2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

රෑ 12.00ට විෂ් කරලා උද්‍ෙ පාන්දර එයා මාව බලන්න අාවා

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184

චිලී ඔයාගේ උපන් දිනය පසුගියදා තිබුණනෙ... ඇත්ත කියන්න... කවුද මුලින්ම සුබ පැතුවේ...?
ඇත්ත කියන්නද... මුලින්ම ඉතින් සුබ පැතුවේ එයා තමයි. එයාගේ නම රීනි. ඉතින් එයා රෑ දොළහට විෂ් කරලා උදේ පාන්දර අපේ ගෙදර ආවා. ඒ වෙලාවේ මම ගෙදර නිදාගෙනයි හිටියේ. ඉතින් එයා තෑගි ගොඩක් අරගෙන අපේ ගෙදර ආවා.

මොනවද රීනි මේ පාර උපන් දිනයට චිලීට දුන්නෙ...?
මේ පාර එයා මට ෆෝන් එකකුයි, සපත්තු වගයකුයි, තව තෑගි ගොඩකුයි අරගෙන ඇවිත් තිබුණා. එදා දවසේ මගේ අම්මගෙන්, මගේ යාළුවන්ගෙන් තෑගි ලැබුණා. ඉතින් තෑගි ලැබුණටත් වඩා මගේ උපන් දිනය මතක්වෙලා මට ගොඩක් දෙනා සුබ පැතුවා. ඒ ගැන ඇත්තටම තියෙන්නෙ සතුටක්. හැම උපන් දිනයකදීම වගේ මේ උපන් දිනයත් මට සුවිශේෂී වුණා.

හැම අවුරුද්දේම උපන් දිනයටම රීනි චිලීට තෑගි අරගෙන ගෙදර දුවගෙන එනවනෙ. මේ අවුරුද්දෙවත් රීනිව විවාහ කරගෙන ලබන අවුරුද්දේ උපන් දිනය එක ගෙදර සමරන්න හිතුවේ නැද්ද තාම...?
මම තවමත් මගේ තනිකඩ ජීවිතයට හරි ආසයි. ඉතින් විවාහය කියන දේට මම තාම ළඟ නෑ. විවාහ වෙන්න ඕනේ. ඒක මම දන්නවා. හැබැයි තාම ඒකට සුදුසු කාලය නෙවේ. මම තාම හරි ආසයි තනිකඩව ගෙදර ගත කරන මේ ජීවිතයට. විවාහය කියන දේ කවදාද වෙන්නෙ කියන දේ තාම මම දන්නෙ නෑ. ඒක සමහරවිට මේ අවුරුද්දේ වේවි. සමහරවිට ලබන අවුරුද්දේ වේවි. 

රීනි කියන්නෙ නැද්ද චිලීට දැන් විවාහ වෙමු කියලා...?
එයා කෙලින් කියන්නෙ නෑ. හැබැයි වක්‍රාකාරව එයා කියන වෙලාවල් තියෙනවා. ඒක මට දැනෙනවා. ඕනෑම ගෑනු ළමයෙක්ගෙ හීනයක් තමයි විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම. ඉතින් රීනිගේ හිතෙත් ඒ හීනය, ඒ ආසාව තියෙනවා. දැන් අපි යාළුවෙලත් අවුරුදු අටක් වෙනවා. හැබැයි රීනි කවදාවත් අපි බඳිමු කියලා වදයක් වෙලා නෑ. එයා දන්නවා මම එයාට ආදරෙයි කියලා. එයා මාව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නෙ.

රීනි කාලයක් හිටියේ විදෙස්ගතවෙලා නේද...?
ඔව්.. ඒක ඇත්ත. රීනි මා වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරපු කෙනෙක්. මා වෙනුවෙන් එයා ලංකාවේ නතර වුණා. රීනිට මාව විශේෂයි. මට රීනි විශේෂයි. ඒ විශේෂත්වය හැමදාකම තියේවි.

රීනි වැඩිපුරම කැමති මොනවටද..?
රීනි වැඩිපුරම කැමති මාත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න තමයි. එයා මගේ නිර්මාණ බලනවා ඇති. හැබැයි මම ඒ දේවල් ගැන අහන්නෙ නෑ.

ගෙවුණු 2017 අවුරුද්දේ චිලීගේ ජීවිතයට වරින්වර ප්‍රශ්න කීපයක් ඇතිවුණානෙ. ඇත්තටම අද ඒ ගෙවුණු වසර ගැන මොකද හිතෙන්නෙ..?
ජීවිතේ සතුටුදායක සහ අසතුටුදායක දේවල් වෙනවා. ඒක ජීවිතේ එක කොටසක් විතරයි. ජීවිතේ හැමදාම හොඳ දේවල් වෙන්නෙත් නෑ. මම කාටවත් වෛර කරන්නෙ නෑ. මම බොහොම සතුටින් හැමෝම එක්ක ඉන්නවා. මාව දන්න කට්ටිය මාව දන්නවා. නොදන්නා අය මගේ චරිතය ගැන එක එක කතා කියනවා. මම දැන් ඒ දේවල් හිතන්නෙ නෑ. මම මගේ ජීවිතේ හොඳයි කියලා හිතන දේ තමයි කරලා තියෙන්නෙ. මගේ ජීවිතේ පසුතැවීම් කියන දේ හරිම අඩුයි. මේ වෙනකම් මම කරපු දේවල් ගැන පසුතැවෙන්නෙ නෑ. මම කාටවත් කරදර කරන කෙනෙක් නෙමෙයි. මාව දන්න අය මා ගැන තේරුම් ගනීවි.

පුංචි කාලේ ආසාවෙන් හිටියෙත් කලාකරැවෙක් වෙන්නද..?
ඔව්.. ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම නළුවෙක් වෙන්න හරිම ආසාවක් තිබුණා. ඒ වගේම ව්‍යාපාරිකයෙක් වෙන්නත් ආසාවක් තිබුණා. පුංචි කාලේ ඉඳන් නළුවෙක් වෙන්න සින්දු කියන්න පොඩි පිස්සුවක් තිබුණා. හැබැයි ගෙදරින් ඒවාට කැමති වුණේ නෑ. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු දරදඬු චරිතයක්. ඉතින් තාත්තා නැතිවුණාට පස්සෙ නොදැනුවත්වම වගේ මම මගේ ආසාවට ළඟා වුණා.

2018 අවුරුද්දේ චිලීගේ අලුත් නිර්මාණ මොනවද..?
2018 අවුරුද්දේ අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. රියැලිටි තරගයකටත් මම සහභාගි වෙනවා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම විදෙස් ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබිලයි තියෙන්නෙ. කොහොමටත් 2018 වසර කාර්යබහුල වසරක් වේවි. කොහොමත් මම ඒ කාර්යබහුලකමට හරි ආසයි.

 

► Text - Jayamali 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00