පෙරදාක නුඹ ඇවිත්
නන් දෙඩූ නිම්නයේ
තටු සිඳුණු කුරුල්ලෙක්
හඬනවා හරි දුකින්
කාත් කවුරුත් නැතුව
රහමෙරක් තොල ගෑවේ
මහමෙරක් දුක් කන්ද
ජීවිතේ දොරටුවෙන්
මොහොතකට වීසිකර
ඉසිඹුවක් සැනසෙන්න
ඌ කීවෙ මට එහෙම
එබී ඇස් දෙක අස්සෙ
මම හෙවුව ජීවිතේ
විඩාබර කෙළවරක
තවම ඉකිලනු දැනේ
♦Sara