facebook - අද ඒකත් ජාතික ප්‍රශ්නයක් වගේ. මුළු රටම ආර්ථික වශයෙන් අගාධයකට ඇද දැමූ බැඳුම්කර ප්‍රශ්නය තවමත් එතනමයි. බැඳුම්කර ප්‍රශ්නය, ව්‍යවස්ථා සංශෝධන ප්‍රශ්නය, ආර්ථික දේශපාලන සමාජයීය වශයෙන් රට අරාජික වීම, ජාතිවාදී හිස එසවීම් කී නොකී දාහක් ප්‍රශ්න සමඟ මිරිකී පෙරී එන ජනතා පීඩනය, මේ සියල්ල අතරේ facebook වාරණය. යහපාලන ආණ්ඩුව ය නමින් ලද භෟෙතීස්මය දැන් වෙනත් වචනවලට පරිවර්තනය වෙනවනම් එය අැත්තටම බරපතළ ප්‍රශ්නයක්. මහනුවර ඇති වූ අරගලකාරී වාතාවරණය සම්බන්ධව අද වෙද්දී පොලීසියටත් ෙචා්දනා එනවා. කොහොමනමුත් නියපොත්තෙන් කඩලා දාන්න තිබූ දෙය පොරවෙන් කපලා දාන තැනට මේ ගැටුම්වලට වැවෙන්න හැරිය හැම පාර්ශ්වයක්ම මේ ගැටුමට වගකියන්න ඕන. අනිත් කාරණය මේ රටේ අති බහුතරයක් සිංහල, දෙමළ මුස්ලිම් ජනතාව අතරේ තියෙන්නේ සහෝදර බැඳීමක්. රට බෙදන ව්‍යවස්ථා මුස්ලිම් කලාප ඊළම ඉල්ලන්නේ අති බහුතර දෙමළ හෝ මුස්ලිම් ජනතාව නෙවෙයි. අන්තවාදී පාර්ශ්ව කිහිපයක් හා පටු මතවාදී දේශපාලනඥයන් කිහිප දෙනෙක් විතරයි. කලාප වශයෙන් බෙදන්න තරම් ඉඩක් නැති පුංචි රටේ මිනිස්සුන්ට ජාති ආගම් වශයෙන් නොබෙදී සමාන මිනිසුන් ලෙස ජීවත් වීමේ වටපිටාවක් නිර්මාණය වුණානම් මේ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා. ඒත් මේ රට බාරගන්න පාලකයන් තමන්ගේ පැවැත්ම සහ ධන උල්පත් වෙනුවෙන් ප්‍රශ්නවලට වැවෙන්න ඉඩ හැරිය එක විතරයි අද වෙද්දී කරලා තියෙන්නේ.
නුවර සිංහල - මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරලා ආණ්ඩුව ජාතිවාදී ප්‍රකාශ ප්‍රචාරය කරනවා කියන චෝදනාව මහජනතාවට නගලා Facebook, WhatsApp, Viber අවහිර කරලා සෑහෙන දවසක්. මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මිනිස්සුන්ට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න අවස්ථාවක් නෑ. මිනිස්සුන්ට වාරණයක් නැතුව නිදහසේ තමන්ගේ ඕනෑම සිතුවිල්ලක් මුදාහරින්න තිබුණු මාධ්‍ය තමයි Facebook. තමන්ගේ පීඩනය නිදහස් සිතුවිලි ආකල්ප මේ මොනදේ වුණත් මිනිස්සු ඒ තුළ නිදහසේ මුදාහැරියා. එක අැත්තක් තිබුණා. මිනිස්සු ඕන දේටයි එපා දේටයි චාරයක් විචාරයක් නැතුව Facebook පාවිච්චි කළා. Facebook භාවිතයේදී විතරක් නෙවෙයි කන්න බොන්න තැනකට ගියත් පාරේ ඇවිදගෙන ගියත් එහෙම චාරයක් ස්වයං විනයක් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තුළ නෑ. ඒත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳලා වැඩක් නෑ. ආණ්ඩුව එක ගලෙන් කරුල්ලන් දෙන්නෙකුටම විද ගත්තා කියලයි ජනතාවගේ මතය. බැඳුම්කර මගඩිය, ව්‍යවස්ථා උගුල කී නොකී තවත් කෙරුවාවන්ට Facebook හරහා වැදෙන පාරවල්, ඒ වගේම ආණ්ඩු විරෝධී ජනමත ගොඩනැගෙන අවස්ථා අරගලය පිටින් දාලා ආණ්ඩු යටපත් කරන්න උත්සාහ ගන්න බවක් පැහැදිලිවම පේන්න තියෙනවා. Facebook භාවිතය සම්බන්ධයෙන් අවුරුදු 18ක දරැවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරන් නැටුවොත් බලාගෙනයි කියන අනතුරු ඇඟවීමත් ආණ්ඩුව ජනතාවට කළා. ඒත් එක ඇත්තක් කවුරු කවුරුත් තේරුම් ගත යුතුයි. මොන යකඩ විලංගු දාලා හිර කළත් යන යකා කොරහත් බිඳගෙන යනවා. ඒ වගේම ජනතාවට දාපු තහනම වගකිවයුත්තන්ට වලංගු නැති බවත් ඔප්පුවෙලා ඉවරයි. කොයි විදිහේ වාරණ දාලා හිර කරන්න කොටු කරන්න ගියත් ඕනෑම පීඩනයක් පුපුරා යන අවසන් නිමේෂයත් හරි භයංකාරයි.
සාමාන්‍ය දුරකථන ඇමතුම් ඔස්සේ විශාල වියදමක් දරන්න වෙන නිසා විදෙස්ගතව ඉන්න තමන්ගේ නෑදයන් මිත්‍රයන් එක්ක හුඟක් අය කතා කරන්නේ Viber, WhatsApp හරහා. ඒ අය මේ වාරණයත් එක්ක විශාල ගැටලුවකට මැදි වුණා. Online business ඇතුළු මිනිස්සු මෙකී සන්නිවේදන ක්‍රම හරහා සිදුකළ ව්‍යාපාරවලටත් සෑහෙන පහරක් වැදුණා.
අවසන් වශයෙන් කියන්න තියෙන්නේ අවසන් පිපුරුම කියන්නේ ඉවසීමක අන්තිම තත්ත්පරය. ඒ තත්ත්පරය කොච්චර භයංකාරද කියලා අනාවැකි කියන්න කාටවත් බෑ.
I Saara