
අපි කවුරුත් සිහින දකිනවා. ඒත් අපි දකින සිහින සැබෑ කර ගන්න උත්සාහ කරන්නේ හරි කීයෙන් කීදෙනාද? ගොඩාක් අය දකින සිහින සිහිනයක්ම වෙන්නේ ඔවුන් සිහින දැක්කට ඒ සිහින ඉටු කරගන්න තියෙන බය හින්දයි. ඒත් තේජි නම් එහෙම කෙනෙක් නෙවෙයි. නිව්යෝර්ක් නගරයේ ජීවත් වුණු තේජී රස්සාවක් කළා. ඒ රිකවරි ඒජන්ට් කෙනෙක් විදියටයි. උදේ හවස රස්සාවට ගිහින් මහන්සිවෙලා වැඩ කරන තේජීට තිබුණේ එකම සිහිනයක්. ඉටු කරගන්න බැහැ වගේ පෙනුණත් ඔහු නම් තමන්ගේ සිහිනය සිහිනයක් නොවී තමන්ගේ ජීවිතය කර ගන්න උත්සාහ කළා. තේජි සිහින දැක්කේ බොලිවුඩ්වල හැමෝම දන්න කවුරුත් ආදරේ කරන දක්ෂ සිනමා නළුවෙක් වෙන්නයි. තෙජී ඒ සිහිනය තමන්ගේ කරගන්න සිහින දකිද්දී මේ නගරයේ හිටිය තව කෙනෙක් ගැනත් කියන්න ඕනේ. ඒ ජීනල් පටෙල්. ඇය ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. කවුරුවත් නොහිතන වෙලාවක බිග් බොලිවුඩ් ඉවන්ට් එකක් නිව් යෝර්ක්වල පවත්වන්න දින නියම වෙනවා. කතාවේ ඉතුරු ටික දැනගන්නනම් ළඟම තියෙන සිනමාශාලාවට ගිහින් වෙල්කම් ටු නිව් යෝර්ක් කියන හින්දි සිනමාපටය නරඹන්නටම වෙනවා. මේ වෙනකොටත් මේ සිනමාපටය රිලීස් වෙලා සාර්ථක ලෙස සිනමාහල්වල ප්‍රදර්ශනය කරනවා. 2018 පෙබරවාරි 23 වැනිදා තිරගත වුණු වෙල්කම් ටු නිව් යෝර්ක් සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ චකි ටොලෙටි විසින්. මේ සිනමාපටය හදන්න බර පැන දරලා තියෙන්නේ මෙන්න මේ කට්ටියයි. ජැකී භග්නානි, දීප් ශිඛා දේශ්මුඛ්, ඇන්ඩ්‍රේ ටෙමින්ස්, විරාෆ් සර්කාරී සහ සබ්බාස් ජෝසෙප් තමයි ඒ කීප දෙනා.
මේ සිනමාපටය ලියලා තියෙන්නේ ධීරජ් රතන්. විනාඩි 117ක ධාවන කාලයකින් යුතු මේ සිනමාපටයට සප්ත ස්වරයන්ගේ කන්කළු නාදයන් මුසු කරලා තියෙන්නේ සජිද් - වජිද්, මීට් බ්‍රෝස් සහ ශමීර් තන්ඩන්. වෙලක්ම් ටු නිව් යෝර්ක් සිනමාපටය ත්‍රීඩී කොමඩි සිනමාපටයක් කියල ලේබලය යටතේ තමයි ප්‍රදර්ශනය වෙන්නේ.
තේජිගේ චරිතයට පණ පොවන්නේ කවුද කියන එකත් ඔයාලා දැන් ගන්න කැමැත්තෙන් ඇතිනේ. 1984 ජනවාරි 06 වැනිදා ඉපදුණු ඔහු පංජාබ් නළුවෙක්, ගායකයෙක් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. ඔහු ගායනා කළා ගීත කිහිපයක්ම ගොඩාක් ජනප්‍රියයි. ඔහුගේ ගීත ගැන කියන්න ගියොතින් මේ පිටුව මදි වෙනවා. ඒ හින්දා ඔහුගේ නම කියන්නම්. ඔහු නමින් දිල්ජිත් ඩොසන්ජ්.
වෙල්කම් ටූ නිව් යෝර්ක් සිනමපටයේ ජීනාල් පටෙල්ගේ චරිතයට පණ පොවන්නේ නම් ඔබ දන්න කෙනෙක්. ඇය හින්දි සිනමා පවුලකින් පැවත එන්නියක් කිව්වොතින් නිවැරදියි. 1987 ජුනි 02 වැනිදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පට්නාවල උපත ලද ඇය මේ වෙනකොටනම් ජීවත් වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්රා ප්‍රාන්තයෙහි මුම්බයි නගරයේයි. එස්. එන්. ඩී. ටී. වුමන්ස් යුනිවර්සිටි එකෙන් උසස් අධ්‍යාපනය හදාරලා තියෙන ඇය සිනමා නිළියක් වගේම ගායිකාවක්. මෙන්න මේ සිනමාපට ගැන කිව්වම ඇය කවුද කියලා ඔබ දන්නවා.
2010 Dabangg (Rajjo Pandey), 2012 Rowdy Rathore (Paro), Joker Diva, Son of Sardar (Sukhmeet Kaur Sandhu), Dabangg 2 (Rajjo Pandey), Lootera (Pakhi Roy Chaudhary), Once Upon A Time In Mumbai Dobaara (Jasmine Sheikh), Bullett Raja (Mitali), R... Rajkumar (Chanda), 2014 Holiday: A Soldier Is Never Off Duty (Saiba Thapar), Action Jackson (Kushi), 2015 Tevar (Radhika Mishra), Force 2 (Kamaljit Kaur), Ittefaq (Maya)
ඔව් ඔබ නිවැරදියි. ඇය ශත්ශෘගන් සිංහා සහ පූනම් සිංහාගේ දියණිය සුරූපී සෝනාක්ෂී සිංහා. සෝනක්ෂී තමයි ජීනාල්ගේ චරිතයට පණ පොවන්නේ.
ඊළඟට මම කියන්න හදන්නේ කරන් සහ අර්ජුන් කියන චරිතට පණ පොවන එකම කෙනෙක් ගැනයි. මෙයා නළුවෙක් කියනවට වැඩිය නළුවන් නිළියන් හදන කෙනෙක් කිව්වොතින් මම නිවැරදියි. 1972 මැයි 25 වැනි දින ඉන්දියාවේ මහරාෂ්ට්රවල බොම්බේ නාගරයේදී ඉපදුණු මොහු මේ වෙනකොට ජීවත් වෙන්නේ මුම්බයි නගරයේ. මොහු නළුවෙක්, අධ්යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක්, තිරපිටපත් රචකයෙක්, කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක් වගේම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. ෆිල්ම් ෆෙයාර් සම්මාන රාශියකින් සහ වෙනත් නොයෙකුත් සිනමා සම්මාන උළෙලවලින් සම්මාන රාශියක් හිමි කරගෙන තියෙන මොහු හැදුව සිනමාපට ගැන ලියන්න ගියොතින් පිටු කිහිපයක්ම වෙන කරන්න වෙනවා. බොලිවුඩයේ රොමෑන්ස් කින්ග් යන විරුදාවලියෙන් හඳුන්වන යාශ් චොප්රා මොහුගේ ඇවැස්ස මාමා වන අතර යාශ් ජොහාර්ගේ සහ හිරූ ජොහාර්ගේ පුතා ලෙසින් කරන් ධර්මා කමා ජොහාර් නමින් ඔහු ඉපදුණත් අපි ඔබ ඔහුව දන්නේ කරන් ජොහාර් නමිනුයි. ඔහු තමයි කරන් සහ අර්ජුන් කියන චරිත දෙකටම පණ පොවන්නේ. ඊට අමතරව රිතේෂ් දේෂ්මුඛ් රිතේෂ්ගේ චරිතයටත්, ලාරා දත්තා සොෆියාගේ චරිතයටත් බෝර්මන් ඉරානී මිස්ටර් ගැරිගේ චරිතයටත් රානාගේ චරිතයට රානා දග්ගුබතිත් සුශාන්ත් ගේ චරිතයට සුශාන්ත් සිං රාජ්පුත් වගේම අදිත්යගේ චරිතයට අදිත්‍ය රෝයි කපූර් පණ පොවනවා. ඊට අමතරව ආරාධිත ශිල්පීන් විදියට මෙන්න මේ කට්ටියම මේ සිනමාපටයට දායකත්වය ලබා දීලා තියෙනවා. දිශා පටානි, නේහා ඩූපියා, ප්‍රීති සින්ටා, තාප්සී පන්නු, ක්‍රිටි සැනොන්, ශාහිද් කපූර්, සිනුල් ශෙට්ටි, ටයිගර් ශ්රොෆ්, සල්මාන් ඛාන්, මෝහිත් සිංහා, කත්රිනා කයිෆ් සහ වරුන් ධාවන් මෙන්න මේ කට්ටියත් මේ සිනමා පටයෙහි ගරු රඟපෑමක නිරත වෙනවා.
මේ රමණීය සිනමාපටයෙහි තියෙන මන බඳිනා ගී පද රචනා කරලා තියෙන්නේ චරන්ජීත් චරන්, කෞසර් මුනීර්, සජිද් ඛාන් සහ කුමාර්. ඔවුන් අතින් ලියැවුණු ගී පදවලට පණ දෙන්න තමන්ගේ මනරම් කට හඬින් ඒවා ගායනා කරලා තියෙන්නේ රහත් ෆතේ අලි ඛාන්, ධවනි භනුශාලි, පායල් දේව්, දිල්ජිත් දොසන්ජ්, සජිද් ඛාන්, මිකා සිං, ඛුෂ්බූ ගේ්රවල්, ශමීර් තන්ඩන් සහ බෝමන් ඉරානී.
► Translation — Chandana waravitage