මේ කතාව සිද්ද වෙන්නේ 1921 වර්ෂයේ එංගලන්තයේ. විසල් ශාලාවක දහස් ගාණක් මිනිස්සු බලාගෙන ඉන්නේ තමන් ආදරේ කරන ගායකයා එනකම්. නිවේදකයා ගායකයාට වේදිකාවට එන්න කියලා ඇරයුම් කරනවා. ටක් ටුක් ටක් ටුක් තත්ත්පර කට්ට විනාඩි වෙලා කාලය ගත වෙනවා. ඒත් ගායකයා නම් නැහැ. ප්‍රේක්ෂාගාරෙම එකම ගාලගෝට්ටියයි. කෑකෝහඬ හතර අතම. ටික වෙලාවකට කලින් තමන් ආදරය කරන ගායකයා එනකම් නිහඬව බලා හිටියට දැන්නම් කඩි ගුලක් වගේ ඇවිස්සිලා. නිවේදකයා ගායකයා එන්න ප‍්‍රමාද නිසා සමාව ඉල්ලලා වේදිකාව පසුපස තියෙන කාමරයට යනවා. ඒ කාමරේ තමයි ජනප‍්‍රිය ගායක අයුෂ් ඉන්නේ. ඒ වෙනකොටත් නපුරු ආත්මයක් වුණු නෆීසා එක්ක අයුෂ් කතා කරමිනුයි ඉන්නේ. කාමරයේ දොර එක්වරම වැහෙනවා. නිවේදකයා දොර කඩලා අයුෂ්ව එක්ක යන්න හදනවා. ඒත්.....
ඒත් ඒ වෙද්දිත් අයුෂ්ට භූතාත්මයක් වැහිලා ඉවරයි. කතාව ඉවරයි. නෑ කතාව ඉවර නැහැ. මෙන්න එකපාරටම කතාව අතීතයට යනවා. අයුෂ් මේ වෙද්දී ඉන්නේ පෙර ආත්මයේ. ඔහු ඉන්නේ ඉන්දියාවේ මුම්බායිවලයි. අයුෂ්ගේ දක්ෂතා දකින ධනවත් කෙනෙක් එයාට ඉගෙන ගන්න මුදල් වියදම් කරනවා. ඒත් ඒ වෙනුවෙන් අයුෂ්ට එයාගේ බංගලාව බලා කියා ගන්න වෙනවා. ඊට පස්සේ අයුෂ්ට සංගීතය ගැන වැඩි දුර අධ්‍යාපනය ලබා ගන්න යෝර්ක් කොලේජ් එකට ඇතුළත් වෙන්න අවස්ථාව හම්බවෙනවා. මාස තුනක් ගත වෙනවා. අයුෂ් අධිමානසික ලාභින් ගැන නැත්නම් භූතාත්ම ගැන පරීක්ෂණයක් කරමින් ඉන්නවා. කතාව ලස්සනයිනේ. ඒත් මම ඔයාට ඒ කතාව කියන එක නතර කරනවා. මේ ලස්සන කතාව සම්පූර්ණයෙන්ම දැනගන්න නම් ඔබට 2018 ජනවාරි 12 වැනිදා මිනිත්තු 144ක කාලයක් පුරා තිරගතවන 1921 හින්දි සිනමාපටය නරඹන්නටම වෙනවා. මේ වෙනකොට බොක්ස් ඔෆීස් වාර්තා තබමින් තිරගතවන මේ සිනමා පටය අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කරලා වගේම ලියලා තියෙන්නේ එකම එක්කෙනෙක්. ඔහු 1969 මුම්බයිවලදි ඉපදුණු කෙනෙක්. මෙන්න මේ සිනමාපටත් රහ කර කර නරඹන්න අවස්ථාව හම්බවුණේ ඔහු හින්දයි.

1992 Jaanam, 1994 Madhosh, 1995 Guneghar, 1996 Fareb, 1996 Bambai Ka Babu, 1998 Ghulam, 2001 Kasoor, 2002 Raaz, 2002 Aap Mujhe Achche Lagne Lage, 2002 Awara Paagal Deewana, 2003 Inteha, 2003 Footpath, 2004 Aetbaar, 2005 Elaan, 2005 Jurm, 2005 Deewane Huye Pagal, 2006 Ankahee, 2007 Red: The Dark Side, 2007 Fear, 2007 Speed, 2007 Life Mein Kabhie Kabhiee, 2008 1920 Inspired by The Exorcist, 2010 Shaapit, 2011 Haunted – 3D, 2012 Dangerous Ishq, 2012 Raaz 3D, 2014 Creature 3D, 2015 Mr. X, 2016 Love Games, 2016 Raaz Reboot
ඔහුගේ නම නම් ඔබ දන්නවා. ඔහු නමින් වික‍්‍රම් භාත්. වික‍්‍රම් භාත් විවාහ වෙලා තියෙන්නේ තමන්ගේ කුඩා කාලයේ සිට ආදරවන්තිය වුණු අදිති භාත් එක්කයි. ඔවුන් දෙන්නට ක‍්‍රිෂ්ණා භාත් නමින් එක දුවෙක් ද ඉන්නවා. ඒත් ඊට ටික කාලෙකට පස්සේ වික‍්‍රම් භාත් සුෂ්මිතා සෙන් එක්ක වගේම ඊට ටික කාලෙකෙට පස්සේ අමීෂා පටෙල් කියන නිළියන් දෙන්නත් එක්ක නිල නොලත් සම්බන්ධාවක් පැවැත් වූ බව හින්දි සිනමා ඉන්ඩස්ට්‍රි එකේ ප‍්‍රසිද්ධ රහසක් වෙනවා. 1921 සිනමාපටයෙහි ඔහු චරිතයකටත් පණ පොවලා තියෙනවා. ඔහු කතව ලිව්වට මේ සිනමාපටයේ තිර රචනය කරලා තියෙන්නේ තාන්යා පතක් සහ ඊශා දේසායි කියන දෙන්නා එක්ක එකතුවෙලයි.
ඒ වගේම මේ සිනමාපටයේ රෝස් කියන ලස්සන කෙල්ලට පණ පොවලා තියෙන්නේ ඇත්තටම ලස්සන කෙල්ලෙක්. 1987 මැයි මාසේ 14 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රාවල මුම්බායී නගරයේ මුස්ලිම් පටාන් කෙනෙක් විදියට ඉපදුණු ඇයට හින්දි, උර්දු, ඉංග‍්‍රීසී සහ මරාතී භාෂා කතා කරන්නට හැකියාව තියෙනවා. ඇය මුලින්ම හින්දි සිනාමාපටයක රඟපෑවේ සල්මාන් ඛාන් එක්කයි. ඒ වීර් සිනමාපටයෙහි ප‍්‍රධාන නිළියගේ භූමිකාවයි. දැන් මතකයිද මේ කියන්නේ කා ගැනද කියලා. මෙන්න මේ සිනමාපටවලත් ඇය විවිධ චරිතවලට පණ පොවලා තියෙනවා.
2010 Veer (Princess Yashodhara), 2011 Ready (Khushi), 2012 Housefull 2 (JLo), 2014 DOA: Death of Amar Journalist, 2015 Hate Story 3 (Siya Deewan), 2017 Aksar 2 (Sheena)
ඇය කවුද කියලා තවමත් මතක් වුණේ නැත්නම් එයාගේ නම කියන්නම්කෝ. සරීන් ඛාන් තමයි ඇයගේ නම. 1921 හින්දි සිනමාපටයෙහි රෝස්ගේ චරිතයට පණ පොවලා තියෙන්නේ සරීන්. මේ සිනමාපටයෙහි අයුෂ්ගේ චරිතයට පණ පොවලා තියෙන්නේ කරන් කුන්ද්‍රා. 1984 ඔක්තෝම්බර් 11 වැනිදා ඉන්දියාවේ පංජාබයේ ජලේන්දර්වල ඉපදිලා තියෙන කරන් දැනට මුම්බායිවල ජීවත් වෙන නළුවෙක්, නිරූපණ ශිල්පියෙක් සහ වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් ද ලෙසින් කටයුතු කරනවා. මෙන්න මේ සිනමාපටවලත් කරන් තමන්ගේ රංගනයෙන් දස්කම් පෙන්නලා තියෙනවා.
2011 Pure Punjabi (Prem), 2012 Horror story (Neil), 2014 Mere Yaar Kaminey (Ketan), 2015 Control Bhaji Control Dicky, 2017 Mubarakan (Manpreet Sandhu)
1921 හින්දි සිනමාපටයෙහි සප්ත ස්වරයෙන් අලංකාර කරලා තියෙන්නේ හරිෂ් සගානේ, අසාද් ඛාන් සහ ප‍්‍රනීත් මාවලේ විසිනුයි. මේ සිනමාපටයෙහි තියෙන සුන්දර ගී පදවලට තමන්ගේ හඬෙන් සුන්දර ගීත බවට පත කරලා තියෙන්නේ අර්නාබ් දත්තා, අර්ජිත් සිං, ආකංශා ශර්මා, රාහුල් ජේන්, ප‍්‍රනීත් මාවලේ, සහ හරිෂ් සගානේ විසිනුයි.
► Translation — Chandana waravitage