2018 ජනවාරි 27 වන සෙනසුරාදා

අාදරයක්- චණ්ඩියෙක් අැස් දෙකක්

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84
සුනෛනා ඔයාගේ ඔය කුරුලු ඇස්වලට මම ගොඩාක් ආදරෙයි.
 
අනී... ඇස්වලට විතරයිද ශ‍්‍රවන් ආදරේ කරන්නේ? 
 
ම්ම්ම්... තව මම ඔයාගේ ම්ම්ම්... ඇත්තම කියනවනම් සුනෛනා මම ගන්න හැම හුස්මකම ඉන්නේ ඔයා විතරයි...
 
අනී... මම ඔයාට මගේ පණටත් වැඩිය ආදරෙයි ශ‍්‍රවන් 
 
මමත් ඔයාට මගේ පණටත් වැඩිය ආදරෙයි සුනෛනා...
 
දෙන්නට දෙන්නා පණටත් වැඩිය ආදරෙයිද ආ.. කවුද ඩෝ මගේ කෙල්ලට ආදරේ කරන්න උඹ ආ?
 
ශ‍්‍රවන් මාමා....
 
ශ‍්‍රවන්... කවුද මේ ශ‍්‍රවන්... ශ‍්‍රවන් කියන්නේ
මුදල්වලට සටන් කරන්න එහෙම නැත්නම් බොක්සින් ක‍්‍රීඩාවේ නිරත වෙන්න පුහුණු වන ඉලන්දාරියෙක්. කඩවසම් රූ සපුවකට හිමිකම් කියන මේ ඉලන්දාරියා එහෙම නැත්නම් ශ‍්‍රවන් පුහුණුවීම් කරන්නේ චණ්ඩියෙක් ගාව. මේ චණ්ඩියා ජිම් එකක් එහෙම නැත්නම් කායවර්ධන මධ්‍යස්ථානයක අයිතිකාරයෙක්. මේ කියන චණ්ඩියගේ නැත්නම් භායීගේ නම භග්වාන් දාස් මිශ‍්‍රා. එයාගේ ජිම් එකට යන එන ශ‍්‍රවන් එක දවසක් දකින දේකින් ගල් ගැහෙනවා. එදා ඉඳන් ශ‍්‍රවන්ට සටන් කලාව කරද්දී විතරක් නෙවෙයි හැම තැනම පේන්නේ තමන්ගේ සිත වසඟ කළ ඒ දර්ශනයයි. ඇත්තටම ශ‍්‍රවන්ට පේන්නේ සුන්දර තරැණියක්ව. එයා කවුද දන්නවද? එයාගේ නම සුනෛනා. සුනෛනා කියන්නේ භග්වාන් දාස් මිශ‍්‍රාගේ ලේලිය... කතාවේ ඉතුරැ ටික දැන්ගන්නනම් ඔයාට මුකාබාස් කියන 2018 ජනවාරි 18 වැනිදා තිරගතවුණු හින්දි සිනමාපටය නරඹන්නට සිදුවෙනවා. විනාඩි 145ක කාලයක් පුරා දිව යන මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ආනන්ද් එල් රාජ්, වික‍්‍රමාදිත්‍ය මෝට්වානේ, මදූ මෙන්තෙනා සහ අනුරාග් කාශ්‍යප් කියන කීප දෙනා විසින්. මේ සුන්දර සිනමාපටයේ සිත් ගන්න දෙබස් ලියලා තියෙන්නේ එක්කෙනෙක් එහෙම නෙවෙයි. මෙන්න මේ කට්ටිය තමයි ඒ වැඩේ ලස්සනට කරන්න මහන්සිවෙලා තියෙන්නේ. එයාලගේ නම් තමයි අනුරාග් කාශ්‍යප්, විනීත් කුමාර් සිං, මුක්ති සිං ෂ‍්‍රීනාත්, කේ. ඩී. සත්‍යම්, රන්ජන් චණ්ඩෙල් සහ ප‍්‍රසූන් ජෝශී. ඒ වගේම මේ සිනමපටය හදන වැඩේ නියමුවා එහෙම නැත්නම් අධ්‍යක්ෂවරයා ඔබ හැමෝම දන්න කෙනෙක්. එයා ටිකක් වෙනස් ඇහැකින් සිනමාපට හදන කෙනෙක් හින්දා එයා ගැනත් කියන්නම  ඕන. 1972 සැප්තැම්බර් 10 වැනිදා ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ්හි ගෝරක්පූර්වල ඉපදුණු ඔහු සිනමාපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකයෙක්, පිටපත් රචකයෙක්, නළුවෙක් විතරක් නෙවෙයි දක්ෂ සංස්කරණ ශිල්පියෙක් ද වෙනවා. දෙවතාවක් විවාහ වෙලා තියෙන ඔහු 2003 දී ආර්තී බජාජ් එක්ක විවහ වෙලා 2009 දී ඩිවෝර්ස් වෙලා, 2011 දී ජනප‍්‍රිය දඟකාර නිළියක් වුණු කල්කී කොච්ලින් එක්ක විවාහ වෙලා, 2015දී ඩොවෝර්ස් වුණා. දැන් දන්නවා ඇති මේ කියන අධ්‍යක්ෂවරයා කවුද කියලා නේද? තවමත් මතක නැද්ද එයා කවුද කියලා? එයා තමයි අනුරාග් කාශ්‍යප්. මෙන්න මේ සිනමා නිර්මණයන් ඔහුගේ නිර්මාණ.
 
 
Black Friday (2007) ,No Smoking (2007),Return of Hanuman (2007),Dev.D (2009),Gulaal (2009),Mumbai Cutting (2010),That Girl in Yellow Boots (2011),Gangs of Wasseypur (2012),Bombay Talkies (2013),Ugly (2014),Bombay Velvet (2015),Raman Raghav 2.0 (2016)
 
ප‍්‍රශාන්ත් පිල්ලෙයි විසින් සංගීතවත් කරලා තියෙන මේ සුන්දර සිනමාපටයේ ගීත ව්ලට  නුක්ලෙයා සහ රචිත අරෝර විසින් දායකත්වය දීලා තියෙනවා. මේ සිනමාපටයේ චරිතවලට පණ පොවන කට්ටිය ගැනත් කියන්න  ඕනනේ. ඒත් එයාලවනම් කිව්ව ගමන් මතක් වෙන එකක් නම් නැහැ. මේ සිනමාපටයෙහි ශ‍්‍රවන්ගේ චරිතයට පණ පොවන්නේ විනිත් කුමාර්. 2005 දී හින්දි සිනාම්වාට සම්බන්ධ වුණු ඔහු නළුවෙක් වගේම දේශීය වෛද්‍යවරයෙක්. උත්තර් ප‍්‍රදේශ්හි වාරානාසිවල ඉපදුණු ඔහු මීට කලින් මෙන්න මේ සිනමාපටවලත් චරිතවලට පණ පොවලා තියෙනවා.
 
2016 Bollywood Diaries Daman, 2013 Ugly Chaitanya Screen in 2013, Cannes Film Festival, 2013 Bombay Talkies Vijay Segment Murabba, 2013 Shorts Lallan Segment Shor, 2013 Gori Tere Pyaar Mein, 2013 Issaq Bihata (Benvolio),  2012 Gangs of Wasseypur - Part 1 Danish Khan, 2012 Gangs of Wasseypur - Part 2 Danish Khan, 2010 City of Gold Mohan 2007, Chain Kulii Ki Main Kulii Sohail
මේ සිනමාපටයෙහි සුනෛනා මිශ‍්‍රාගේ චරිතයට පණ පොවන්නේ 1988 ජුනි 25 වැනිදා උපන් අඩි 5 අඟල් 5ක් උස කිලෝග‍්‍රෑම් 65ක් බර කළු ඇස් ඇති කේශ කළ්‍යානියක් තියෙන දැනට දිල්ලියෙහි ජීවත් වන නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක් වන සෝයා හුසේන්.
 
 
මේ සිනමපටය ගැන කියද්දී මේකේ ඉන්න චණ්ඩියා ගැනත් නොකියම බැහැනේ. 1970 දෙසැම්බර් 03 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්හි ගෝරක්පූර්වල ඉපදී ඇති ඔහු පටියාලාවල පංජාබ් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ අයෙක්. 2001 දී ප‍්‍රියංකා පූරි එක්ක විවාහ වුණා. මේ කියන්නේ ජිමී ශෙයිගල් ගැනයි. මෙන්න මේ සිනමාපටවල චරිතයන්ටත් ජිමී පණ පොවලා තියෙනවා. 
 
1996 Maachis Jaimal as Jasjit Shergill (debut Hindi film), 2000 Mohabbatein Karan Choudhry ,2001 Yeh Zindagi Ka Safar Jai Bharadwaj, 2002 Dil Hai Tumhara Samir, 2003 Haasil Aniruddha ‘Ani’ Sharma As Writer, 2003 Munna Bhai M.B.B.S., Zaheer, 2004 Hum Tum Mihir, 2005 Yahaan Captain Aman, 2006 Umar Shashank, 2006 Tom Dick and Harry Harry, 2006 Yun Hota Toh Kya Hota Hemant Punj, 2006 Lage Raho Munna Bhai Victor D’Souza, 2006 Bas Ek Pal Rahul Kher, 2006 Rehguzar Rahul Khanna, 2007 Eklavya-The Royal Guard Udaywardhan, 2007 Delhii Heights Abhi, 2010 My Name Is Khan Zakir Khan, 2011 Tanu Weds Manu Raja Awasthi , 2011 Game Vikram Kapoor, 2011 Saheb Biwi Aur Gangster Aditya Partap Singh / Saheb, 2012 Dangerous Ishhq ACP Singh, 2013 Saheb, Biwi Aur Gangster Returns Aditya Partap Singh/Saheb, 2013 Rajdhani Express Dy.Commissioner Yadav, 2013 Bullet Raja Rudra, 2014 Fugly Chautala, 2014 Bang Bang! Viren Nanda, 2015 Tanu Weds Manu Returns Raja Awasthi, 2015 Uvaa SP, 2016 Traffic Gurbir Singh, 2016 Madaari, 2013 Rangeelay Sunny/Bobby
 
► Translation — Chandana waravitage
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00