හමුදාව කිව්ව ගමන් මතක් වෙන්නේ යුද්ධය නේද? අවුරුදු කීපෙකට කලින් මේ රටත් දරුණු යුද්ධයක් තිබුණු රටක්නේ. ඒ කාලේ නම් හමුදා නිලධාරීන් ගැන මාධ්‍යවලත් හැම වෙලාවෙම කතා කළා. සමහර මාධ්‍ය ආයතන ඔවුන් වෙනුවෙන්ම වැඩසටහන් පවා කළා. ඒත් මේ වෙද්දී ඒවා ඇහෙන්න දකින්නවත් නැහැ.
තමන්ගේ තත්ත්වය උසුලා තබා ගැනීමට හමුදා සෙබළුන් ගැන කතා කළත් යුද්ධයක් නැති වුණාම ඔවුන්ට ඔවුන්ව නොවටිනා දේවල් බවට පත්වෙලා. අපේ රට දරුණු ත්‍රස්තවාදය පරාද කරලා ජයග්‍රහණය කළත් අසල්වැසි ඉන්දියාව හා පාකිස්තානය අතරනම් දේශ සීමාවලට සටන් කරන එක නවතින පාටක් නැහැ. ඒ හින්දමද කොහෙද ඒ රටවල් දෙකම තවමත් යුද හමුදාව ගැන කතා කරනවා. අව් වැසි නොතකමින් අපිව සහ රට ආරක්ෂා කරන්න වෙහෙසෙන හමුදා සෙබළුන් ගැන කියැවෙන කතාවක් ඔන්න සිනමාපටයකට නගලා. ඒ අපේ අසල්වැසි රට ඉන්දියාව තමයි එහෙම කරලා තියෙන්නේ. ඉන්දියාවේ රිපබ්ලිකන් ඩේ ගැන කතාවක්. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නීරජ් පාණ්ඩේ. ඔහුට ඒ නිර්මාණ කාර්ය කරන්නට බර පැන දරන්න කීප දෙනෙක්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අයියාරි කියන ඒ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ශීතල් භාටියා, ධාවල් ගඩා, සහ කරන් ශාහ කියන කීප දෙනා. ඒ වගේම මේ සිනමාපටය ලියලා තියෙන්නෙත් එහි අධ්යක්ෂවරයා වන නීරජ් පාණ්ඩේමයි.
මේ සිනමාපටය අපේ රටේ නිදහස වෙනුවෙන් හදලාද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ ඇයි දන්නවද? අයියාරි සිනමාපටය තිරගත වෙන්නේ අපි අපේ නිදහස් දවස සමරන පෙබරවාරි 04 වැනිදට ආසන්න දවසකයි. ඒ කියන්නේ අයියාරි සිනමාපටය තිරගත වෙන්නේ 2018 පෙබරවාරී 09 වැනිදායි. මේ සුන්දර සිනමාපටයෙහි දර්ශන රූ ගත කරලා තියෙන්නේ දිල්ලි, ලන්ඩන්, කශ්මීර්, කයිරෝ සහ මෝරේ කියන නගරවලයි.
අයියාරි සිනමාපටයෙහි චරිතවලට පණ පොවන්නේ කවුද කියලත් ඔබ කැමත්තෙන් ඇතිනේ නේද? මෙන්න මේ කියන්න හදන්නේ මේජර් ජය බක්ෂි ගැනයි. 1985 ජනවාරි 16 වැනිදා ඉන්දියාවේ දිල්ලිවලදී ජන්මලාභය ලැබූ ඔහු 2010 දී හින්දි සිනමාව හා එක් වුණා. ඔහු රංගන ශිල්පියෙක් වගේම නිරූපණ ශිල්පියෙක්. මේ කියන කෙනා 2010 දී කරන් ජොහාර්ගේ මයි නේම් ඉස් ඛාන් කියන සිනමාපටයෙහි ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. 2012 දී තිරගත වුණු කරන් ජෝහර්ගේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් සිනමාපටයෙන් ඔහු තමන්ගේ සිනමා රංගනය ආරම්භ කළා. මෙන්න මේ ටිකෙන් ඔබට ඔහු කවුද කියන එක මතක් වෙයි.
2010 My Name Is Khan - Assistant director, 2012 Student of the Year - Abhimanyu Singh, 2014 Hasee Toh Phasee - Nikhil Bharadwaj, 2014 Ek Villain - Guru, 2015 Brothers - Monty Fernandez, 2016 Kapoor and Sons - Arjun Kapoor, 2016 Baar Baar Dekho - Jai Varma, 2017 Ittefaq - Vikram Sethi
ඔව් ඔබ හිතුවා හරි. ඔහු නමින් සිද්ධාර්ත් මල්හෝත්‍රා. ඔහු තමයි මේජර් ජය බක්ෂිගේ චරිතයට පණ පොවන්නේ. දැන් කියන්න හදන්නේ කර්නල් අභය සිං ගැනයි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නර්කටියාගංජ් කියන ප්‍රදේශයේදී 1969 අප්‍රේල් 23 වැනිදා උපත ලද ඔහු 1994 වර්ෂයේදී හින්දි සිනමාවට රංගන ශිල්පියෙක් ලෙසින් එක් වුණා. ඔහු තෙළිඟු සහ දමිළ සිනමාවේ චරිතයන්ට පණ පොවන්න තමයි මුලින්ම එකතු වෙන්නේ. දෙවතාවක්ම නැෂනල් අවෝර්ඩ් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක්ම ඔහුගේ නමට ලියාගන්නට ඔහු සමත් වුණු කෙනෙක්.
කැප්ටන් මායා සේම්වාල් කියන්නේ සුන්දර තරුණියක්. මේ චරිතයට පණ පොවන්නේ ඉන්දියාවේ කොල්කතාවල 1986 මැයි 03 වැනිදා උපත ලබා සුන්දර රූ සපුවකට උරැමකම් කියන හින්දම ඒ සම්බන්ධයෙන් පවත්වන තරග රාශියකින්ම ජය ගත්ත තරුණියක්. ඇය නමින් පූජා චොප්රා. මෙන්න මේ සිනමාපටවලත් ඇය චරිතවලට පණ පොවලා තියෙනවා.
2008 Fashion - Special appearance, 2012 Heroine - Special appearance, 2013 Commando - Simrit Sarabjit Kaur, 2016 Yea Toh Two Much Ho Gayaa
රාකුල් ප්‍රීත් සිං සෝනියා ගුප්තගේ චරිතයටත්, කලි ප්‍රසාද් මුඛර්ජී භීමාගේ චරිතයටත් අදිල් හුසේන් මුකේෂ් කපූර්ගේ චරිතයටත් පණ පොවද්දී අයියාරී සිනමාපටයෙහි බාදුරා ඕ ශාස්ත්‍රීගේ චරිතයට පණ පොවන්නේ ඔබ අපි දන්න කෙනෙක්. ඔහු 1950 අගෝස්තු 16 වැනිදා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි බාරාබන්කිවල උපත ලද්දේ නසීර් අල් දින් ශාහ කජාර් නමින්. ඔහු රංගන ශිල්පියෙක් වගේම පරිසර විද්‍යාඥයෙක් ද වෙනවා. පද්ම භූෂණ, පද්ම ශ්‍රී වගේම නැෂනල් අවෝර්ඩ් වැනි තමන් ඉපදුණු දේශයෙහි පිරිනමන ඉහළම සම්මානවලින් ඔහු පිදුම් ලබලා තියෙනවා. ඔහුගේ නම කියන්නත් කලින්ම මෙන්න මේ සිනමාපටවල නම් දුටු සැණින් ඔබට ඔහුව මතක් වේවි.
Paar – 1984, Iqbal - 2006, Junoon-1980, Aakrosh - 1981, Chakra-1982, Bazaar - 1983, Masoom -1984, Katha - 1984, Mandi - 1984, Sparsh 1985, Sir - 1994, Mohra - 1995, Naajayaz - 1996, Chaahat 1997, China Gate - 1999, Sarfarosh - 2000, Iqbal - 2006, Krrish - 2007, A Wednesday! - 2008, The Dirty Picture -2012
ඔබ නිවැරදියි. අපි කවුරුත් දන්නේ ඔහු නස්රුදින් ශාහ් නමින්. අයියාරී සිනමාපටය ගැන කියද්දී ඔබට තව එක්කෙනෙන් ගැන නොකියම බැහැ. එයා අපේ රටටත් කිහිප වතාවක්ම ඇවිල්ලා තියෙන කෙනෙක්. 1955 මාර්තු 07 වැනිදා ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි ශිම්ලාවලදී ඉපදුණු ඔහු රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක්, අධ්යක්ෂවරයෙක්, ගුරුවරයෙක් වගේම සභාපතිවරයෙක්. ඔහු සභාපතීත්වය දරන්නේ ඉන්දියාවේ සිනමා සහ රූපවාහිනී අධ්‍යාපන අයතනයේයි. 1982 සිට ඔහු හින්දි සිනමාවට සම්බන්ධව කටයුතු කරන අතර පද්ම භූෂණ, පද්ම ශ්‍රී ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලැබූ කෙනෙක්.
ඔහු චරිත නිරූපණය කළ සිනමාපටම් රාශියක් තියෙනවා. ඒ අතුරෙන් මෙන්න මේ සිනමාපට ඔබගේත් මතකයේ සටහන් වෙලා ඇති.
1984 Saaransh, 1986 Janam, 1988 Vijay, 1989 Ram Lakhan, 1991 Lamhe, Dil, 1992 Khel, Saudagar, 1993 Darr, 1994 1942: A Love Story, Hum Aapke Hain Koun..!, 1995 Dilwale Dulhaniya Le Jayenge, 1997 Chaahat, 1999 Haseena Maan Jayegi Salaakhen, 2005 Maine Gandhi Ko Nahin Mara, 2010 Wake Up Sid, 2013 Special 26
සිනමා සම්මානයට පාත්‍ර වුණු සිනමාපට කිහිපයක් විතරයි ඒ. මතක් වුණාද කවුරු ගැනද මේ කියන්නේ කියලා. ඔව්... ඔබ නිවැරදියි. ඔහු නමින් අනූපම් ඛේර්. ඒ වගේම කියන්නම ඕන දෙයක් තියෙනවා අනූපම් ඛේර් ගැන. ඔහු විවාහ වෙලා ඉන්නේ හින්දි සිනමාපටවලින් ඔබ දැකලා තියෙන කෙනෙක්වයි. ඇය නමින් කිරන් ඛේර්. අනූපම් ඛේර්ගේ බිරිය කිරන් ඛේර් චණ්ඩිගර්වල පාර්ලිමන්ට් එක නියෝජනය කරන කෙනෙක් කියන එකත් සඳහන් කරන්නම ඕන. අයියාරි සිනමාපටයෙහි තාරික් අලිගේ චරිතයට පණ පොවන්නේ අනූපම් ඛේර්. ඒ වගේම මේ සිනමාපටයෙහි අතුළත් වෙලා තියෙන සියලුම ගීතයන්හි පද මාලාවන් මනෝජ් මුන්තෂීර්ගේ. ඔහු ලිව්ව වචනවලට පණ පොවලා තියෙන්නේ සුනිධි චවුහාන්, පලක් මුන්චල්, අන්කිත් තිවාරී, අමිත් මිශ් රා, නේහා භාසින් සහ රොචක් ඛොහ්ලි විසින්. මේ ගීත සංගීතයෙන් රසවත් කරලා තියෙන්නේ රොචක් කොහ්ලි සහ අන්කිත් තිවාරි විසිනුයි. හමුදා විරුවන් ගැන කියැවෙන ලස්සන කතාවක් රහ කර කර බලන්න තියෙන දවස වැඩි ඈතක නොවන බව මතක් කරමින් අදට සමුගන්නම්.
► Translation — Chandana waravitage