2018 මාර්තු 03 වන සෙනසුරාදා

කවුරුත් අපෙන් වැඩක් ගත්තෙ නෑ ඒ හින්දා රටින් යනවා...

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

විනෝද් මුලින්ම කියමුකෝ ඔයාගේ ගම් පළාත කෙහේද?
මම ඉපදුනේ මාතර බෙලිඅත්තේ. හැබැයි ඊට පස්සේ අපි කොලොන්නාවට පදිංචියට ආවා. මම ඉගෙන ගන්න ගියේ කොලොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලයට.

කොහොමද නිරූපණ ක්ෂේත්‍රයට ආවේ?
මම කායවර්ධන උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා. අද වෙද්දී මම බොහෝ දෙනෙක්ට මේ සම්බන්ධව උගන්නලා තියෙනවා. ඉතින් එහෙම වැඩ කරද්දී බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කළා නිරුපණ ක්ෂේත්‍රයට එන්න කියලා. ඉතින්, ඒ නිසාම තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ. අනික පුංචි කාලේ ඉඳන්ම මගේ ලොකුම ආසාව වුණේ යමක් කතා කරන චරිතයක් වෙන්නයි. මට ඕන වුණේ ලංකාව නියෝජනය කරන චරිතයක් වෙන්නයි. මගේ රට නියෝජනය කරන චරිතයක් වෙන හීනය තාමත් මගේ හිතේ තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම මගේ ආසාව වුණේ කාය වර්ධන ශිල්පියෙක් වෙන්නයි. මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගත්තොත් ව්‍යායාම් කර කරයි.

විනෝද් ගීතයක රූප රචනාවකටත් පෙනී හිටියා නේද...?
ඔව්.... එහෙම එක් අවස්ථාවක් මට ලැබුණා. තව එකක් ඇවිත් ඒ අවස්ථාව බාරගන්න මට බැරිවුණා. ඊට අමතරව මට කෙටි චිත්‍රපටයකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි මගේ වෘත්තිය ශාරීරික යෝග්‍යතා පුහුණුකරු වෘත්තියයි. මට මේ වෘත්තියෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. මගේ උපාධියත් තියෙනවා. ඒක කරන්නත් ඕනේ.

මොනවද ඊළඟට තිබෙන බලාපොරොත්තු?
ලංකාවේ තාමත් මගේ වෘත්තියට ලොකු තැනක් නැහැ. මගේ තියෙන දක්ෂතා ප්‍රයෝජනයට ගන්නනම් මම ලංකාවෙන් වෙනත් රටකට යන්න ඕනේ. ඒ සඳහා මේ දවස්වල මහන්සි වෙනවා. මම නිරූපණ ශිල්පියට වඩා මගේ වෘත්තියට ආදරෙයි. මම ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙකු ලෙසින් විදෙස් ගත වෙන්න බලාපොරොත්තු වෙනවා. එහේ ගිහින් රැකියාව කරන ගමන් මම Fitness Model කෙනෙක් විදිහට ජාත්‍යන්තරයට ලංකාව නියෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව වන්නේ.

 

► Text —Jayamali / Pic – Internet