2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

පිටරට වැඩකටත් කතාකළා. මම බෑ කීවා

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 227

16දී බැන්දට දැන් මම දික්කසාද ගෑනියක්

 

සල්ලි ප්‍රසිද්ධිය පස්සේ දුවලා අලුත් මොඩ්ලස්ලා ‍ක්ෂේත්‍රයම කනවා

 

DJ Ashlinට අද මම ආදරේ කරනවා. එයා මේ ‍‍ක්ෂේත්‍රයට හරිම අකමැතියි. මටත් මොඩ්ලින් නවත්තන්නලු

 

ගිය සතියෙත් මට මියුසික් වීඩියෝවකට කතා කළා. ඒ අය කියන්නේ “මියුසික් වීඩියෝ එකෙන් පස්සේ අපි Fun එකක් ගමු. කියලයි. ඇත්තටම මේ දේවල් නිසා මට කලකිරෙනවා

 

ටානියා දැන් කොහේද පදිංචි වෙලා ඉන්නේ...?
මම දැන් පදිංචි වෙලා ඉන්නේ පානදුර ගොරකානේ. පුංචි කාලේ නම් මම හිටියේ ගල්කිස්සේ. මම ඉගෙන ගත්තේ දෙහිවල ශුද්ධ වූ කන්‍යාරාමයේ.

පුංචි කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ නිරූපණ ශිල්පිනියක් වෙන්නද...?
ම්... ඔව්... මම නිරූපණ ක්ෂේත්‍රයට ගොඩාක්ම කැමතියි. මට මතකයි ඉස්කෝලේ යන කාලේදීත් මම ඉස්කෝලේදීත් ෆැෂන් ෂෝ කරනවා. ඉතින් ඒ දේවල්වලට ඒ කාලේ ඉඳන්ම කරපු නිසා ආසාව වැඩි වුණා. ඔහෝම ඉඳිද්දී මට බ්‍රයන් කෝකෝව මුණගැසුණා. එයා මගෙන් මොඩ්ලින් කරන්න කැමති ද කියලා ඇහුවා. ඉතින් ආසාව නිසාම මම කැමති වෙලා ඒ අය යටතේ නිරූපණය හොඳින් හැදෑරුවා.

අද සමාජයේ නිරූපණ ශිල්පිනියන් දිහා බලන්නේ වෙනත් කෝණයකින්. කොටට ඇඳුම් අඳින, ක්ලබ් යන ගෑනු ළමයි නිරෑපණ ක්ෂේත්‍රයේ ඕනෑ තරම්. නිරූපණයට මෙය පොදු දෙයක්ද...?
මෙහෙමයි මොඩ්ල් කෙනෙක් වෙන්න ඕනේම නැහැ කොටට ඇඳලා ක්ලබ් යන්න. ඒක සාමාන්‍ය අයත් කරනවා. හැබැයි ඉතින් බොහෝ දෙනෙක් ඇඟිල්ල දිගු කරන්නේ නිරූපණ ශිල්පිනියන්ට තමයි. අපේ ලංකාවට වඩා යුරෝපීය රටවල්වල නිරූපණ ශිල්පිනියන්ට තැනක් තිබෙනවා. හැබැයි අපේ සංස්කෘතිය නිසාම නිරූපණ ශිල්පිනියන් අද බාල්දු කරලයි මිනිස්සු දකින්නේ.

ඒක සංස්කෘතියේ වරදටත් වඩා අද අලුත් නිරූපණ ශිල්පිනියන් තමන්ගේ ගෞරවය වෘත්තීය ගෞරවය නැතිකරගන්න විදිහට වැඩකරන එක නෙවෙයිද ප්‍රශ්නය?
ඔව්... ඒක ඇත්ත... කොටට ඇඳලා, ක්ලබ් ගියාට මමනම් වරදක් දකින්නේ නෑ. හැබැයි මම නම් කියන්නේ තැනේ හැටියට ජීවත් වෙන්න ඕනේ. අපේ කාලයේ හිටපු නිරූපණ ශිල්පියන්ටත් වඩා අද අලුතින් එන නිරූපණ ශිල්පිනියන් ගොඩාක් වෙලාවට මේ රැකියාව පහත් කරලයි ඉන්නේ. අපේ කාලයේදී අපි වෘත්තියට හරි ආදරෙයි. නමුත් අද බොහෝ දෙනා සල්ලි පසුපස, ප්‍රසිද්ධිය පසුපස හඹාගෙන යනවා. අද ෆේස්බුක් හින්දා ගොඩාක් දෙනා ප්‍රසිද්ධිය පිටිපස්සේ දුවනවා. ඒ නිසා සමාජයේ මේ වෘත්තියට තිබුණු වටිනාකම නැතිවෙලා තියෙනවා. ඒ නිසා නිරූපණ ශිල්පිනියකටත් වඩා ගැහැනියකගේ තියෙන වටිනාකම එයින් නැතිවෙලා යනවා.

ටානියා නිරූපණ ක්ෂේත්‍රයේ ඇවිත් දැන් වසර ගණනාවක් වෙනවනේ... රඟපෑමට අවස්ථාව ලැබිලා නැද්ද...?
ආරාධනානම් ලැබුණා. මම කාලයක් රූපවාහිනි නාලිකාවක නිවේදිකාවක් විදිහටත් වැඩ කළා. හැබැයි ඒ කාලේවත් මට කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. අපි අපේ වෘත්තිය හිරියට හඳුනාගෙන ඒ අනුව ජීවත් වෙනවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි රඟපෑම කියන්නේ වෙනම දෙයක්. නිරූපණ ශිල්පිනිය කියන්නේ තවත් දෙයක්. එක චිත්‍රපටයක් කළාට පස්සේ තවත් ඒවාට යන්න ලැබෙනවා. ඊට පස්සේ ජනප්‍රියත්වය පසුපස තමයි දිවෙන්නේ. ඒකෙන් තමන්ගේ බොහෝ දේවල් බොහෝමයක් ඈත් වෙනවා. ලංකාවේ විතරක් නෙමේ විදේස් නිර්මාණයකටත් මට අවස්ථාව ලැබුණා. හැබැයි මම ඒවා බාරගත්තේ නැහැ. රඟපෑම කියන්නේ මගේ වෘත්තීය නෙමේ.

ඔබ දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්... එහෙම නේද...?
ඔව්... මම විවාහ වෙද්දී මට අවුරුදු දාසයයි. මගේ පළවෙනි පුතාව ලැබෙද්දී මට අවුරුදු දහඅටයි. විවාහ වුණාට පස්සේ තමයි මම ෆීල්ඩ්එකට ආවේ. ලොකු පුතාට අවුරුදු තුනේදී තමයි මම මේ ෆීල්ඩ් එකට ආවේ. අද මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. හැබැයි පෞද්ගලික ප්‍රශ්න නිසා මම කලින් සැමියාගෙන් දික්කසාද වුණා. මේ වෙනකොට මාව හොඳින් තේරුම් ගත්තු කෙනෙක් මට මුණගැහිලයි ඉන්නේ. අපි දෙන්නා ගොඩාක් ආදරෙන් ජීවත් වෙනවා.

ඔහු මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද...?
ඔව්... එයා DJ කෙනෙක්... DJ Ashlin කියන්නේ එයයි. එයාගේ නම උපුල් ගුණතිලක. එයා නම් මගේ වෘත්තියට ගොඩාක්ම අකමැතියි. එයා කියන්නේ දැන් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න කියලයි. මේ ක්ෂේත්‍රය ගැන එයාට තියෙන්නේත් කලකිරීමක්. අලුත් නිරූපණ ශිල්පිනියන් ඇතැමුන් කරන දේවල් නිසා මේ  ‍‍ ‍ක්ෂේත්‍රයම විනාශ වුණා.

කාලයක් ටානියා මියුසික් වීඩියෝවලටත් සම්බන්ධ වුණා...? දැන් සම්බන්ධ වෙන්නේ නැද්ද...?
නැහැ. ඇත්තටම ඒ ගැනත් තියෙන්නේ කලකිරීමක්. ගිය සතියෙත් මට මියුසික් වීඩියෝවකට කතා කළා. ඒ අය කියන්නේ “මියුසික් වීඩියෝ එකෙන් පස්සේ අපි Fun එකක් ගමු. කියලයි. ඇත්තටම මේ දේවල් නිසා මම කලකි‍ෙරනවා. ඒ නිසා මම දැන් කිසිම මියුසික් වීඩියෝවකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇත්තටම දැන් මේ  ‍ක්ෂේත්‍රයේ ඉන්න සමහරු ගැන මට තියෙන්නේ ලොකු කලකිරීමක්. 

 

► Text -Dishani /  Pic -  Malaka Weligodapola

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00