2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

අර ඈත දම්පාට අහස 
නුඹ තාමත් නොලියූ කවියක්මය...

ඔය ඇස් අග කතා කරන 
ආදරයේ නෑඹුල්ම ඉඟියක 
මට කියන්න 
නොතිබුණෙත් 
ආදරය 
විතරමද?

නුඹේ කවිකාර ආත්මයට 
වහින්නද මහ වැස්සක්ව 
හිතුවක්කාර සුළඟට 
සෙල්ලක්කාර 
වනු පිණිස 

මම ලියන මගේ කවියට 
යමු වචන අහුලන්න

I Saara