සෝෂල් මීඩියා අද වෙද්දී ජනතාවගේ මාධ්‍යයක් බවට පත්වෙලා තියෙනවා. මාධ්‍ය කියන දෙයට ජනතාවට බලයක් ලැබෙන දෙයක් බවට පත්වීම හොඳයි. ඒකෙන් පෞද්ගලික මාධ්‍යයක හෝ යම් මාධ්‍යයක ඒකාධිකාරීත්වයක් හෝ ජනතාවට තොරතුරු සැපයීමේ මාධ්‍ය වාරණවලට එක්තරා විදිහක වැටක් බැඳෙනවා. යම් යම් පෞද්ගලික ආයතන තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව මාධ්‍ය හසුරවද්දී ඒවා ඉක්මවා යන තොරතුරැ සන්නිවේදනය වීමේ ක්‍රමවේදයක් සෝෂල් මීඩියා හරහා සිද්ධ වෙනවා.
නමුත් මෙහි තිබෙන විශාල අනතුර තමයි ඒ අතරතුරේදී වැරදි තොරතුරු විකෘති කරන ලද අදහස් සමාජගත වෙනවා. කලාකරුවන් විදිහට එක් පැත්තකින් කලා නිර්මාණ පිළිබඳව වේගවත්ව ජනතාවගේ ප්‍රතිචාර ලැබීම ඉතා හොඳයි. අපේ නිර්මාණ පිළිබඳව හොඳ නරක මේ සෝෂල් මීඩියා හරහා අපිට දැනගන්න පුළුවන්. ඒවා නිර්මාණවේදීන්ට ඊළඟ තමන්ගේ නිර්මාණයන්ට විශාල උදව්වක් වෙනවා.
ඒ වගේම කලාකරුවන්ට අපහාස කරන, කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිත පවා විකෘති කරන අඩු මානසිකත්වයක් සහිත විවිධ මානසික රෝග සහිත මිනිස්සුන් ද මේ සෝෂල් මීඩියා හරහා විවිධ දේ ප්‍රචාරය කරනවා. මේ මාධ්‍යයේ හොඳ නරක දෙකම තියෙනවා. ඒත් බුද්ධිමත්ව, කල්පනාකාරීව පරිහරණය කළොත් සෝෂල් මීඩියා හරහා සමාජ දායකත්වයක් ලබාදෙන්න පුළුවන් වේවි.
සෝෂල් මීඩියා කියන්නේ අලුත් වෙන දෙයක්. තාක්ෂණය ගැන අලුත් අලුත් දේවල් ගැන තොරතුරු දැනගන්න අපි ළඟට ගෙනත් දෙන දෙයක් විදිහට මම සෝෂල් මීඩියා හඳුන්වනවා. කලාකරුවන්ගේ අලුත් නිර්මාණ දැනගන්න පුළුවන් මාධ්‍යයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.
එමෙන්ම කලාකරුවකුට තමන් කරපු නිර්මාණයන් මිනිසුන් අතරට ගෙනියන්න පුළුවන් මාධ්‍යයක් තමයි මේ. හැබැයි සමහරු මේ සෝෂල් මීඩියා වැරදියට පාවිච්චි කරනවා. නමුත් නිවැරදිව පාවිච්චි කළොත්නම් සෝෂල් මීඩියා කියන්නේ ගොඩාක් හොඳ දෙයක්. ඒක පාවිච්චි කරන කෙනාගේ අතේ තමයි තීරණය තියෙන්නේ. සෝෂල් මීඩියා කියන්නේ හොඳ නරක දෙකම තියෙන දෙයක්.
සෝෂල් මීඩියා හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගෙයි. දෙපැත්ත කැපෙන පිහි නූගත් මනුස්සයාත් පාවිච්චි කරනවා. උගත් මනුස්සයාත් පාවිච්චි කරනවා. මේ නිසා සෝෂල් මීඩියා කියන්නේ උගත්, නූගත් දෙගොල්ලොම පාවිච්චි කරන දෙපැත්ත කැපෙන පිහියක්. සෝෂල් මීඩියා සමහරු පාවිච්චි කරන්නේ වැඩක් කරගන්න කියලයි. ඒත්... අවසානයේදී හිතන්නේවත් නැති වෙලාවක අර පිහිය ඇදලා තමනුත් කපාගන්නවා. සමහර චරිත ඉස්මතු කරගන්න සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. හැබැයි අවසානයේදී තමන් කරන දේත් එක්ක තමනුත් කැපිලා යනවා.
ලෝකේ මිනිස්සු සාමාන්‍යයෙන් බුද්ධිමත්ව සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. නමුත් ලංකාවේ ඊට වෙනස්. භාණ්ඩය දීලා තිබුණට හරියට පාවිච්චි කරන ක්‍රමය දීලා නැති නිසා ලංකාවේ බොහෝ දෙනෙක් සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ වැරදියට. ස්මාට් ෆෝන් ආපු පලියට ඒකෙන් මැසේජ් දාන්න, කමෙන්ට් දාන්න පුළුවන් වුණු පලියට ඒකේම එල්ඹගෙන ඉන්නේ නැතිව මේකෙන් සමාජයට යමක් දෙන්න පුළුවන්නම් ඒක තමයි වටින්නේ. ඒ වගේ හොඳ විදියට පාවිච්චි කරන අය ගොඩාක් අඩුයි. මේක හරියට “රිලවට දැලිපිහිය හසුවුණා වගේයි සමහරු පාවිච්චි කරන්නේ.
මේක එක්කෝ උගත් බුද්ධිමත් අය පරිහරණය කරන්න ඕනේ. එහෙම නැත්නම් පරිහරණය කරන පිරිසට පරිහරණය කිරීමේ දැනුම ලබා දෙන්න ඕනේ. ලංකාවට වැරදියට දීපු තුනක් තියෙනවා. වාහන, රූපවාහිනිය සහ සෝෂල් මීඩියා. ඒ ඒ භාණ්ඩය දුන්නට ඒක පාවිච්චි කරන ක්‍රමය හරියට දුන්නේ නැහැ. පාවිච්චි කරන වේලාව, පාවිච්චි කරන්නේ මොකටද කියලවත් දන්නේ නැහැ. ඒකයි වැරැද්ද වුණේ.
සෝෂල් මීඩියා එන්න කලින් පොදුවේ අදහස් දක්වන්න හැකියාවක්, අවස්ථාවක් හැමෝටම තිබුණේ නැහැනේ. මාධ්‍ය සහ ඒ හරහා කතා කරගත හැකි කීපදෙනෙක්ට විතරයි ඒ අවස්ථාව උදාවුණේ. ඒ තුළ සංස්කෘතියක්ද තිබුණා. හදාගත්තු ලේඛක විදි ටිකක්ද තිබුණා.
ඊට පස්සේ මේ සෝෂල් මීඩියා එකතුවීමත් සමඟම හැම මිනිහෙක්ටම තමන්ගේ අදහස් අඩුම තරමේ තුන්හාරසීයකටවත් කියාගන්න පුළුවන් හැකියාවක් ලැබුණා. අපි දැන් ඉන්නේ මේකේ සංක්‍රාන්ති පීරියඩ් එකෙයි. අපි දැන් ඒක දක්වා පරිණාමය වෙමින් ඉන්නේ.
සෝෂල් මීඩියාවල හොඳයි නරකයි දෙකම තියෙනවා. මෙච්චර කල් අපි පුරුදුවෙලා හිටියේ යම් එක් පිරිසකගේ අදහස් අහන්න විතරයි. ඉස්සර නාට්‍යයක් ගැන අදහස් දැනගන්න පුළුවන් වෙන්නේ චැනල්වලට කෝල්කරලා හරි ලියුමකින් ලියාලා හරි විතරයි. ඒක ඇත්තටම ලොකු කාලයක් යන වැඩක්. නමුත් අද සෝෂල් මීඩියා හරහා නාට්‍ය විකාශනය වෙලා විනාඩි කිහිපයක් ඇතුළත ඒ ගැන සෝෂල් මීඩියා හරහා අදහස් කියන්න පුළුවන්. තමන්ගේ අදහස් නිදහසේ කියන්න අද සෝෂල් මීඩියා හරහා ඉඩලැබිලා තියෙනවා.
ඉස්සර විචාරවලට සැලැස්මක් තිබුණා. නමුත් දැන් එහෙම නෑ... නිදහස් අදහස් ලබලා දෙන්න පුළුවන් මාධ්‍යයක් අද හැදිලා තියෙනවා. කෙනෙක්ට අසභ්‍ය වචනවලින් බණින්න පවා නිදහස ලැබිලා තියෙනවා. “කූඹියෝ නිර්මාණයට හොඳ වගේම සමහරු අසභ්‍ය වචනයෙන් බැණලත් තියෙනවා. ඒකත් එක විදිහක්.
මම හිතන්නේ මේ හරහා හොඳයි නරකයි දෙකම තියෙනවා. ඉස්සර දේශපාලනය ගැන තමන්ගේ අදහස් කියන්න මාධ්‍යයක් තිබුණේ නෑ... අද එහෙම නෑ. අද මාධ්‍යයක් තියෙනවා. ඉස්සරහට එන නිර්මාණවේදීන්ට තියෙන ලොකුම අභියෝගය තමයි මේ මාධ්‍ය හරහා තමන්ගේ නිර්මාණය රඳවා තබාගන්නා තැන කොතනද කියලා හිතන එක. ඒක ලේසි වෙන්නේ නෑ.
අද වෙද්දී මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් සෝෂල් මීඩියා කරලා තියෙනවා. මීට කලින් අපි සම්ප්‍රදායික මාධ්‍ය කලාවෙන් මිනිසුන්ට රසවින්දනය කරන මාධ්‍ය ලෙස රූපවාහිනිය, පුවත්පත්, ගුවන්විදුලිය හඳුනාගෙන තිබුණා. නමුත් අද මිනිස්සුන්ගේ අතට ලැබිලා තියෙන සන්නිවේදන උපකරණය තමයි මේ ජංගම දුරකතනය. ඒ හරහා ඉතා ඉක්මනින් තොරතුරු දැනගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා.
අද තියෙන කාර්යබහුල ජීවිතයත් එක්ක මිනිස්සු හරි ඉක්මනින් තමන්ට ලේසියෙන් ලබලා දෙන සෝෂල් මීඩියාවලට ළංවෙනවා. දරුවන්ට අධ්‍යාපනයේදී අවශ්‍ය කරන තොරතුරු පවා මේ ඔස්සේ ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.
හැබැයි සෝෂල් මීඩියා තුළින් අද වෙද්දී ගොසිප් ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා. සෝෂල් මීඩියා හරහා අමු ගොසිප් එළියට ඇවිත්. ඒක නිත්‍යනුකූල ප්‍රසිද්ධ මාධ්‍යයකින් කරන්න බැහැනේ. අද ජනාධිපතිතුමා ඇතුළු රටේ සියලුම දේශපාලනඥයින්ට අසභ්‍ය වචනවලින් බණිනවානේ. ඒක මොනම හේතුවකින්වත් ප්‍රසිද්ධ මාධ්‍යයකින් දමන්න බැහැනේ. එහෙම දැම්මොත් ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් සෝෂල් මීඩියා හරහා එවැනි නීති පද්ධතියක් නැහැ. ඕන කෙනෙක්ට ඕනෑම විදිහකින් අපහාස කරන්න පුළුවන්. ගොසිප් හදන්න පුළුවන්. ඇත්තටම මේ සෝෂල් මීඩියා හරහා මිනිස්සුන්ට පෞද්ගලිකව මිනිස්සුන්ට අපහාස කරන, විවේචන කරන අවස්ථා ඕනෑතරම් සිදුවෙනවා.
කාර්යබහුලත්වයක් එක්ක හිත නිවාගන්න ගීතයක් අහන්න, ෆිල්ම්එකක් බලන්න වගේ දේකදී වුණත් සෝෂල් මීඩියා අපිට උදව් කරනවා. ඉස්සර ගීතයක් ඇහුවේ රේඩියෝවට පෝස්ට් කාඩ් එකක් දාලා හරි කෝල් එකක් දීලා හරිනේ. ඒත්... දැන් තමන්ට හිතුණු වෙලාවට ඒ ගීතය රසවිඳින්න අවස්ථාව සෝෂල් මීඩියා හරහා ලැබිලා තියෙනවා.
ඇත්තටම සෝෂල් මීඩියා කියන්නේ හොඳ වගේම නරක පැත්තටත් යොමු වන මාධ්‍යයක්. ඇත්තටම සෝෂල් මීඩියා කියන්නේ හරියට දැලිපිහිය වගේ දෙයක්.
► Text – Dishani / Pic –Sumudu & Internet