපූරු උත්තරයක් දීලා.
“අයියෝ මගේ රස්සාවෙ හැටියට මම ඒ වගකීම අකුරටම කරනවා. මට ඒකට නිදහස ලැබිලා තියෙන්නේ. මම වැඩ කරන ෆ්ලයිට් එක අපේ ගෙදර ජනේලෙ ළඟින් ස්ලෝ කරගෙන යනකොට තමයි මම ඒකට නගින්නෙ. අපි ඉන්නෙත් කටුනායකනෙ...
සහාය අධ්‍යක්ෂක අන්දුන්කුන්දුන් වෙලා දැන් එයාගෙ දන්න කියන යාළුවන්ගෙන අහනවලු එහෙම වෙන්න පුළුවන්ද කියලා තහවුරු කරගන්න.
► Text - Mithra